කළ යුතු දෑ කිරීමට නම් දවල්ට කවුරු කවුරුත් නංගි බලන්න යනතුරු සිටිය යුතුය. වෙලාව පැමිණෙන තුරු මුලින්ම මා කරන්නට යන දේ සඳහන් කර අම්මාට ලියුමක් ලිව්වෙමි. අනතුරුව අල්මාරියෙන් ඇඳුම් කෑලි දෙකතුනක් ගත් අතර බැංකු පොත ඇතුළු අවශ්‍ය කරන අනෙකුත් දෑ ගෙන බෑගයකට දමාගත්තෙමි. දහවල එළැඹෙත්ම ඇඳට ගොඩ වූ මම දෑස් පියාගත්තෙමි. නිවස තුළ කවුරු කවුරුත් සූදානම් වන හඬ ඇසෙයි.
“දුව ඔයා යන්නෙ නැද්ද?“ යි හදිසියේම කාමරයට එබී බැලූ අම්මා ඇසුවා ය.
“අම්මලා යන්න. මගේ හිස කකියනවා වගෙයි.“
“ම්... එහෙනම් පැනඩෝල් දෙකක් අරගෙන දුව නිදාගන්න. හවසට යන්න බැරියැයි.“ අම්මා එසේ කියද්දී මගේ හිතට ඇති වූයේ දුකකි. මං අම්මට බොරුවක් නේද මේ කරන්නෙ කියලා සිතුණි. ඒත් අම්මෙ මට සමාවෙන්න. මං එහෙම කරේ නරක චේතනාවකින් නෙමෙයි.
සියලු දෙනාම වෑන් එකේ නැග පිටත්ව ගියහ. මම ක්‍රියාත්මක වුණෙමි. ඇඳෙන් පුටුවට ගොඩ වූ මම අල්මාරියේ දමා තිබූ බෑගය ගත්තෙමි. කාමරෙන් පිටතට පැමිණ බෑගයේ වූ ලියුම මේසය මත තැබුවෙමි. මා වැන්නෙකුට මෙවැන්නක් කරන්නට හැකිවේද කියන චකිතය
විටෙක හිතේ ඇතිවුවත් අවශ්‍යතාවත් නංගීට ඇති ආදරයත් මගේ හිතට ශක්තියක් ධෛර්යයක් ලබාදෙන්නට විය. නිවසේ දොර වසා පාරට පැමිණියෙමි. ගේට්ටුව අසල මද වෙලාවක් නතර වී සිටින විට ත්‍රී රෝද රථයක් නවතා ගැනිමට හැකිවිය. වෙලාවට ඔහු ගමේ කෙනෙකු විය.
“ආ... මිස් කොහාට යන්නද?“
“මට හන්දියේ මහජන බැංකුවට යන්න ඕන.“
“හරි මිස්“
ඔහුගේ ආධාරය ද ඇතුව ත්‍රී වීලරයට ගොඩවුණිමි.
“මිස්ලට ආයිත් කරදරයක් උනාලු නේද?“
“එකනෙ. නංගි තවම ඉස්පිරිත්තාලෙ.“
විනාඩි දහයකින් පමණ බැංකුවට පැමිණි ත්‍රීවීලරය බැංකුව ඉදිරිපිට නැවැත්තුවේය. රියැදුරු මල්ලිගේ සහයෙන් රෝද පුටුවෙහි ඉඳගත් මම බැංකුව තුළට ගොස් අවශ්‍ය මුදල ලබාගෙන පැමිණ නැවත රථයට ගොඩ වුණෙමි.
“මල්ලි මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න ඕන.“ යි පැවසූ මා, මා අත වූ කොළ කැබැල්ල රියැදුරාට දුන්නෙමි. ඔහු එය කියවා බලන්නට විය.
“මල්ලි දන්නවද තැන?“
“තැන නම් දන්නෙ නෑ මිස්. ඒත් මේ පාර නම් දන්නවා. ටවුන් එකේ ඉඳන් ටිකක් දුර යන්න ඕන.“
“අත්තද? කමක් නෑ. මල්ලි පාර දන්න නිසා තැන හොයාගන්න අමාරුවෙන එකක් නෑ.“
මොහුගේ ත්‍රී වීලර් එක පාර්ක් කරන්නේ අපේ පාරට හැරෙන තැන නිසා ඔහු සමග කිහිප විටක්ම අපි ගමන් බිමන් ගොස් ඇත්තෙමු.
