Sunday, March 23, 2014

මට මතකයි....




ආදරෙන් තුරුළු කරන්
සෙනෙහසින් මා බදා
මාව නැළෙව්වා මතකයි
මා සිහිසුන් වැටුණ වෙලේ
මා හිස උකුලෙ තියන්
රහසින් හැඬුවා මතකයි
මා යුවතියක වෙලා
පතිකුලයට යන දවසේ
දුන් ඔවදන් මතකයි
මගේ දයාබර අම්මේ...
මගේ දිවි ඇති තුරා
ඔබට ණයයි අම්මේ....

23 comments:

  1. මොකක්ද විශේෂයක්ද

    ReplyDelete
    Replies
    1. විශේෂයක් නැහැ. කළින් මවකට දැනෙන දරු සෙනෙහස ගැන ලිව්ව වගේ මෙවර හිතුනා දරුවෙකුට දැනෙන මව් ගුණ ගැන ලියන්න.

      Delete
  2. අම්මගේ උපන්දිනේද නැත්නං හදිස්ස්යේම අම්මට ආදරය වැඩි උනාද??

    ReplyDelete
    Replies
    1. උපන් දිනේ නම් සැප්කැම්බර්වල. අකුරු ටිකක් නැති නම් වචන ටිකක් ගැට ගහගන්න පුළුවන් නම් වල් පල් හෑලි ලියන අතරේ ගුණ සුවඳ, ආදරය සෙනෙහස ගැන ලිවීම කළ යුතුයි.

      Delete
  3. අද සුපුරුදු ලිපි පෙලින් මිදිලා, විශේෂ සටහනක් තියල වගෙ.

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ නෙතු අද්දර 28 කොටස දැම්මට පස්සෙ, හදිසියේම හිතුනා මව් ගුණ ගැන ලියන්න. ඇයි නෙතු අද්දර දැක්කෙ නැද්ද?

      Delete
    2. ඒක දැක්කෙ දැන්. !!

      Delete
  4. සාමාන්‍යෙයන් පති කුලයට යන දවසේ අම්මලාට උපදෙස් දිදී ඉන්න පුළුවන් වෙයිද, මුළු දවසම අඩ අඩා ඉන්නව ඇරෙන්න. අම්මලා රහසින් අඩනව මං නම් කවදාවත් දැකල නෑ. රහසින් අඩනව ඒත් කදුළු බේරෙනව

    ReplyDelete
    Replies
    1. නිර්මාණයකදී //රහසින් හැඬුවා// වගේ යෙදුමි යොදනවා.

      Delete
    2. ඇත්ත ඇත්ත පුංචි විහිළුවක් අනේ

      Delete
  5. මගේ දිවි ඇති තුරා
    ඔබට ණයයි අම්මේ....///

    මෙක නම් ඇත්ත ..

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර වෙලාවට අපි අම්මලා එක්ක රණ්ඩු කරනවා. ඒත් පස්සෙ දුක හිතෙනවා.

      Delete
  6. ම්ම්ම්ම්...
    හුග දවසකින් පුංචි වෙනසක්...
    ලස්සන කවියක්... සංවේදී සටහනක්

    ReplyDelete
  7. ස්තූතියි.මහේෂ්! //සංවේදී සටහනක්// මං ඒකට කැමතියි.

    ReplyDelete
  8. තරුගෙන් ආයෙත් කවි, මේ තාම පොත නැද්ද තරු...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉවාන් හැමදාම අහන සුභ ආරංචිය. පොත ආවෝ.... ඉවාන් නිරන්තර අවධානයෙන් හිටියට ස්තූතියි.! දොරට වැඩීම අප්‍රේල් අග හෝ මැයි මුල සතියේ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී. ඔන්න ආරාධනා කරනවා සහභාගිවීම අගේකොට සළකනවා

      Delete
    2. ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි .......වෙලාවට කියන්න අනිවා එනවා ..සුභ පැතුම් තරු

      Delete
    3. දොරට වැඩුම මැයි 09 වෙනිදා. දිනය වෙන් කරලා තියාගන්න. ඉවාන් නිතරම පොත ගැන අහපු නිසා ඔයාට ආරාධනා පතක් එවන්න ලිපිනයක් කියන්න. නැතිනම් පොදු ආරාධනාවක් බුකියේ හැමෝටම යන විදිහට දානවා.

      Delete
    4. පුළුවන් තරුට පුළුවන් නම් මේ මේල් ඇඩ්‍රස් එකට මෙලක් දාන්න එවන්නම්

      prageeth99236@gmail.com

      Delete
  9. මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උමේෂ්. ලෝකය ගැන මුල්ම පාඩම කියා දෙන්නේ අම්මා යි.

      Delete
  10. Anonymous26/3/14

    අම්මා මගේ ජීවිතයයි....බඩට නොකා අපට කවා අප හැදු අම්මේ....මගෙත් ආයුගෙන ඔබ ජීවත්වෙන්න. මගේ අහිංසක පැතුම එයමයි.

    ReplyDelete
    Replies
    1. අම්මලා වයසට ගියත් අපිට කවදාවත් හිතෙන්නේ නෑ එයාලා වයසයි කියලා. බැරි මරගාතෙ හරි දරු මුණුබුරන් වෙනුවෙන් කැපවෙනවා.

      Delete