Sunday, August 17, 2014

නෙකු අද්දර - 43

කාලය නොදැනීම ගෙවී ගොසින් බක් මහේ එක් සොඳුරු දිනයක කේෂිණී දූ සිඟිත්තියක් බිහි කළා ය. හැමෝම පුංචි දුවව වර්ණනා කරති. හැමදෙනාම කිව්වේ ඈ සුරංග වගේ කියායි. ‘අනේ මට ඒ මුව කමල බලාගන්නට වාසනාව තිබුණනම්...‘ යයි කියා සිතුණ වාර අනන්තයි. කොහොමත් දූ සිඟිත්ත අප්පච්චි වගේ ඇති. සුරංග එදත් ආසාවෙන් හිටියේ ඉස් ඉස්සෙල්ලම දුවෙක් ලැබෙනවටනේ. ඇයව ස්පර්ශ කරන්න මගේ හිතේ ඇති වූයේ දැඩි ආශාවකි. ඒත් මම ඒ බැව් කාටවත් කීවේ නැත. මගේ සිතුවිලි තේරුම් ගත් සුරංග දිනක් චූටි දූ ගෙනැවිත් මා දෑත මත තැබුවාය. මා තරයේ ඈයව අල්ලා ගත්තා. ඒ සිනිදු මුදු සමේ පහස මට දැනෙන්නට විය. මම සෙමෙන් ඇයව පිරිමැද්දෙමි. සැබැවින්ම මල් පෙත්තක් සේ ඒ සිරුර සුමුදු ය. මගේ සිතට බයක් දැනෙන්ට විය. ඇයට රිදෙනවා යැයි මට සිතේ.
“අමා... ඔයාට චූටි දුවව දැනෙනවද?“
“ඔව්, සිහින් දෙතොල්, චූටි උල් නහය, මේ කෙලි පොඩ්ඩි කවදා හරි ලස්සන කෙල්ලෙක් වේවි.“
“ඔයා කොහොමද එහෙම කියන්නෙ?“
“ඇයි අප්පච්චිගේ හැඩරුවනෙ තියෙන්නෙ.“
සුරංග එය අසා මහ මඬින් සිනා සුනා. ඒ හඬ ඇසුණ කේෂිණී කොහෙදෝ සිට එතැනට පැමිණියේ කෑගසාගෙන ය.
“මොනවද සුරංග ඔයා කරන්නෙ? අක්ක අතට දරුව දෙන්න ඔයාට පිස්සුද?“
“කවදාවත් අක්ක අතින් දරුවා වැටෙන්නෙ නෑ කේෂිණී“
“ඔව් ඉතිං ඔයා මට වඩා දන්නවනේ...“ යි කියමින් මා අතේ සිටි චූටි දුවව ඈ උදුරා ගත්තාය. මගේ හිත මහා දුකකින් වෙළියන්නට විය. දෑසින් නැගුන කඳුළු බිදු මටත් හොරා දෙකොපුල් දිගේ ගලා යන්නට විය.
“මට සමාවෙන්න අමා. කේෂිණී දුවට හරිම ආදරෙයි.“
නොසිතූ මොහොතක ඇති වූ සිදුවීම නිසා සුරංග ද කම්පාවෙනවා ඇති. ඒකයි එසේ කියමින් මාව අස්වසාලීමට උත්සහ දැරුවේ.
“මට තේරෙණවා සුරංග. නංගි කරපු දේ හරි.“ මා එසේ කියනවාත් සමගම සුරංග එතැනින් පිටව ගියේය. ඔහු කුමන සිතුවිල්ලකින් පිටව ගියාද කියා නොදනිමි. ඇත්තටම අබ්බගාත ඇස් පේන්නේ නැති කෙනෙකුගේ අතට දරුවෙක් දෙනවා කියන්නේ අතුරේ යනවා වැනි ක්‍රියාවකි. නංගිගේ කෑ ගැසීම තුළ අැගේ හිතේ ඇතී වූ බය පැහැදිලිය. එය නොවේද මව් සෙනෙහස.
සුරංග නිවස තුළට ගිය නිසා හිතට හුදකලාවක් දැනුනි. මම සෙමෙන් සෙමෙන් රෝද පුටුව තල්ලු කරගෙන බුදු කුටිය දෙසට ගියෙමි. එය මේ වත්තේ මට තනිවම යන්නට හුරු තැන් දෙකෙන් එකකි. අනෙක අලිගැට පෙර ගහ ඇති තැනයි. නංගිලා සිටින කාමරය තිබෙන්නේ බුදු කුටිය ඇති පැත්තේය. කාමරය පසුකරත්ම කාමරය තුළින් බහින් බස්වීමක් ඇසෙනන්ට විය.
“තමුසෙ මහ ආත්මාර්ථකාමී ගෑනියෙක්. අක්ක මෙච්චර දෙයක් කරලත් ගුණයක් නෑ.“