ඔහු කිව්වා සේ මුහන්දිරම් පාරට යන්න පැය භාගයක් පමණ වෙලා ගන්නට ඇති. ලිපිනයේ සඳහන් ‘කඳුරට මෙඩිකල් සෙන්ටර්‘ එක හොයාගන්න අපිට තවත් දුරක් මුහන්දිරම් පාර දිගේ යන්නට සිදුවුණිමු. එය වත්තක් ඇතුලේ පිහිටි පැරණි බංගලාවක් විය. රථය වත්ත ඇතුලටම ගොස් නැවැත්වූයේ ය.
“මිස්ට උදව්වක් ඕන නම් කියන්න.“ යි රියැදුරු මල්ලි පැවසුවේ මට පුටුවේ ඉඳගැනීමට උදව් වෙන අතරේදී ය.
“මල්ලි ඔහොම ඉන්න. මං කතා කරලා ඇවිත් සල්ලි දෙන්නම්.“ යි පවසා පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගියෙමි.
“ගුඩ් ආෆ්ටර්නූන් මැඩම්.“ යි ඈ පියකරු සිනහවකින් මා ඇමතීය.
“මට ඩොක්ටර් රංජන්ව හම්බවෙන්න ඕන.“ යි මම පැවසුවෙමි. එවිට පිළිගැනීමේ නිලධාරිනිය මා දෙස හොඳින් බලන්නට විය.
“කලින් ඇපොයින්මන්ට් එකක් දැම්ම ද?“
“ඔව්, කලින් ඇපොයින්මන්ට් එකක් දැම්මා....“
“මොකද්ද මිස්ගෙ නම්?“
“අමාලි විජේරත්න“
ඇය සීආර් පොතක් පෙරලමින් මගේ නම හොයන්නට වූවාය. මද වෙලාවකින් යළිත් සිනහවක් මුවගට නගා ගනිමින්,
“හරි මිස්. ඩොක්ටර් ඇවිල්ල ඉන්නෙ. මිස්ට යන්න පුළුවන්. හයේ කාමරේ ඉන්නෙ. ඔතනින් දකුණට හැරිල යන්න.“ යි සුපුරුදු සිනහවෙන් හා කරුණාවෙන් ඇය අවශ්‍ය විස්තර මට ලබාදුන්නා ය. ඇගේ මග සලකුණු අනුව මට පහසුවෙන්ම දොස්තර රංජන්ගේ කාමරයට යාගත හැකි විය. ඔහු මැදිවියට ආසන්න වෙමින් සිටින වෛද්‍යවරයෙකි. ඔහු සිනහවකින් සංග්‍රහකර මා පිළිගත්තේ ය. මගේ හදවතේ ස්පන්දන වේගය වැඩිවෙමින් එන්නා සේ දැනේ.
“ඩොක්ටර් මං අමාලි. දැන් පැයකට විතර කලින් ඩොක්ටර්ට කෝල් කරේ“
“ආ ඔව්, මට මතකයි. අ.... මොකද්ද කෙරෙන්න ඕන?“
“ඩොක්ටර් මගේ නංගි, එයාගෙ වෙඩින් එක දවසෙම ඇක්සිඩන්ට්‍උනා. ඒකෙන් එයාගෙ ඇස් දෙකම පේන්නෙ නැතුව ගියා. මට ඕන - මගේ ඇස් දෙක එයාට පරිත්‍යාග කරන්න.“ යි මා ආයාසයෙන් ගොතාගත් වචන පිටකළාය. දොස්තර නළල රැලිගන්වා ගත්තේය. අනතුරුව නළල කසන්නට විය. ඔහුගේ වතින් බැරෑරුම් ස්වරූපයක් පෙනෙන්ට විය.
“මේක මහ බැරෑරුම් වැඩක්. මිස් අමාලි හිතන තරම් ලේසි නැහැ.“
“මං දන්නවා ඩොක්ටර්. මං මේ ගැන නුවර ඉස්පිරිත්තාලෙ ඩොක්ටර් කෙනෙකුට කිව්වහම එය මට හැම දෙයක්ම කිව්වා. එ් නිසා හැම දෙයක්ම දැනගෙනයි ඩොක්ටර්ව හම්බවෙන්න ආවෙ. ඩොක්ටර්ගේ ගාන කියන්න. මට කොහොම හරි මේ වැඩේ කරල දෙන්න.“
දොස්තර රංජන් පුටුවෙන් නැගිට කාමරේ සක්මන් කරන්නට විය. ඔහුගේ මුහුණ කල්පනාවෙන් බරය.
“මං අහල තියෙනවා ඩොක්ටර් මේ වගේ දෙවල්වලට දක්ෂයි කියලා. ප්ලීස්... මට මේ උදව්ව කොහොම හරි කරලා දෙන්න.“ මගේ බැගෑපත් ස්වරය සමග මා දෙස බැලූ වෛද්‍ය රංජන් තව වටයක් ගොස් පුටුවේ ඉඳගත්තේ බෙල්ලට හිරවී තිබූ ටයි ගැටය තරමක් බුරුල් කරමින් ය.
“මිස් හැම විස්තරයක්ම දන්න නිසා ආයෙත් විස්තර කළයුතු නැහැ. මිස්ගේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් හිතල ගත්තු තීරණයක් ද මේක?“
“ඔව් ඩොක්ටර්“
“ජීවිතේ කවමදාකවත් පසුතැවීමක් ඇති වෙන්නෙ නැහැ කියලා හිතනවද?“
“ඔව් ඩොක්ටර්“
වෛද්‍යවරයා දිගු සුසුමක් හෙළිය.
“මේ ඔපරේෂන් එක කරනවට බාරකාරයා විදිහට අත්සන් කරන්න කෙනෙක් ඉන්නවද?“
“ඔ-ව්“
වෛද්‍යවරයා මා දෙස බලා සිටින්නට විය. ඒත් ඔහුගේ හිත තිබුණේ මට එපිටින් වූ සිතුවිල්ලකය.
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
හුටා...
ReplyDeleteදැං නං බුදු සුවර්...
අමාලි ඇන්ටිට හොදටම මංඤං
ඇයි වැඩේ හොඳ නැතිද ?
Deleteඅප්පේ ... මොකක්ද මේ කරන්න හදන්නේ ?
ReplyDeleteකවුද අමාලි ද රචකයාද. මේ එකනෙවෙයි. ඉවාන්ගෙ බ්ලොග් එක ලෙඩ දෙනවනේ. Script error එකක් එනවා. ඉවාන්ගෙ බ්ලොග් එකෙන් තමයි ලෙඩේ එන්නෙ. මං කොණ්ඩෙ දිග ඩයනට කොමෙන්ටුවක් කෙටුව ඒත් පබ්ලිෂ් උනේ නැහැ.
Deleteඔයාගේ කමෙන්ට් එක තියෙනවා අක්කේ .. ඔය කමෙන්ට් 200 පන්නම බ්ලොගර් එකේ එන ලෙඩක්, කමෙන්ට් බොක්ස් එකට යටින් තියෙනවා Load More එක ක්ලික් කරන්න , සමහර වෙලාවට දෙසැරයක් ක්ලික් කරන්න වෙනවා. එතකොට කමෙන්ට්ස් ඔක්කොම පේනවා . ඔයාගේ කමෙන්ට් එක දෙසැරයක් තියෙනවා .
Deleteඅප්පේ මේ කෙල්ල කරන්ට යන දේ! ලෝකෙ මෙහෙම අක්කලා නම් ඉන්නෙ බොහොම ටික දෙනයි තරූ.
ReplyDeleteඇත්ත චාන්දි. ඒත් මේතරම් මනුස්සකමින් පිරුණ මිනිසුන් මේ තුළින් හරි දකින්න අපි උත්සහ කරමු. ඉන් නෙතින් දකින දූෂිත සමාජය පරදවා හදවතින් සුන්දරත්වය විඳින්නට හැකිවෙනවා ඇති.
Delete