Thursday, July 2, 2015

බුදුරජාණන්වහන්සේ අංගවිකල කළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා බෞද්ධ සංස්කෘතිය



කාලයක් පුරා මගේ හිතේ කැකෑරෙමින් තිබූ පැනයකි බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ බෞද්ධ ඉතිහාසය ලියා තිබෙන ආකාරය ගැන. මේ ගැන මට හිතෙන දේ ලියන්න බොහෝ වාර ගණනක් හිතුවද, ඒ අදහස දිනෙන් දින පස්සට ගියේ මෙය තරමක් සංවේදී මාතෘකාවක් වන නිසායි. ඒත් තවදුරටත් මේ ගැටළුව හිතේ තියා ගෙන සිටිය නොහැකිය. මා එය මෙසේ  ඔබට ඉදිරිපත් කරන්නම්,

අපි පාසැල් යනකාලේ ඉගෙන ගන්නවා බුදුහාමුදුරුවෝ, රාහුල කුමරු පැවිදි කරවපු බව, නන්ද කුමරු පැවදි කරවපු බව, සේම වෙස්සන්තර රජුව සිට තම දරුවන් දන් දීම යනාදී කරුණු. මා හිතන විදිහට නම් අප බෞද්ධ සංස්කෘතියට මේ එකතු වී තිබෙන කරුණු ගැන සලකා බලන කළ, බුදුන් වහන්සේ කටයුතු කර තිබෙන්නේ ආත්මාරථකාමී ඒකාධිපතියකු ලෙසයි.  මහා කාරුණිකයාණෝ කියන විරුදාවලිය ලත් උන්වහන්සේ එවැනි ක්‍රියාවක් කරයිද? එසේම බුදුන් වහන්සේ අසම සම වූ සේක. සියල්ල දත් සේක නම්, රාහුල කුමරු සහ නන්ද කුමරු ඔවුන්ගේ මව්වරුන්ගේ අවසරයකින් තොරව හිතුමතේට මහණ කරාවිද? සියල්ල දත් සේක නම් උන්වහන්සේට එම අවස්ථාවේදී තමන් වහන්සේ මේ කරන්නේ වැරදි ක්‍රියාවක් බව නොවැටහුණේද? පසුව දෙමව්පිය අවසරයකින් තොරව දරුවන් මහණ කිරීමට තහංචියක් දමන්නට තරම්. ජාලිය සහ ක්‍රිෂණජිනා දරු දෙදෙනා මෙහෙකාරකමට දන්දෙන්න පියෙකුට හැකිද?  සාමාන්‍ය සමාජය තුළ මෙවැන්නක් වුවහොත් කාගෙ කාගෙත් මුවගට නැගෙන පැනයයි ඒ. මේ තත්ත්වය වඩාත් බැරෑරුම් වෙන්නෙ බුද්ධත්වය පතන්නෙකු අතින් එවැන්ක් සිදුවීමය.

අප බුදු රජාණන් වහන්සේට සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකුගේ ශරීරයේ නොපිහිටන්නා වූ අංග ලක්ෂණ 32  ක් තිබූ බවට  දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය,  දිඝ නිකායේ මහාපදාන සූත්‍රය,  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ ද්‍රෝණ සූත්‍රය, සේල සූත්‍රය, බ්‍රහ්මායු සූත්‍රය පමණක් නොව පාලි ත්‍රිපිටකයේද සඳහන් කර ඇත

වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භයේ දී බුදුගුණ වැනුමේදී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ගැන මෙසේ සඳහන් කර තිබේ.

සියපින් සිරින්                    සරු
දෙතිස් ලකුණින් විසි          තුරු
කෙලෙසුන් කෙරෙන්         දුරු
වඳිම් මුනි උතුමන් තිලෝ   ගුරු

         මෙම තෙදිස් ලක්ෂණ ගැන කියවාගෙන යද්දී මට හැඟුන දෙයක් තමයි, අපි මහා ඉහළින් වර්ණනා කළාට මෙහි තිබෙන සියල්ලම නොව සමහර ලක්ෂණ ගත් කළ බුදු හාමුදුරුවෝ අංගවිකල තත්ත්වයට පත් කරලා නේද කියා. 

ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්‍ෂණයෙන් කියවිණි. ජාලයනු දැල යන අර්ථයයි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්‍ෂණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්‍ෂණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමප‍්‍රමාණව අත්පාවලින් යුතු බව කිය වේ.


ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති

නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්‍ෂණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය.

චත්තාලීස දන්ත
මහා පුරුෂයාට සමසතළිස් එනම් දත් 40ක්  පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි .

සමදන්ත
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි 
 .
පහූත ජිව්හො
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.

අභිනීලනෙත්ත
මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි  .

උණ්ණා (ඌර්ණ රෝමය)
දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග‍්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්ය.

මෙවන් පුරුෂ ලක්ෂණ පිහිටන්නේ සක්විති රජකමට පත්වෙන අයෙකුට හෝ බුද්ධත්වයට පත්වන්නෙකුට පමණක්ම වන බැව් කියැවේ. එසේම මෙවන් ලක්ෂණ පිහිටන්නේ පෙර ආත්මභවවල සිදුකර ඇති පින්මහිමෙන් බව ද කියැවේ.
එහෙත් බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ අතරින් ඉහත දක්වා ඇති මා විසින් තොරාගත් ලක්ෂණ කිහිපය බුදුරදුන්ට සිතෙන් ආදේශ කර බලන්නෙකුට මැවෙන්නේ අංග විකල මිනිස් රුවකි.

බුදුරදුන් සාමාන්‍ය මිනිසෙකුට වඩා වෙනස් වූවා විය හැක. එකල ලිවීමේ ක්‍රම වේදයක් නොමැති වූ නිසා සියල්ල මුඛ පරම්පරාවෙන් ආවා වෙයි. එසේ පැමිණෙද්දී උන්වහන්සේ ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමට මෙවන් ලක්ෂන එක් කළා විය හැක. එහෙත් ඒ තුළින් උන්වහන්සේගේ සැබෑ රූපයට සිදුව ඇති අවමානය ගැන කිසිවෙකුටත් සිතී නොමැති බවකි, ඒ සම්බන්ධව ලියැවී ඇති සෑම සූත්‍රයකින්ම කියැවෙන්නේ.  මේ වූ කලී බුද්ධ චරිතයට නිගා දෙන මෙවන් අවස්ථා දැන්වත් නිවැරදි විය යුතුයයි මගේ හැඟීම.

(නිවැරදි කිරීමක්- වෙස්සන්තර රජුගේ දරු දෙදෙනා ජීවහත්ත සහ දිසාලා ලෙසින් වැරදීමකින් සඳහන් කරතිබීම ජාලිය සහ ක්‍රිෂ්ණජිනා ලෙස නිවැරදි කර ඇත. එම වරද පෙන්නා දුන් අමුතු සිතුවිලිවලට ස්තූතියි!)

16 comments:

  1. බෞද්ධ සාහිත්‍යයේ ගොඩක් තැන් බුද්ධ දර්ශනට විරුද්ධවයනවා කියලා පේන්න තියෙනවා හැබැයි එවා ඕන නෑ බුද්ධ දර්ශන දිහා බැලුවාම ඇති මට නම් හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බුදුන්ගේ දර්ශනයේ ගැටළුවක් නෑ. ඒත් මෙවන් දෑ ගැන ශත වර්ෂ ගණනාවක් ගිහිනුත් අදාල පාර්ශව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි කියලයි පුදුමේ.

      Delete
  2. ජීවහත්ත සහ දිසාලා මෙතනට අදාළ නෑ.ජාලිය හා ක්‍රිෂ්ණ ජිනා තමයි දන් දුන්නේ.අනික ඒක බෝධිසත්ව කාලේ දෙයක්.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක කියන්නමයි හිටියෙ.
      වැරැද්දක් කරල නෙව. ආවේගශීලි වෙලා වැඩියි කියල මට හිතුනෙ.
      Its a big mistake pls correct it

      Delete
    2. Yes, corrected. Thanks

      Delete
    3. Amuthusithuwili වැරැද්ද පෙන්වා දුන්නට ස්තූතියි. නිවැරදි කෙරුවෙමි. කුවේණියි, වෙස්සන්තරයි පැටලිලා.ඒත් වෙස්සන්තර, බෝධිසත්ව කාලෙ කතාවක් නම් නෙවෙයි. බුද්ධත්වය ලැබීමට පෙර අවසානයට ඉපදුන ආත්මයයි වෙස්සන්තර රජු වීම.

