මා කවුරුන් හෝ ඒවී යන නොඉවසිලිමත් සිතින්
අලිගැට පෙර ගහ යටට වී සිටියෙමි. සිත මහා පාළුවකින් වෙලාගෙනය. චූටි දෝණි අඩනවා
ඇසෙන්නට විය. කේෂිණී ඈව නළවන්නට වූවාය.
“දුව, මේ කරුවලේ මෙතන මොනවද කන්නෙ.
කෝ සුරංග පුතා.?“
“දන්නෙ නෑ අම්මෙ.“
“නංගි දන්නෙත් නෑ, උඹ දන්නෙත් නෑ.
නංගි අරහේ මූණ එල්ලගෙන ඉන්නවා. මොකුත් ප්‍රශනයක් උනාද?“
“මං දන්නෙ නෑ අම්මෙ. ඕව මගෙන් අහන්න
එපා.“
අම්මා
හාර අවුස්ස අවුස්ස අහද්දී මා තව තවත් අසරණ විණි. අනික මා නිසා නංගීත් සුරංගත්
රණ්ඩු වූ බව කෙහොමද අම්මට කියන්නෙ.
“හරි
මං හොයා ගන්නම් මොකද උනේ කියලා.“ යි අම්මා දොස් කියමින් යන්න ගියාය.
සුරංගගේ මෝටර් රථයේ හඬ වැනි හඬක්
ඇසුණෙන් මගේ දෙසවන් ඒ දෙසට වඩාත් ඕනෑකමින් යොමු කළෙමි. රථය පැමිණ වත්තේ
නැවැත්වූයෙන් මගේ හිතට ඇතිවූයේ සැනසීමකි. සුරංග රථයෙන් බැස දොර වසනු ඇසුණෙන් මම
ඔහුට කතා කළෙමි.
“අමා, මොකද මේ කරුවලේ?“
“ඔයා එනකම් හිටියා. කොහෙද හවස කඩි
මුඩියේ ගියේ?“ මා කිසිත් නොදත්තෙකු සේ ඇසුවෙමි. ඔහු දිගු සුසුමක් පිට කළේය. මම
ඔහුගේ මුවෙන් පිටවන වචන හොඳින් ආග්‍රහණය කළෙමි. ඒ මත්පැන් ගඳක් එනවාද කියා
බැලීමටය.
“ඔයාට කියලා වැඩක් නෑ අමා.“
“ඇයි ඔය දෙන්න මං හින්ද ප්‍රශ්න ඇති
කරගන්නේ?“
“මං ගියාට පස්සෙ කේෂීණී ඔයාට මොනවත්
කිව්වද?“
“නැහැ. ඒත් මං දන්නවා.“
“අමා, මේ ලෝකෙ කිසිම මිනිහෙක් නොකරන
විදිහේ පරිත්‍යාග කරපු ඔයාට, කේෂිණී නපුරු විදිහට සලකන්න පුරුදු උනේ කොහොමද? මට
ඉවසගෙන ඉන්න බැරි නිසාමයි පිටවෙලා ගියේ.“ යි සුරංග පැවසුවේ මගේ සුරතේ ඇඟිලි දෙකක්
සෙමෙන් අල්ලාගනිමින්ය. ඔහුගේ වදන් වේදනාබරය. මට සුසුමක් හෙළුනේ ඉබේටම ය. මහා
පර්වතයක් මා දෙසට පෙරලීගෙන එනවා සේ දැනෙයි. තව මොහොතකින් මාව ඒ ගලට යටවී යනවා වැනි
අනියත බියකින් මගේ සිත පෙෙලන්නට විය.
** ** **
මල්කි අකුරු ගැට ගසමින් වචන අහුලයි.
මුළු ගේම ඒ මල් කැකුලියගේ සුවඳීන් පිරී ඇත. චූටි දූ ටිකේන් ටික ලොකු වෙද්දී කේෂීණී
ටික ටික වෙනස් වන්නට විය. ඇය තම ආධිපත්‍ය මුළු නිවස පුරාම පතුරවන්නට විණි. ඇගේ ක්‍රියා
කලාපය ගැන අම්මාගේ හිතේ පැවතියේ ද කලකිරීමකි. ඒ නිසා ඈ බොහෝ කාලයක් පිනට දහමට
කැපකළාය. මාත් ඉඳ හිට අම්මාත් සමග පන්සලට ගියෙමි. පන්සල් භූමියට ගියවිට සිතට දැනෙන්ට
වූයේ පුදුම සැනසීමකි. සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් වියැකෙන සිත මහා ශාන්ත සුවයකින්
පිරී යයි. ඒත් මාව හැමදාම පන්නසලට එක්කගෙන යන එක අම්මාට කරදරයකි. මුල් දින කිහිපය
සුරංග අපිව පන්සලට එක්කගෙන යන්නට පුරුදු වී සිටියේය. ඒත් දිනක් නංගිත් සුරංගත් අතර
ඇති වූ බහින්බස්වීමකදී අපිව පන්සල් එක්කගෙන යාම සම්බන්ධයෙන් ඇගේ විරෝදය එල්ල විය.
ඒ සමග අපි කාර් එකෙන් යන ගමන නැවැත්වීමු. ඉන්පසු අම්මා ත්‍රී වීලරයකින් මාව
එක්කගෙන යන්නට පුරුදු විය. ඒත් ඒ සඳහා අම්මාට විඳින්නට සිදුවන කරදර නිසා හැමදාම
අම්මත් එක්ක පන්සල් යන පුරුද්ද නතර කළෙමි.
