පැදි ගෙත්තම්


 කාලය මැව් වෙනස
 

ගූගල් වෙතින්
 

 

තරු නැති අහසක

සඳ නැති මොහොතක

අඳුරු සෙවනැළි මැද

හුදකලාවක

ගිමන්හලක

තනි වූ සඳ

බලා හිඳිමි සුසුම් හෙළමින


 

අතීත විරුකම්

අතීත සුරුකම්

මතක සැමරුමක

ඇඳි සිතුවමක

පමණි ඇත්තේ

සුවඳ තැවරු

 

  

පුළුන් රොදක බර හිසට බර නැත

දර ඉපළට පිළිය හැඩ නැත

බලමි කැඩපත අබිස හිටගෙන

බුදුන් දෙසූ බණ පසක් කරමින

 

මෙහි අරුථට සටහනක් තියන්න අමතක කරන්නෙපා....

No comments:

Post a Comment