සමහර විට මං මේ කියන්නට හදන කතාව ඔය ඇත්තො දන්නවාත් ඇති. නොදන්නා අය වෙත්නම් මෙන්න දැනගන්න.
ඇමරිකාවටත් වඩා ‘රියැලිටි ෂෝස්‘ දැන් තියෙන්නේ අපේ රටේ. ඒ නිසා හැම වැඩසටහනකම තියෙන්නේ දැඩි තරගකාරිත්වයක්. හොදින් හෝ නරකින් දිනන තැනට තරකරුවන් පත්වී සිටිනවා.
කොහොමද අපේ රටේ ‘රියැලිටි ෂෝස්“වල තරු තෝරණ ආකාරය සිදුවන්නේ. මෙය වර්තමානේ හැම රියැලිටි වැඩසටහනකටම පොදු විය හැක හෝ නොවිය හැක. රියැලිටි ෂෝස්වල මනාප කෙරුවාව නිසා දක්ෂයෝ විසිවී අදක්ෂයෝ ඉදිරියට එන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. මීට හේතුව ඔවුන්ට ප්‍රමානවත් පරිදි ඇස්.ඇම්.ඇස් ජන්ද ලැබී නොතිබීමය. ඒත් අතමිට සරු නම්, සල්ලි එහාට මෙහාට විසිකරන්න පුළුවන් නම් ජන්දෙ දිනන එකත් කඡ්ජක්ද කිව්වලු. මේ කතන්දරේ මට දැන ගන්න ලැබුණේ අපේ ගෙවල් පැත්තෙනුත් තරුවක් මෙවර සිරස සුපර් ස්ටාර් තරගෙට ඉදිරිපත්වෙලා ඉන්න නිසයි. දැන් මේ තරුව අවසානය දක්වාම වගේ ආවලු. ඔන්න එක පාරටම ඇස්.ඇම්.ඇස් මදිවෙලා තරුව තරගෙන් කැපිලා. ඔන්න ඊට පස්සෙ මොකද්ද කාඩ් ක්‍රමයකින් ඒ තරුවට තව චැන්ස් එකක් පෑදිලා. දෙයියෝ දුන්න වගේ මේ ලැබිච්ච චෑන්ස් එක බේරගන්න දැන් ගෙදර ඇත්තො ෆුල් ට්‍රයි. මේකට එයාල මොකද්ද දන්නවද කරලා තියෙන්නේ. රුපියල් 5000.00 ක වටිනාකමකට සිම් කාඩ් අරගෙන. අහලපහල අයවයි, යාළු මිත්‍රයොයි එකතු කරගෙන සිකුරාදා රෑට එයා සිංදුව කියලා ඉවර උනහම දිගට හරහට අර සිම්වලින් ඇස්.ඇම්.ඇස් යවනවලු. එක සිම් එකකින් ඇස්.ඇම්.ඇස් දහයක් යවතැහැකිලු. මේ වැඩේට ඇවිත් ඉන්න කට්ටිය පහුවෙනිදා උදේ පාන්දර වෙනකම් මේ ජොබ් එකලු නොන්ස්ටොප් කරන්නේ. නිදි මැරුවට ඉතිං පාඩුත් නැහැලු කන්නද බොන්නද ළගටම හමුබුවෙනවලු.
හදිසියේවත් මේ තරුව තරඟෙන් ගිලිහී ගියෝතින්, අර සිම් කාඩ් ටික ප්‍රොෆිට් එකක් තියාගෙන වෙන තරුවකට විකුණනවලු.
ඉතිං මේ අපේ ගමේ තරුවේ වගතුග. මේ ආකාරයෙන්ම වෙන්න ඕනෙ අනෙක් තරුවල කෙරුවාවත්.
මේ විදිහට තෝරණ තරු දිහා ප්‍රේක්ෂක අපිත් මෝඩයෝ වගේ කටවල් ඇරගෙන රෑ නිදි මරාගෙන බලන් ඉන්නවනේ... අනේ... හැබෑටම...
(ඡායාරූප අන්තර්ජාලෙයනි)



