හිසේ
මහා බරක් දැනෙන්නට විය. දෑස් මත ගල්ගෙඩි දෙකක් තබා ඇතිවාසේ දෑස් විවර කරගැනීමට
නොහැකි තරම් අමාරුය. අවට පරිසරයෙන් ඇසෙන කලබලකාරී ස්වභාවය නිසා මගේ සිතට දැනුනේ
මහා අමුත්තකි. ඒ නිසා කෙසේ හෝ දෑස් විවර කර බැලීමේ අවශ්‍යතාවය නිසා ආයාසයෙන් දෑස්
පිය ඇරියෙමි. ඇසි ඉදිරියේ ඇති කිසිවක් පැහැදිලි නැත. පැහැදිලි බව ක්‍රම-ක්‍රමයෙන්
ලැබෙන්නට විය. මගේ දෑසට මුලින්ම නෙත ගැටුනේ සුරංගය. මා වටපිට බැලීමි. මා සිටින්නේ
රෝහලක බව මට පසක් වූයේ එවිටය. මගේ සිතට දැඩි බියක් ඇති විය.
“සුරංග“
මම ඔහුගේ අත දැඩිව අල්ලා ගතිමි. ඒ සමගම හිසේ ඇති වූ ඇදුම් දීම නිසා මා සුරත හිස
මතට යැවුණේ නිතැතිනි. හිසට වෙළුම්පටි දමා
තිබුණි. මගේ සුරත ඒ වෙළුම්පටි මතින් එහා මෙහා යවද්දී විදුලි සැරවදිනවා සේ සියුම්
වේදනාවක් දැනෙන්නට විය.
“අමා....
රිදෙනවද?“ සුරංග මගේ අත සෙමෙන් පිරිමදිමින් කුලුණු බරින් මුමුණයි. මට සිදුව ඇති
කිසිවක් සිතාගත නොහැක. මා මතකය අවදි කරන්නට විය. ඉන්ටර්විව් එක ඉවරවෙලා ගම්පහ ඉඳන්
න නුවරින් බහිද්දී හොඳටම වැස්ස. ගෙදර එන්න අපි ත්‍රී වීලර් එකකට නැග්ගා. පාර පෙනෙන
නොපෙනෙන මහ වැස්සේ ආව ත්‍රී වීලරය කොහෙදෝ වංගුවක් ගනිද්දී මහා හඬින් බ්රේක්
ගැහැව්වා. ඊට පස්සේ, ඊට පස්සෙ මොකද උනේ.... කියන්න මතක නැත.
“අමා
අැයි, අමාරුනම් ඩොක්ටර් ට කතා කරන්නද?
මම
හිස සලා එපා යයි කී වෙමි. සිදුවීම් එකිනෙක ආවර්ජනය වෙද්දී මට එකවරම අප්පච්චිව
සිහියට නැගුණි.
“සුරංග
කෝ අප්පච්චි? අප්පච්චිටත් තුවාලද?“
ඔහු
ඊට එකවර පිළිතුරු දුන්නේ නෑ.
“ආ...
මම, මම ගියේ නෑ අප්පච්චිව බලන්න. අම්මලා ගියා. මං නැවතුනා ඔයාගේ තනියට. ඩොක්ටර්
කිව්වා හවසට එක්ස්රේ එකක් ගන්න තියෙනවා කියලා. ඉතිං දවස් කීපයක් ඔයාට මෙහේ ඉන්න
වෙයි.“
සුරංග
කතා කරන්නේ වෙනදාමෙන් නොව. ඔහු මගේ දෑස් මග අරින්නට උත්සහ දරයි.
මා
සිටින්නේ නුවර මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ය. විවිධ අනතුරුවලට ලක්වූ කාන්තාවෝ
මෙහි සිටිති. හෙදියක් පැමිණ මගේ ඇඳේ
ඉහළික් එල්ලා ඇති කාඩ් පත පරික්ෂා කරයි.