දුව බලාගැනීමට සිදුවීමත් සමග නංගී
රැකියාවෙන් අස්වූවා ය. මල්කි කතාවට හරි දක්ෂය. නංගී සමග මොන්ටිසෝරි ගිහින් ආව
සැනින් ඈ මා සොයාගෙන පැමිණෙයි.
“ලොකු අම්මේ..... ඔයා නිදිද? මෙන්න
මං ලස්සන චිත්‍රයක් ඇන්දා.... නැගිටලා බලන්නකෝ...“
“ම්...කෝ බලන්න මගෙ කෙල්ලගේ වැඩ.“
මම ඇඳේ ඉඳගත්තෙමි. මල්කි මා අත තැබූ
සිතුවම මත ඇඟලි තුඩු යැව්වෙමි. ගනට අතුල්ලා ඇති පැස්ටල් ඇඟිලි තුඩුවලට දැනෙන්නට
විය.
“ෂා.... හරි ලස්සන චිත්‍රයක්නේ.“ යි
කියමින් මම ඈ තුරුළු කරගත්තෙමි.
“මල්කී..... එන්න කෑම කන්න.“
කේෂිණී දුවට අඬගසන හඬ ඇසුණෙන් මම ඇයව
වහාම පිටත් කළෙමි.
** ** **
කාලය විවිධ හැල හැප්පීම් මධ්‍ය යේ
ගෙවී යන්නට විය. මේ අතර අම්මා හදිසියේ අසනීප වූවාය. මේ නිසා දේපල බෙදා දීමට ඈ කටයුතු
කළාය.
“උඹ අසරණී. ඒ නිසා මේ ගේ මං උඹට
ලියනවා.“ මටය කියලා ගෙයක් තිබිලා ඇති පලේ මොකද්ද. අරමුණක් නැතුව ඔහේ ගෙවෙන ජීවිතයට,
කොහේ හෝ වැටිලා ඉන්න තිබුණා නම් ඇතිය යන අදහස උඩ මේ ගේ නංගිගේ නමට ලියන ලෙසට
අම්මාට කිව්වේ නංගි ගැන නොව මල්කි ගැන සිතාය.
“නෑ නෑ.... මං නැතිවෙච්චි දවසට නංගි
උඹට සලකන එකක් නෑ.“ යි කියූ අම්මා ගේ මගේ නමට ලිව්වා. පවුලේ බාලයා විදිහට නංගිට ගේ
ලියාවිය යන අපේක්ෂාවෙන් හිටි නංගිට තම අපේක්ෂාවන් දියවී යාම නිසා හිතේ හට ගෙන
තිබුණේ තරහකි. ඈ අම්මාට නොසෑහෙන්න බැන වැදුණි. මටද දොස් කියු නමුත් මම එය කනකට
නොගත්තෙමි. ඒත් අම්මාට බනිනු මට අසා ඉන්නට බැරිවිය.
“නංගි, මේ ගේ කවදා හරි ඔයාට තමයි. බය
වෙන්න එපා. මං වෙන කෙනෙකුට ලියන්නේ නෑ. ඒ නිසා අම්මගෙ හිත රිද්දන්න එපා.“ යනුවෙන්
මා කීප සැරයක්ම ඇයට කිව්වත් ඇය කිසිවක් අසන්නට සූදානම් වූයේ නැත. මගේ
හිතට ඇති උනේ දරාගත නොහැකි වේදනාවකි. සුරංග හෝටලයට ගිය පසු නංගී අපිට සලකන්න
ගනියි. නංගිගේ මේ වෙනස්වීම අප කිසිම දාක නොසිතූ දෙයකි. මිනිසෙකු වෙනස්විය හැක. ඒත්
එක කුස උපන් දරුවෙකුට මේ තරම් අමානුෂික ලෙස වෙනස්වෙන්නට පුළුවන් කියා කෙසේ
සිතන්නද. නංගිගේ වෙනස්කම් නිසා අම්මා දවසින් දවස මානසිකවත් කායිකවත් දුර්වල වන්නට
විය. එක් අවාසනාවන්ත රාත්‍රියක් උදාකරමින් අම්මා සදහටම දෙනෙත් පියාගත්තා.
තරු
අවසාන කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න
වෙනදාසේම සිතට
දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
හනේ මංද...
ReplyDeleteඇත්තටම අමාට තාම හුතුනෙ නැද්ද කරගත්තෙ ගොං කමක් කියල..
අහල තියෙනව නේද තරු
කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කියල...
ඒක නම් ඇත්ත මහේෂ්
Deleteදැන් නම් හරිම දුකයි තරු මේක කියවන්න. අනේ මන්දා මෙහෙමත් අය ඉන්න ලොකෙකනෙ අපි ඉන්නෙ. අවසානය කොහොම වෙයිද?
ReplyDeleteඅද අහන්න ලැබෙන දේවල්වල හැටියට මේව මොනවද චාන්දි.
Deleteපව් අප්පා අම්මා..
ReplyDeleteහ්ම්....
Deleteකියවන්න් දුකයි දැන්නම් .. අවසාන කොටස ..මොනවා වෙයිද ?
ReplyDeleteදන්නෙම නැතුව කොටස් 44 ක් ගියානෙ.
Delete