      Delete
    4. //ඒත් වෙස්සන්තර, බෝධිසත්ව කාලෙ කතාවක් නම් නෙවෙයි//

      තරු, බෝධිසත්ව කාලේ කියන්නේ බුද්ධත්වය ලැබෙන්න කලින් ඕනෑම අවධියක් නේද? සිදුහත් කුමාර අවධිය කියන්නෙත් බෝසත් අවධියම තමා. වෙස්සන්තරත් එහෙමයි.

      Delete
    5. //බෝධිසත්ව කාලේ කියන්නේ බුද්ධත්වය ලැබෙන්න කලින් ඕනෑම අවධියක් නේද?// ඔව් සයුරි. වෙස්සන්තර රජු ලෙස ඉපදෙන්නේ... බුදුහාමුදුරුවන්ගේ අවසාන බෝධිසත්ව අවධිය වූ සිදුහත් කුමාර අවධියට පෙර භවයයි.

      Delete
  3. මේවා සාකච්ඡාවට බදුන් විය යුතු තැන් තමා... නමුත් අාගමික කාරණාවන් නිසා භක්තිය පදනම් ව මේවා ගැන කතා කරන්නේ නැහැ......

    ReplyDelete
    Replies
    1. මං හිතනවා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ව වැඩියෙන්ම මුලා කරන්නේ ඔවුන් අදහන ආගම් කියලා.

      Delete
  4. බුදුහාමුදුරුවොම කියල තියෙනව නෙව
    ඇසින් දුටුවට කණින් ඇසුවට උන් වහන්සේ කියුවට පවා විස්වාසයට නොගන්න කියල
    අපි වුණත මහා පුරුෂයෙක් දැකල නෑනෙව. ලේඛන ගත ප්‍රවාද පමණයි ඉතිරිව ඇතිතෙ
    ගත යුත්ත විචක්ෂණශීලීව තෝරා ගනිමින් අනෙක් දේ බැහැර කරන්න
    සියල්ල දෙස මධ්‍යස්ථ වන්න.
    බොහෝ ගැටළු වලට උත්තර ලැබේවි

    ReplyDelete
    Replies
    1. 1) //ලේඛන ගත ප්‍රවාද පමණයි ඉතිරිව ඇතිතෙ.// ලේඛන ගත කරපු කවුරු හරි කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ට අපහාස වන විදිහට. අපි දෑසින් දැක නැති බැව් සත්‍යක්. ඒත් උන්වහන්සේව වර්ණනා කර ලියන ලේඛනයේ අවමන් සහගත කරුණු නොලියා සිටින්න තිබුණා. මොකද අපේ හාමුදුරුවොත් මේ කරුණු ගෙඩි පිටින් වදාරන්නේ හරියට දැකලා වගේ. අපිට කරන්න දෙයක් නෑ තමයි. ඒත් කවදා හරි දවසක මේවා නිවැරදි විය යුතුව තිබුණා/තිබේ යයි මගේ අදහස.
      2) //සියල්ල දෙස මධ්‍යස්ථ වන්න.බොහෝ ගැටළු වලට උත්තර ලැබේවි// බුදුවදන එ පරිද්දෙන්ම පිළිපදිනවනම් ඒ දේ මුලින්ම ආදේශ විය යුත්තේ අපේ දේශපාලනයට.

      Delete
  5. මේ පසුකාලීන රචකයනේගේ මනඃකල්පිතයන වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. බුදුන් ගෙ කාලේ ලිවීමක් තිබුණේ නැහැනේ. මේක කපුටු පිහාට්ටේ කතාව වගේ. කොහොම හරි ලියුවෙ කවුද කියලා නම් දන්නෙ නැහැ. හැබැයි ලියපු එක්කෙනා සැබෑ බෞද්ධයෙක් නොවිය යුතුයි. දැන් බෞද්ධ මුලින්ම සිංහලෙන් මුදුණය කරපු ලියවිල්ල බයිබලේ.

      Delete
  6. අතිශයෝක්තියෙන් ලියපු ඔනෑ තරම් දේවල් බෞද්ධ සාහිත්‍යයේත් තියනවා. කොහොමත් අපේ හාමුදුරුවෝ උනත් බුදු වදන ඒ හැටියටම පිළිපදින්නේ නැහැ නේ. අපේ රටේ නිකාය භේදයක් ඇති උනේ කොහොමද කියලා අදටත් මට තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සාමාන්‍ය ගිහියන්ට වඩා සමහර භික්ෂූන් වහන්සේලා කාමසුඛල්ලිකානු ජීවිත ගත කරනවා.

      Delete