එකවරම දොර වැසීයන හඬ ඇසී මම ගොස් දොර ඇස ඔහුට කතා කළෙමි. සුරංග මා දෙස නොබලාම මෝටර් බයිසිකලය පණගන්වාගෙන විදුලි වේගයෙන් පිටව ගියා.
සුරංග ගිය වේගයට ඔහුට අනතුරක් වේය කියන බිය මගේ හිතට එකවරම අැති විණ. ඒත් දැන් ඔහු පිටව ගොස් හමාර ය. මම දොර වසා දමා කාමරයට වැදුණේ හිතේ පුරවාගත් දැඩි වේදනාවකිනි. සුරංග මගේ උපන් දිනයට ගෙනැවිත් දුන් තෑගි පාර්සලය මේසය මත නිහඬව බලා සිටියි. මේසය වෙත ගිය මා පාර්සලය අතට ගෙන එය ආවරණය කර තිබූ විසිතුරු කොළය සෙමෙන් ඉවත් කෙරුවෙමි. රෝස පැහැයට හුරු කුඩා පෙට්ටියක් මතු විය. මම පරිස්සමට එය විවර කර බැලුවෙමි. මගේ හදවත එකවරම නැවතුනා සේ දැනුණි. පෙට්ටිය තුළ කුඩා මුද්දක් විය. සුරංග කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේ මුද්ද ගේන්න ඇත්තේ. මුද්ද මගේ ඇඟිල්ලේ පළන්දා බොහෝ දේ කියන්නට හිතාගෙන එන්න ඇති. “උඹ මහ නපුරු ගෑනියෙක් අමා. ඒ අහිංසක කොල්ලගෙ බලාපොරොත්තු විනාශ කරලා දැම්මා...!“ මගේ හිත මට දොස් නගන්නට විය. දෑසින් කඩා වැටුණු කඳුළු කැට දෙකක් කුඩා පෙට්ටිය තුළට වැඩී බොඳ වී ගියේය.
“මට සමාවෙන්න රත්තරං. ඔයාගෙ අතින් මේ මුද්ද පළන්දගන්න තරම්, මං වාසනාවන්ත නෑ. මම සුදුසුත් නැහැ.“
හිතේ ඇති වී තිබූ දෙගිඩියාව නිසා පැයකට පමණ පසු මම හෝටලයට දුරකථන ඇමතුමක් ගත්තෙමි. සුරංගගේ දුරකථනයට කෙළින්ම සම්බන්ධ වීමට නොහැකි විය. අනතුරුව පිළිගැනීමේ නිලධාරිනිය වූ නයෝමි ගේ දුරකථනය හරහා සුරංගට කතා කරන්න බැලූ මුත් ඒ උත්සහය ද ව්‍යරථව ගියේ, ඔහු කාර්ය බහුල බැවින් කිසිදු ඇමතුමක් ඔහුට සම්බන්ධ නොකරන ලෙසට පවසා තිබූ නිසාවෙනි. කෙසේ නමුත් සුරංග කරදරයකින් තොරව පැමිණ සිටීම මගේ සිතට ගෙනාවේ සැනසීමකි. පසුව ඔහුට කතා කර හිතු රිදුනට සමාව ඉල්ලාගැනීමට සිතාගත්තෙමි. මම යළිත් සවස හෝටලයට කතා කළෙමි. එවිට සුරංග ඉන් පිට ව ගොස් තිබුණි.
*** *** *** ***
එදා සිදුවීමෙන් පසුදින සුරංග හෝටලයට ගොස් තිබුණේ නැත. මට කතා කළෙත් නැත. දෙවන දින ද මම හෝටලයට ඇමතුමක් දුනිමි. සුරංග පැමිණ නැත. නයෝමි ද කීමට කිසිවක් නොදනී. මම පියල්ට කතා කළෙමි.
“පියල්, සුරංග මහත්තයා හෝටලේට ආවෙ නැත්තෙ ඇයි කියලා, පියල්වත් දන්නෙ නැද්ද?“
“අනේ.... නැහැ නැහැ නෝනා.“
“ඔය ඇත්තම ද පියල්?“
“ඔ, ඔව් නෝනා.“
“මට හිතෙනවා, පියල් මොනව හරි මගෙන් හංගනවා කියලා.“
“අනේ නැහැ නෝනා.“
මට දිගු සුසුමක් හෙළුනේ ඉබේටමය. එය අනෙක් අන්තයේ සිටි පියල්ට ද ඇසෙන්නට ඇති.
