Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Wednesday, June 18, 2014

අපිට තරු පෙන්වන තරු

 



සමහර විට මං මේ කියන්නට හදන කතාව ඔය ඇත්තො දන්නවාත් ඇති. නොදන්නා අය වෙත්නම් මෙන්න දැනගන්න.
ඇමරිකාවටත් වඩා ‘රියැලිටි ෂෝස්‘ දැන් තියෙන්නේ අපේ රටේ. ඒ නිසා හැම වැඩසටහනකම තියෙන්නේ දැඩි තරගකාරිත්වයක්. හොදින් හෝ නරකින් දිනන තැනට තරකරුවන් පත්වී සිටිනවා.
කොහොමද අපේ රටේ ‘රියැලිටි ෂෝස්“වල තරු තෝරණ ආකාරය සිදුවන්නේ.  මෙය වර්තමානේ හැම රියැලිටි වැඩසටහනකටම පොදු විය හැක හෝ නොවිය හැක. රියැලිටි ෂෝස්වල මනාප කෙරුවාව නිසා දක්ෂයෝ විසිවී අදක්ෂයෝ ඉදිරියට එන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. මීට හේතුව ඔවුන්ට ප්‍රමානවත් පරිදි ඇස්.ඇම්.ඇස් ජන්ද ලැබී නොතිබීමය.  ඒත් අතමිට සරු නම්, සල්ලි එහාට මෙහාට විසිකරන්න පුළුවන් නම් ජන්දෙ දිනන එකත් කඡ්ජක්ද කිව්වලු. මේ කතන්දරේ මට දැන ගන්න ලැබුණේ අපේ ගෙවල් පැත්තෙනුත් තරුවක් මෙවර සිරස සුපර් ස්ටාර් තරගෙට ඉදිරිපත්වෙලා ඉන්න නිසයි. දැන් මේ තරුව අවසානය දක්වාම වගේ ආවලු. ඔන්න එක පාරටම ඇස්.ඇම්.ඇස් මදිවෙලා තරුව තරගෙන් කැපිලා. ඔන්න ඊට පස්සෙ මොකද්ද කාඩ් ක්‍රමයකින් ඒ තරුවට තව චැන්ස් එකක් පෑදිලා. දෙයියෝ දුන්න වගේ මේ ලැබිච්ච චෑන්ස් එක බේරගන්න දැන් ගෙදර ඇත්තො  ෆුල් ට්‍රයි. මේකට එයාල මොකද්ද දන්නවද කරලා තියෙන්නේ. රුපියල් 5000.00 ක වටිනාකමකට සිම් කාඩ් අරගෙන. අහලපහල අයවයි, යාළු මිත්‍රයොයි එකතු කරගෙන සිකුරාදා රෑට එයා සිංදුව කියලා ඉවර උනහම දිගට හරහට අර සිම්වලින් ඇස්.ඇම්.ඇස් යවනවලු. එක සිම් එකකින් ඇස්.ඇම්.ඇස් දහයක් යවතැහැකිලු. මේ වැඩේට ඇවිත් ඉන්න කට්ටිය පහුවෙනිදා උදේ පාන්දර වෙනකම් මේ ජොබ් එකලු නොන්ස්ටොප් කරන්නේ. නිදි මැරුවට ඉතිං පාඩුත් නැහැලු කන්නද බොන්නද ළගටම හමුබුවෙනවලු.

හදිසියේවත් මේ තරුව තරඟෙන් ගිලිහී ගියෝතින්, අර සිම් කාඩ් ටික ප්‍රොෆිට් එකක් තියාගෙන වෙන තරුවකට විකුණනවලු.
ඉතිං මේ අපේ ගමේ තරුවේ වගතුග. මේ ආකාරයෙන්ම වෙන්න ඕනෙ අනෙක් තරුවල කෙරුවාවත්.
මේ විදිහට තෝරණ තරු දිහා ප්‍රේක්ෂක අපිත් මෝඩයෝ වගේ කටවල් ඇරගෙන රෑ නිදි මරාගෙන බලන් ඉන්නවනේ... අනේ... හැබෑටම...

