ඊනියා ප්‍රේමයක පැටලී
හුදකලා වූ මං තලාවක
තනි වූ නිමේෂයක
රාග ගිනි ඇවිළුනී
නොදැක දුරක්
සිහින ලොවක පැටලී
ගෙවුන කල මාසයක්
පිළිසිඳ කුස කළලයක්
සිතුවත් වනසන්නට
බැරිව, වීය එය කරුමයක්
ඉකුත්ව ගොස් දස මසක්
බිහිකළා කිරිකැටි බිළීඳියක්
ගැලවීමට නිසිමගක්
සොයමින් ගෙවූ කාලයක්
ලැබීය සිතට සැනසුමක්
හිනැහුණා රැජින
එකපෙළට දසවරක්
අහිමිව කිරි බිඳට අයිතියක්
යන්න ගියා ඈ
හිමිව අන්සතු සෙනෙහසක්
හ්ම්ම්ම් කොච්චර දැනුවත් කලත් හැමදාම සිද්ධවෙන ඛේදවාචකයක්
ReplyDeleteහ්ම්...
ReplyDeleteසෑහෙන කාලෙකින් මෙයාගෙ කවියක් කියෙව්වෙ...
අපූරුයි
ඒක තමයි ඉවාන්. මේ මිනිස්සුන්ට කවදා මොළේ පහළවේද මන්දා.
ReplyDeleteස්තූතියි මහේෂ්. Reply option එක ආවෙ නැති නිසා “ඇඩ්“ එකේ කොමෙන්ටුව දැම්මා
ReplyDeleteකාලෙ අරුමේ. මේ වාගෙ සිද්ධි හැමදාම අහනවා. මේවා වෙන්නෙ සම්පූර්නයෙන්ම දෙමාපියන්ගේ වරදින්. දරුවො හදන්නෙ නෑ, හැදෙන්න අරිනවා. එහෙම උනාම විපාකෙ මෙහෙම තමා තරු.
ReplyDeleteඇත්ත චාන්දි. මෙහිදී අසම්මතයේ හැදෙන දරුවන්ගේ ඉරණම ඉතාම ශෝචනීයයි.
Delete