Showing posts with label පැදි ගෙත්තම්. Show all posts
Showing posts with label පැදි ගෙත්තම්. Show all posts

Wednesday, July 30, 2014

කිමද ඈ කළ වරද

ඊනියා ප්‍රේමයක පැටලී
හුදකලා වූ මං තලාවක
තනි වූ නිමේෂයක
රාග ගිනි ඇවිළුනී
නොදැක දුරක්
සිහින ලොවක පැටලී
ගෙවුන කල මාසයක්
පිළිසිඳ කුස කළලයක්
සිතුවත් වනසන්නට
බැරිව, වීය එය කරුමයක්
ඉකුත්ව ගොස් දස මසක්
බිහිකළා කිරිකැටි බිළීඳියක්
ගැලවීමට නිසිමගක්
සොයමින් ගෙවූ  කාලයක්
ලැබීය සිතට සැනසුමක්
හිනැහුණා රැජින
එකපෙළට දසවරක්
අහිමිව කිරි බිඳට අයිතියක්
යන්න ගියා ඈ
හිමිව අන්සතු සෙනෙහසක්

Sunday, March 23, 2014

මට මතකයි....




ආදරෙන් තුරුළු කරන්
සෙනෙහසින් මා බදා
මාව නැළෙව්වා මතකයි
මා සිහිසුන් වැටුණ වෙලේ
මා හිස උකුලෙ තියන්
රහසින් හැඬුවා මතකයි
මා යුවතියක වෙලා
පතිකුලයට යන දවසේ
දුන් ඔවදන් මතකයි
මගේ දයාබර අම්මේ...
මගේ දිවි ඇති තුරා
ඔබට ණයයි අම්මේ....

Friday, March 14, 2014

තව ජීවිතයක්...


නිල් සයුරට මුතු කැටය ලෙසේ
මහ පොළවට මිණි කැටය ලෙසේ
මගේ ලොවට නුඹ රජෙකි පුතේ
දැනුනා මට මහ ආදරයක් //

මැවුණා දහසක් පැතුම් හදේ
කරනට හොඳ මිනිහෙක් මෙරටේ
නුඹ මගෙ කුස වෙත ආව දිනේ
දුටුවා කිරි සුදු ඇත් රජිඳෙක් //

නිල් අහසට හිරු මඩල ලෙසේ
තරු අහසට සඳ කිරණ ලෙසේ
ඔබ මගේ ලෝකෙට පැමිණි දිනේ
ලැබුණා මට තව ජීවිතයක් //