(ඡායාරූප අන්තර්ජාලෙයනි)

Sunday, October 6, 2013

සිරිපාලගේ ඔට්ටුව


 

 
සිරිපාල අහිංසක ගැමි තරුණයෙකි. නිතර බුලත් විටෙන් මුව පුරවාගත් හෙතෙම රැකියාවක් නොකළත් මුදල් හම්බු කිරීමේ අපූරු ක්‍රමයක් සොයාගෙන තිබුණා. ඉතිං එසේ උපයාගත් මුදල් හැම සතියකම අරගෙ ගිහින් බැංකුවේ තැන්පත් කරනවලු. මේ කටයුත්ත මාසය දෙකක් පමණ කිසිම කරදරයක් නැතුව කරගෙන ගියාලු. සිරිපාල මේ විදිහට සල්ලි තැම්පත් කිරීම ගැන ඔන්න දැන් බැංතුව තුළ කසුකුසුවක් ඇතිවෙලා. සිරිපාල ඇවිත් ගියාට පස්සේ කවුරුත් ඔහු ගැන කතාවෙන්න ගත්තලු.

 
“මට නම් හිතෙන්නේ මිනිහා රෑට රෑට හොරකමේ යනවා ඇති.“

“අනේ මන්දා මිනිහ දැක්කහම නම් අහිංසක පාටයි.“

“හොරු එහෙම තමයි අහිංසක පාට් එක දාගෙන තමයි ඉන්නෙ. ඒක නෙමෙයි අපි මෙයා ගැන මැනේජර්ට කියමු“

මේ ආකාරයෙන් කතිකා කරපු කාගෙ කාගේත් අවසාන නිගමනය වූයේ මැනේජර්ට සිරිපාල ගැන පැවසීමය. ඉතිං එක්කෙනෙක් ඔන්න මැනේජර්ගාවට ගිහින් විස්තරේ ගැන කිව්ව. විස්තරේ අහගෙන හිටිය මැනේජර්,

“හරි ඊළඟ සැරේ මිනිහ ආවහම මාගාවට එවන්න.“ කියලා කිව්වා.

            ඔන්න ඊළඟ සුමානෙත් සිරිපාල ආවා සල්ලි මල්ලක් අරගෙන. කවුන්ටරය අසලට ගොස් සල්ලි තැම්පත් කරන්න හදනකොටම සෙකියුරිටිතැන ඇවිත් කිව්වා, මැනේජර් මහත්තයා කතා කරනවා කියලා. ඉතිං සිරිපාල සල්ලි මල්ලත් අරගෙන ගියා මැනේජර් මහත්තයව හමුවෙන්න.

“ආ.... ඔයාද සිරිපාල කියන්නේ.“

“එහෙමයි.“

“මේ.... හැම සුමානෙම සල්ලි දානව නේද?“

“එහෙමයි.“

“මුන්නැහේට කොහෙන්ද ඔච්චර සල්ලියක්.“

කහට ගැසුන දසන් පෙළ විරිත්තමින් සිරිපාල ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.

“මොකද ඇඹරෙන්නේ?“

“නෑ මහත්තයෝ මට ලැජ්ජයි වගේ.“

“ලැජ්ජ වෙන්න එපා අයිසේ මම විතරනේ ඉන්නේ. කියනවා, මටත් ආසයි දැන ගන්න.“

“මහත්තයෝ..... මහත්තයෝ මං ඔට්ටු අල්ලනවා.“

“ඔට්ටු අල්ලනවා.!“ මැනේජර්ගේ උපැස් යුවළ නළලේ රැදින.