“ඩොක්ටර්
තව ටිකකින් ඒවි.“ යි මුවගට සිනාරැල්ලක් නගා ගනිමින් බැවසූ ඇය, කාඩ්පත රඳවා පිටව
ගියේය.
මට
ඇඳ විට්ටමට හේත්තුවන්නට අවශ්‍ය විය. මා ඊට උත්සහ දරද්දී සුරංග මට උදව්වන්නට
ඉදිරිපත් වූණා.
“ඉන්න
මං ඔයාව හේත්තු කරන්න“
“නෑ
සුරංග මට පුළුවන්.“ යි කියමින් මම ඔහුගේ අත ගසාදැමුවෙමි.
“ඔයාට.....“
එසේ
කියූ ඔහු අසරණව මා දෙස බලාසිටින්නට විය. තව මොහොතකින් මගේ හැසිරීම අපේක්ෂා කරන්න
ඇති. මා ඇඳට වාරු දී පිටිපස්සට හේත්තුවන්නට සැරසුනත් මට ඒ දේ කරගත නොහැකි විය.
ඉඟටියෙන් පහළ කපා දමා ඇතිවාසේ මට දැනෙන්ට විය. අමුතුම හිරියක් හැරුණකොට දෙපා තිබෙන
බවක් නොදැනුනි. මම හොඳින් මගේ දෙපා දෙස බැලීමි. දෙපා හොඳින් පිහිටා තිබේ. මා යළිත්
ඇඳට වාරු වන්නට බැලුවෙමි. දෙයියනේ... මට කිසිත් කරගත නොහැකිව ඇත්තේ මන්ද? මම
හොඳින් මගේ දෙපා දෙස බැලුවෙමි. දෙපා හොඳින් තිබුණ ද මට කිසිත් කළ නොහැකි විය.
“දෙයියනේ
සුරංග මට නැගිට ගන්න බෑ..... මට මොකද උනේ...., මට මොකද උනේ....!“
මම
කෑ ගසා ඇඬුවෙමි. වාට්ටුවේ සිටි අය මා වට කරගත්හ. ඔවුහු තුෂ්නිම්භූතව බලා සිටිති.
සුරංග දෑතට වාරු ගෙන මාව ඇඳ විට්ටමට
හේත්තු කර මා අසලින් ඇඳේ ඉඳගත්තා. මම මගේ හිස ඔහුගේ උරමත තබාගෙන අඬන්නට වීමි. ඔහු
සෙමෙන් මගේ හිස පිරිමදියි.
“අඩන්නෙපා
රත්තරං. වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් අනාගතේට මූණ දෙන්න හිත හදාගන්න අමා.“ සුරංගගේ
හඬ දියවී යන්නට විය. ඔහු නිහඬ වූයේය.
“අනාගතය...?
අනාගතේ හැම බලාපොරොත්තුවක්ම ඉවරයි. තවත් හිතන්න අනාගතයක් නෑ සුරංග. මම දැන්
අබ්බගාත ගෑනියෙක් නේද දෙයියනේ....“
මගේ
හිස පැලෙන්නට තරම් වේදනාවක් ඇතිවේගෙන එයි. මා හිස දෑතින් බදාගත්තා. එකවරම දෑස්
නිලංකාර වී යනු දැනෙන්නට විය. හෙදියක් මා අසලට විත් වතුර බිඳු කිහිපයක් ඉසිමින්
පියවි සිහිය ලබාදීමට ක්‍රියා කර ඇත.
“මිස්
බය වෙන්න එපා. ටික දවසක් යනකොට සේරම හරි යයි.“ යි මුදු වදනින් පැවසූ ඈ
මන්දස්මිතියක් පා මා අසලින් ඉවත්ව ගියා.
මගේ
හිස අවුල් වී ඇත. ඉඟටියෙන් පහළ පන නෑ කියන්නේ මගේ ඉදිරි ජීවිතය රෝද පුටුවකට සීමා
වීම නේද? එසේ හිතද්දී මගේ සිතට මහ කළකිරීමක් ඇති වෙයි. මම සුරංග දෙස බැලුවෙමි. ඔහු
අරමුණක්නි තොරව බලා සිටියි. ඔහුගේ දෑස් බොඳ වී ඇතුවා සේ පෙනෙයි.
