ආදරෙන් තුරුළු කරන්
සෙනෙහසින් මා බදා
මාව නැළෙව්වා මතකයි
මා සිහිසුන් වැටුණ වෙලේ
මා හිස උකුලෙ තියන්
රහසින් හැඬුවා මතකයි
මා යුවතියක වෙලා
පතිකුලයට යන දවසේ
දුන් ඔවදන් මතකයි
මගේ දයාබර අම්මේ...
මගේ දිවි ඇති තුරා
ඔබට ණයයි අම්මේ....
මොකක්ද විශේෂයක්ද
ReplyDeleteවිශේෂයක් නැහැ. කළින් මවකට දැනෙන දරු සෙනෙහස ගැන ලිව්ව වගේ මෙවර හිතුනා දරුවෙකුට දැනෙන මව් ගුණ ගැන ලියන්න.
Deleteඅම්මගේ උපන්දිනේද නැත්නං හදිස්ස්යේම අම්මට ආදරය වැඩි උනාද??
ReplyDeleteඋපන් දිනේ නම් සැප්කැම්බර්වල. අකුරු ටිකක් නැති නම් වචන ටිකක් ගැට ගහගන්න පුළුවන් නම් වල් පල් හෑලි ලියන අතරේ ගුණ සුවඳ, ආදරය සෙනෙහස ගැන ලිවීම කළ යුතුයි.
Deleteඅද සුපුරුදු ලිපි පෙලින් මිදිලා, විශේෂ සටහනක් තියල වගෙ.
ReplyDeleteඊයේ රෑ නෙතු අද්දර 28 කොටස දැම්මට පස්සෙ, හදිසියේම හිතුනා මව් ගුණ ගැන ලියන්න. ඇයි නෙතු අද්දර දැක්කෙ නැද්ද?
Deleteඒක දැක්කෙ දැන්. !!
Deleteසාමාන්‍යෙයන් පති කුලයට යන දවසේ අම්මලාට උපදෙස් දිදී ඉන්න පුළුවන් වෙයිද, මුළු දවසම අඩ අඩා ඉන්නව ඇරෙන්න. අම්මලා රහසින් අඩනව මං නම් කවදාවත් දැකල නෑ. රහසින් අඩනව ඒත් කදුළු බේරෙනව
ReplyDeleteනිර්මාණයකදී //රහසින් හැඬුවා// වගේ යෙදුමි යොදනවා.
Deleteඇත්ත ඇත්ත පුංචි විහිළුවක් අනේ
Deleteමගේ දිවි ඇති තුරා
ReplyDeleteඔබට ණයයි අම්මේ....///
මෙක නම් ඇත්ත ..
ඔව්. සමහර වෙලාවට අපි අම්මලා එක්ක රණ්ඩු කරනවා. ඒත් පස්සෙ දුක හිතෙනවා.
Deleteම්ම්ම්ම්...
ReplyDeleteහුග දවසකින් පුංචි වෙනසක්...
ලස්සන කවියක්... සංවේදී සටහනක්
ස්තූතියි.මහේෂ්! //සංවේදී සටහනක්// මං ඒකට කැමතියි.
ReplyDeleteතරුගෙන් ආයෙත් කවි, මේ තාම පොත නැද්ද තරු...
ReplyDeleteඔන්න ඉවාන් හැමදාම අහන සුභ ආරංචිය. පොත ආවෝ.... ඉවාන් නිරන්තර අවධානයෙන් හිටියට ස්තූතියි.! දොරට වැඩීම අප්‍රේල් අග හෝ මැයි මුල සතියේ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී. ඔන්න ආරාධනා කරනවා සහභාගිවීම අගේකොට සළකනවා
Deleteප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි .......වෙලාවට කියන්න අනිවා එනවා ..සුභ පැතුම් තරු
Deleteදොරට වැඩුම මැයි 09 වෙනිදා. දිනය වෙන් කරලා තියාගන්න. ඉවාන් නිතරම පොත ගැන අහපු නිසා ඔයාට ආරාධනා පතක් එවන්න ලිපිනයක් කියන්න. නැතිනම් පොදු ආරාධනාවක් බුකියේ හැමෝටම යන විදිහට දානවා.
Deleteපුළුවන් තරුට පුළුවන් නම් මේ මේල් ඇඩ්‍රස් එකට මෙලක් දාන්න එවන්නම්
Deleteprageeth99236@gmail.com
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා..
ReplyDeleteඒක ඇත්ත උමේෂ්. ලෝකය ගැන මුල්ම පාඩම කියා දෙන්නේ අම්මා යි.
Deleteඅම්මා මගේ ජීවිතයයි....බඩට නොකා අපට කවා අප හැදු අම්මේ....මගෙත් ආයුගෙන ඔබ ජීවත්වෙන්න. මගේ අහිංසක පැතුම එයමයි.
ReplyDeleteඅම්මලා වයසට ගියත් අපිට කවදාවත් හිතෙන්නේ නෑ එයාලා වයසයි කියලා. බැරි මරගාතෙ හරි දරු මුණුබුරන් වෙනුවෙන් කැපවෙනවා.
Delete