“ඔව්. මං ඔට්ටු අල්ලලා ඒ හැම එකෙන්ම දිනනවා.“

“බොරු කියන්න එපා අයිසේ. තමුසෙ නීති වරෝධි වැඩ කරනවා නේද?“

“අනේ නෑ. මහත්තයට මාව විස්වාස නැත්නම් මං මහත්තය එක්කත් ඔට්ටුක් අල්ලන්නද?“

“ආ, හරි අල්ලනවා බලන්න.“

සිරිපාල ටික වෙලාවක් කල්පනා කරමින් ඔට්ටුවට සුදුසු නිමිත්තක් සොයන්නට විය.

“හරි. ඔන්න හරියටම තව දවස් හතකින් මහත්තයගෙ පස්ස පැත්ත රතු වෙනවා.“

“රතු වෙනවා..!“

ඔට්ටුව අසා මැනේජර් බඩ අල්ලාගෙන හිනාවෙන්නට විය.

“රතු වෙනවා...“ මැනේජර්ට හිනාව නවත්තගන්න බෑ.

“තමුසෙ, තමුසෙ නම් මාර විහිළුකාරයෙක් තමයි ඕයි. හරි හරි කියනවා ඔට්ටුව කීයද කියලා.“

“විසිපන්දාහයි“

“හොදයි. තමුසෙ කිව්ව වගේ මගේ පස්ස රතු වෙලා තියෙද කියන්න බෑනේ, ඒ හින්දා විසිපන්දාහ හොඳටම ඇති.“ යි මැනේජර් ඔලොක්කුවට මෙන් සිනාමුසු මුහුණෙන් පැවසීය.

“තව දෙයක් මහත්තයෝ. මං මේ කියන දේ සත්‍ය අසත්‍ය බව බලාගැනීමට මං සාක්කියට කෙනෙකුත් එක්කගෙනයි එන්නෙ.“ යි පවසමින් සිරිපාල යළි කවුන්ටරය වෙතට ගියේ තම අතේ ඇති මුදල් ටික තැම්පත් කිරීමටය. මැනේජර්ට නම්, සිද්ධවෙච්ච දේ ගැන තවමත් හිනා.

“මොනවද මිස්ටර් සිරිපාල සර් කිව්වෙ.“ කවුන්ටරයේ සිටි හිතවත් නිලධාරියා ඇසීය. එවිට වටපිට බැලූ සිරිපාල නිලධාරියාට තමා අසලට ළංවන ලෙස අතින් සන් කර සිටියේය. නිලධාරියා අසුනෙන් නැගිට සිරිපාලට නැඹුරුවෙමින් තම සවන පෑවේය.

“හරි වැඩේනෙ. මැනේජර් මහත්තයගේ පස්ස රතුවෙන්න අරගෙන කියලා, මගෙන් ඇහැව්වා හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ඉන්නවද කියලා තෙලක්වත් මතුරගන්න කියලා.“

“අනේ බොරු කියන්න එපා සිරිපාල. මොන ලෝකෙද මිනිස්සුන්ගේ පස්ස රතුවෙන්නෙ. අර සූ එකේනම් එහෙම වෙච්ච වඳුරෙක් නම් ඉන්නවා.“

“හරි, මහත්තයට මං කියනදේ විස්වාස නෑ කියලනේ කියන්නේ.“

“ඔව්. තමුසෙ මාව අන්දන්න හදනවා.“

“හොඳයි, එහෙනම් මං මහත්තයට තව දවස් හතකින් මැනේජර් මහත්තයගෙ පස්ස දැකබලාගන්න සලස්සනවා.“

“අනේ යනව අයිසේ යන්න. තමුසෙගෙ මොළේ කොලොප්පන් වේගෙන එනවද?“

මද සිනහවක් මුවගට නගාගත් සිරිපාල,

“හරි. මං කියන දේ මහත්තයට විස්වාස නැත්නම්, අපි ඔට්ටුවක් අල්ලමු.“

 
ඉන්පසු කුමක් සිදුවන්නට ඇති ද?

(මේ කතාව 60දශකයේ අගභාගයේ දී ලංකා බැංකුව තුළ ප්‍රසිද්ධ වෙච්චි කතාවක්. අහලතියෙන අයත් අැති.)