සුරංගගේ ප්‍රහාරාත්මක වදන් පෙළක් ජනෙල් කවුළුව තුළින් පැමිණ මගේ දෙසවනට රිංගා ගත්තා. මගේ රෝද පුටුව එකවරම නැවතුනේ වැරදි අදහසකින් නොවේ. සුරංගගේත් කේෂිණිගෙත්  වාදය මා නිසා වූ බැවිනි.
“ඔව් මං දන්නවා ඔයාට ගොඩක් දුකයි කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. අනික අක්කගෙ පරිත්‍යාග ගැන හිතලා මට එයාගෙ දාසියක් වෙන්න බැහැ.“
“මම එහෙම කියන්නෙ නැහැ. ඒ උනාට ඔයාට යුතුකමක් තිබුණා අක්කට දුවව ටිකක් අල්ලනවත් දෙන්න. අක්ක පුදුම ආසාවෙන් හිටියෙ එයාගෙ නංගිගේ දූ සිඟිත්තිව ටිකක් හුරතල් කරන්න.“
“හුරතල් කරන්න දීලා බිම අතඇරියම.... අනික අබ්බගාතයෙකුට මගේ දරුව දෙන්න මං කැමති නැහැ.“ කේෂිණී එවදන් පැවසුවේ දරුවට අසුභ දෙයක් පරිද්දෙනි. ඒත් එවදන් ඊබරු මෙන් මගේ හිත තුළට කිඳාබැස ගියේ මහා වේදනාවක් එක් කරමින් ය. නංගිගේ මුවෙන් එවැනි වදන් පිට වූයේ කෙසේද කියා මට සිතා ගත නොහේ.
 “වහගන්නවා කේෂිණී තමුසෙගෙ ඔය හැකර කට. තමුසෙ මහ දුෂ්ට ගෑනියෙක් ඕයි.“
නංගි ඉකිගසා අඬනු ඇසෙයි.
“ඔයා මටයි දරුවටයි වඩා තවම ආදරේ අක්කට.“
එකවරම මොටර් රථය පණගැන්වෙන හඬ ඇසිණි. එය වේගයෙන් පිටව ගියේ මගේ හිතේ ද බියක් ඇති කරමින් ය. අතීතයේ දිනකත් මෙ පරිද්දෙන්ම මා සමග උරණ වූ සුරංග පිටව ගිය හැටි සිහි විය.
සිතට මහා කලකිරීමක් ඇතුල්වී ඇත. අඳුරු උමගක් දිගේ ඇවිදගෙන යනවිට ඇතිවන කුඩා ශබ්දයක් වුවද දෝංකාර දෙන්නා සේ නංගිගේ වදන් මා දෙසවනේ ගැටි ගැටී දෝංකාර වෙයි. එය විටෙක මගේ සිතට එක්කලේ බියකි. විටෙක සිහිනයක් සේ හැඟෙයි. ඒවගේම ඒ වදන් තුළ සිතන්නට යමක් සැඟව ඇත්තා සේද දැනෙයි. මේ බහින් බස්වීම අසුභ පෙර නිමිත්තක් ද?
කාලය කෙමෙන් ගෙවෙමින් අඳුර ගලනු දැනේ. පන්සලේ වැඩකට ගිය අම්මා තවම ආවේ නැත. අමනාපයෙන් පිටව ගිය සුරංග පැමිණියෙ ද නැත. මගේ හිත නොසන්සුන් වෙයි. මා කවුරුන් හෝ ඒවී යන නොඉවසිලිමත් සිතින් අලිගැට පෙර ගහ යටට වී සිටියෙමි.

තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

10 comments:

  1. Replies
    1. මේ මොනවද?

      Delete
    2. fkdokak u.q,a j,g lg fkdod ysgmsh k,sfhda!!

      Delete
    3. දේශකගේ පෝස්ටුවට ගිය නිසා අමිලගේ භාෂාව අල්ලගත්තා. බොහොම ස්තූතියි! wus,

      Delete
  2. ඕකනෙ මං කලිංම කීවෙ...
    අනිවා අනික් මනුස්සයො ටික කාලයයි අරෙහෙම ඉන්නෙ..
    අමාට දැන් නං තේරෙනව ඇති

    ReplyDelete
  3. අප්පේ ..කියවන්නත් නිකං බයයි බයයි වගේ දැන් ..

    ReplyDelete
  4. අමාට නිකා ඉන්න වෙයි..

    ReplyDelete
  5. ඔකතමයි සමන්‍යන් වෙන්න ඔන

    ReplyDelete
  6. හරියට දුක හිතුනා මේ අහිංසක අක්කණ්ඩි ගැන. දැන් ඉන්න අය පරිත්‍යාගයක වටිනා කම දන්නෙ නෑ තරූ.

    ReplyDelete