“සුරංග“
මම කෙඳිරුවෙමි.
“හ්ම්.“
“මගේ
ජීවිතෙන් පලක් තියේද සුරංග. මට කියන්න.“ මම ඔහුගේ දෑත් තරයේ අල්ලාගෙන ඇසුවෙමි. යළිත්
මගේ දෑස් තෙත් වෙන්නට විය.
“ඔව්.“ ඔහු තිර හඬින් කීය.
“කාටද?
මාව දැන් හැමෝටම බරක් විතරයි. අම්මට අප්පච්චිට, ඒ විතරක් නෙමෙයි ඔයාටත්.“
මා
එක දිගටම කියාගෙන ගියාය. සුරංග මගේ දෑස් දෙස එක එල්ලෙ බලන්නට වූයේය. මම ඉවත
බලාගත්තෙමි. ඉවතට හැරවූ මගේ මූණ සුරතින් තමා වෙතට හරවාගත් සුරංග,
“ඔයා
කාට බරක් උනත් මට බරක් නෙමෙයි රත්තරං. ඔයාට සදාකාලිකව මෙහෙම ඉන්න වෙන එකක් නෑ.
එහෙම ඉන්න සිද්ධ උනත් මගේ ආදරේ අබමල් රේණුවකින්වත් අඩුවෙන්නේ නෑ අමා. මට පුළුවන්
ඔයාව බලා ගන්න.“
“පව්
පිරෙන කතා කියන්න එපා සුරංග. අපේ සිහින හැම එකක්ම විනාස උනා. මට බැහැ දැන්....“
අම්මාත්
නංගීත් විලාප දීගෙන අප වෙත දිවගෙන ආහ. මීට මොහොතකට පෙර ත්‍රී රෝද රථයේ මා සමග
පැමිණි මගේ ආදරණීය අප්පච්චි, අපි සියලු දෙනා හැරදමා සඳහටම දෙනෙත් පියාගෙන. අම්මාත්
නංගීත් මාව බදාගෙන විලාප දෙති. මා යළිත් සිහිසුන් විය.
මේක
මහ මෙර නුහුලන අපරාධයක්. මගේ අප්පච්චී වගේ උතුම් මනුස්සයකුගේ ජීවිතයක් මේ අයුරින් අකාරුණික
විදිහට මාරයා ඩැහැගෙන ගියේ ඇයි? දෙවියනේ මගේ රත්තරං අප්පච්චිව ජීවත් කරවලා අබ්බගාත
මාව අරගෙන ගියේ නැත්තේ ඇයි? මගේ හිත තව තවත් දුර්වල විය.
අප්පච්චිගේ
වියෝවෙන් අප පමණක් නොව මුළු ගමම කම්පා විය. මුළු ගමම එදා මළ ගෙයක් මෙනි. දිවා රෑ
දෙකේම ගමේ මිනිස්සු පැමිණ අප්පච්චිගේ නිසල දේහයට ගෞරව දැක්වූහ. තරුණ මෙන්ම
වැඩිහිටි අයද අවශ්‍ය කටයුතු සොයා බලමින් යුහුසුලුව වැඩ කරන්නට වූහ. අප්පච්චී ගමේ
ඇති සමිති කිහිපයකම ක්‍රියාකාරී සමාජිකයෙක්ව සිටියේය. ගම් වැසියන්ගේ පොදු
කටයුතුවලදී මෙන්ම පුද්ගලික දුෂ්කරතාවන් වලදී ද නොමසුරුව තම දායකත්වය ලබාදුන්නේය. ඒ
නිසා ඔහු ගමේ ජනප්‍රිය චරිතයක් විය. ඒත් මින් ඉදිරියට ඒ සත්පුරුෂයා අපිට කවදාවත්
මුණ නොගැසෙනු ඇත.
තරු
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා



