Thursday, March 27, 2014

මගේ නව කතාව

“මගේ කුළුඳුල් නවකතාව“ මැයෙන් බ්ලොග් පෝස්ට්ටුවක් දැම්මා මතක ඇති. ඔන්න එහි සඳහන් වූ නවකතාව මුද්‍රණද්වාරයෙන් නිකුත් වුණා. එය දොරට වැඩීමේ උත්සවය ඉදිරියේ දිනක පැවැත්වීමට කටයුතු යොදාගෙන යනවා. ඒ පිළිබඳ ලාංකීය බ්ලොග් රචකයන්ටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි අපේ ළමා කාලය තරුණ කාලය ගෙව්වේ ත්‍රස්තවාදය සමග. හැමදාම ම්ලේච්ඡ ප්‍රභාකරන් විසින් මරා දමන ලද මිනී බලමින් තමයි අප ජීවත් වුනේ. අප හැමෝම සෘජුව හෝ වක්‍රව ත්‍රස්තවාදයේ ගොදුරු වූහ. ඉන් අපේ පරම්පරාව විදෙව්වා. මහජනතාව ගැවසෙන ඕනෑම තැනක හිටියේ මර බියෙන් වට පිට බලමින්. දැන් ඒ මරබියෙන් අපි නිදහස්ව තිබුණත් ඒ අතීතය අමතක කළ නොහැක. දුටුගැමුණු රජතුමා, විජයබාහු රජතුමා සතුරන් පරාජය කරපු නොදුටු අතීතයක් ගැන මහ උජාරුවෙන් අපි කතා කරනවා, ලියනවා. ඒත් අපේ අත්දැකීම් විඳවීම් අමතක කරන්න උත්සහ ගන්නවා. එය එසේ නොවිය යුතුයි. අපට තමයි යුද්ධය ගැන යමක් මතුපරපුරට දායාදකරලා දෙන්න පුළුවන්. අපි ඒ මෙහෙය කළ යුතුයි. මේ එවන් වෑයමක ප්‍රතිඵල යයි.   
මගේ නව කතාවේ එන කොටසක් මෙසේ පළකරමි.
පිට්ටුයි මුරුංගා හොදියි එකට අනාගත් පරම් එය ඉක්මනින් ගිලදමන්නට විය.
“ටිකක් හෙමින් කාපන්කො පුතේ..... මොකද්ද තියෙන හදිස්සිය?“
“ඔව් ඉක්මනට යන්න ඕන.“
පවුලේ බඩ පිස්සා වූ පරම් කෙරෙහි රේවතීගේ හිතේ තිබුණේ අසීමිත සෙනෙහසකි. ඒ නිසාම ටික දිනක සිට ඔහුගේ හැසිරීමේ ඇති වී ඇති වෙනස මවගේ හිතට ගෙනාවේ කුතුහලයකි.
වෙනදාට දෙපාරක් බෙදාගෙන කන තම ප්‍රියතම ආහාරය වූ මුරුංගා වෑංජනය දෙස ඔහු එදා බැලුවේවත් නැත. ඔහු හිතාමතාම මුරුංගා වෑංජනය මගහරින්නට වූයේය.
“උඹට මුරුංගා කෑල්ලක් දාන්නද?“
“එපා එපා...“ මවගේ අතේ තිබූ මුරුංගා වෑංජනය තම අතින් පසෙකට තල්ලු කළ හෙතෙම ඉඳුල් අත සෝදාගත්තේය.
“උඹට දැන් මං හදන මුරුංගා වෑංජනෙත් එපා වෙලාද?“ මවගේ මුහුණ ශෝකාකූල විය.
**        **        **
ස් පහත්වන රළ අතරේ රටාවට උස් පහත් වන බෝට්ටුවේ සැඟවී සිටි පරමානන්දන් හා පෙරියසෝති පිටතට පැමිණයේ බෝට්ටුව යාපනේ වෙරළ තීරයෙන් නික්ම බොහෝ දුරක් ගිය පසුය.

සෑ.යු.- මෙහි ප්‍රධාන නම් තුන හතරක් ප්‍රකාශකගේ ඉල්ලීම පරිදි අකමැත්තෙන් වුවද වෙනස් කිරීමට සිදුවීම ගැන කණගාටුව පළකරමි. 

18 comments:

  1. ජය පතනවා ඔබට සුභ අනාගතයකට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්

      Delete
  2. සුභ පැතුම් තවත් විශිස්ට නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්

      Delete
  3. දැනුවත් කරන්න. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් දැනුවත් කරනවා. දේශකලගේ පැමිණීමත් බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. සුබ පැතුම් ඔබට,පිටවුනාම අපිවත් දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපඅයියේ. පොත නම් 25වෙනිදා පිටවුනා. එහි නම දොරට වැඩුම ආසන්නයේ කියන්නම්. ලංකාවෙනම් ඉන්නේ දොරට වැඩුමට එන්න.

      Delete
  5. Anonymous28/3/14

    සාර්ථක ගමනකට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ අයියේ

      Delete
  6. සුබ පතනවා ඔබට ගී පවුරෙ අපිත්............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සියලුදෙනාටම!

      Delete
  7. ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිෙන්ෂ්

      Delete
  8. සුබ පැතුම් තරු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන

      Delete
  9. මගේ සුබ පැතුම් තරු...විශේෂයෙන් ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. ෙගාඩක් ස්තූතියි බින්දි!

      Delete