“මගේ කුළුඳුල් නවකතාව“ මැයෙන් බ්ලොග් පෝස්ට්ටුවක් දැම්මා මතක ඇති. ඔන්න එහි සඳහන් වූ නවකතාව මුද්‍රණද්වාරයෙන් නිකුත් වුණා. එය දොරට වැඩීමේ උත්සවය ඉදිරියේ දිනක පැවැත්වීමට කටයුතු යොදාගෙන යනවා. ඒ පිළිබඳ ලාංකීය බ්ලොග් රචකයන්ටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි අපේ ළමා කාලය තරුණ කාලය ගෙව්වේ ත්‍රස්තවාදය සමග. හැමදාම ම්ලේච්ඡ ප්‍රභාකරන් විසින් මරා දමන ලද මිනී බලමින් තමයි අප ජීවත් වුනේ. අප හැමෝම සෘජුව හෝ වක්‍රව ත්‍රස්තවාදයේ ගොදුරු වූහ. ඉන් අපේ පරම්පරාව විදෙව්වා. මහජනතාව ගැවසෙන ඕනෑම තැනක හිටියේ මර බියෙන් වට පිට බලමින්. දැන් ඒ මරබියෙන් අපි නිදහස්ව තිබුණත් ඒ අතීතය අමතක කළ නොහැක. දුටුගැමුණු රජතුමා, විජයබාහු රජතුමා සතුරන් පරාජය කරපු නොදුටු අතීතයක් ගැන මහ උජාරුවෙන් අපි කතා කරනවා, ලියනවා. ඒත් අපේ අත්දැකීම් විඳවීම් අමතක කරන්න උත්සහ ගන්නවා. එය එසේ නොවිය යුතුයි. අපට තමයි යුද්ධය ගැන යමක් මතුපරපුරට දායාදකරලා දෙන්න පුළුවන්. අපි ඒ මෙහෙය කළ යුතුයි. මේ එවන් වෑයමක ප්‍රතිඵල යයි.
මගේ නව කතාවේ එන කොටසක් මෙසේ පළකරමි.
පිට්ටුයි මුරුංගා හොදියි එකට අනාගත් පරම් එය ඉක්මනින් ගිලදමන්නට විය.
“ටිකක් හෙමින් කාපන්කො පුතේ..... මොකද්ද තියෙන හදිස්සිය?“
“ඔව් ඉක්මනට යන්න ඕන.“
පවුලේ බඩ පිස්සා වූ පරම් කෙරෙහි රේවතීගේ හිතේ තිබුණේ අසීමිත සෙනෙහසකි. ඒ නිසාම ටික දිනක සිට ඔහුගේ හැසිරීමේ ඇති වී ඇති වෙනස මවගේ හිතට ගෙනාවේ කුතුහලයකි.
“උඹට මුරුංගා කෑල්ලක් දාන්නද?“
“එපා එපා...“ මවගේ අතේ තිබූ මුරුංගා වෑංජනය තම අතින් පසෙකට තල්ලු කළ හෙතෙම ඉඳුල් අත සෝදාගත්තේය.
“උඹට දැන් මං හදන මුරුංගා වෑංජනෙත් එපා වෙලාද?“ මවගේ මුහුණ ශෝකාකූල විය.
** ** **
උස් පහත්වන රළ අතරේ රටාවට උස් පහත් වන බෝට්ටුවේ සැඟවී සිටි පරමානන්දන් හා පෙරියසෝති පිටතට පැමිණයේ බෝට්ටුව යාපනේ වෙරළ තීරයෙන් නික්ම බොහෝ දුරක් ගිය පසුය.
සෑ.යු.- මෙහි ප්‍රධාන නම් තුන හතරක් ප්‍රකාශකගේ ඉල්ලීම පරිදි අකමැත්තෙන් වුවද වෙනස් කිරීමට සිදුවීම ගැන කණගාටුව පළකරමි.
ජය පතනවා ඔබට සුභ අනාගතයකට
ReplyDeleteස්තූතියි වැව්
Deleteසුභ පැතුම් තවත් විශිස්ට නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා
ReplyDeleteබොහොම ස්තූතියි මහේෂ්
Deleteදැනුවත් කරන්න. ජය වේවා...
ReplyDeleteඅනිවාර්යෙන් දැනුවත් කරනවා. දේශකලගේ පැමිණීමත් බලාපොරොත්තු වෙනවා.
Deleteසුබ පැතුම් ඔබට,පිටවුනාම අපිවත් දැනුවත් කරන්න.
ReplyDeleteස්තූතියි හැලපඅයියේ. පොත නම් 25වෙනිදා පිටවුනා. එහි නම දොරට වැඩුම ආසන්නයේ කියන්නම්. ලංකාවෙනම් ඉන්නේ දොරට වැඩුමට එන්න.
Deleteසාර්ථක ගමනකට සුබ පැතුම්!!!
ReplyDeleteස්තූතියි අරුණ අයියේ
Deleteසුබ පතනවා ඔබට ගී පවුරෙ අපිත්............
ReplyDeleteස්තූතියි සියලුදෙනාටම!
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteස්තූතියි දිෙන්ෂ්
Deleteසුබ පැතුම් තරු !
ReplyDeleteස්තූතියි චන්දන
Deleteමගේ සුබ පැතුම් තරු...විශේෂයෙන් ආඩම්බරයි.
ReplyDeleteෙගාඩක් ස්තූතියි බින්දි!
Delete