“කමක් නැහැ පියල්. සුරංග මහත්තයා ආවොත් කියන්න මං කතා කළා කියලා.“
“හොඳයි නෝනා.“
මම රිසීවරය තැබුවෙමි. දැන් නම් මගේ හිත නොසන්සුන් වී ගෙන එයි. සුරංග හෝටලයට නොගිහින් කොහේ යන්න ඇති ද? ගෙදර සිටිනවා විය නොහැකි ද? ඒත් ඔහු නිකං එසේ නොඉඳියි. එසේ නම් අසනීපයකින්වත් ද? ගෙදරට කතා කිරීමට සිතුන ද ඊට සිත පස්සගහයි. සුරංගගේ අම්ම මංගලිකා නැන්දා
පෙර දිනක අපේ අම්ම හමුවී දොස් නගා තිබුණේ, අපේ සම්බන්ධෙ නතර නොකර ඊට උල්පන්දම් දෙනවාය කියමිනි. ඒ නිසා එහාට කතා කිරීමට හිතට බියක් දැනේ. ඒත් සුරංග ගැන ආරංචියක් දැන ගන්න ඇති හොඳම මගවන්නේ ද එයයි. මද වෙලාවක් නිහඬව හිඳ හිතට ධෛර්ය උපද්දවාගෙන සුරංගගේ ගෙදරට කතා කෙරුවෙමි. ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ මංගලිකා නැන්දායි.
“නැන්දෙ මං අමාලි. සුරංග ගෙදර ඉන්නවද?“
“පුතා ගෙදර නෑ!“
ඈ නුරුස්නා ලෙස පැවසීය.
“සුරංග ගියේ කොහෙද දන්නෙ නැහැ නේද නැන්දෙ?“
“අපි හිතුවේ ඔය ළමය දන්නව ඇති කියලා පුතා යන එන දිහාවල්. මේ, අමාලි දුව අහිතක් හිතන්න එපා. මගේ පුතාට අනාගතයක් තියෙන්න ඕන. එයාට සිද්ධවෙනවා... එයාට විතරක් නෙමෙයි අපිටත් සිද්ධවෙනවා අතීතය අමතක කරලා අනාගතයට මූණ දෙන්න. ඔයා ඉන්න තත්වෙ හැටියට මගේ පුතාව බඳින්න බැරි බව හොඳාකාරවම දන්නවා. (හඬේ ආවේගය වැඩිවෙයි) ඒ හන්දා තවත් මගේ කොල්ලව රවට්ටන්නේ නැතුව පුතා ගැන තියෙන අදහස අත්හැර ගත්තොත් හොඳයි. රෝද පුටුවක් උඩ ඉන්න ගැනියෙකුට මිනිහෙක් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්.“ යි උපහාසාත්මක සිනහවක් නගමින් ඈ රිසීවරය දඩස් ගා තැබුවා ය. එය මගේ හදවතට උල්පිහියකින් ඇණ්නා වැනි වේදනාවක් එක්කළේ ය. මගේ දෑස් බරවීගෙන එයි. ඒ එක්කම මට මා ගැනම දැඩි තරහක් හිතේ ඇති විය. මගේ දෑත් වෙව්ලන්නට විය. හුස්මගැනීමේ වේගය වැඩිවිය. “දෙයියනේ... මොන කරුමෙකට ද මාව බේරුණේ! මෙහෙම ජීවත්වෙලා මොකටද?“ මම කකුල් දෙකට මුළු ශක්තිය යොදා ගහගෙන යන්නට වීමි. මගේ දෑස් හඬාවැටෙන්නට විය.
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....
ජීවිතය ඛේදාන්තයක් වුන මිනිස්සු කෙසේ වෙතත් ගැහුණු නම්විදින්නෙ අනන්ත දුක්... මිනිහ අබ්බගාත වුණත් ගැහැණිය අබ්බගාත වුණත් සමානවම දුක් විදින්නෙ ගැහැණිය... ඒ මේ සමාජය හැදිල තියෙන හැටි...
ReplyDeleteඅදත් හොදයි... දුකට බරයි.... ඊළග එක එනකන්.........................................................................................................................................................................................................................................................................
මහේෂ්ගෙ කතාව ඇත්ත. ගැහැනියට දුක දරාගැනීමේ ශක්තිය උපතින්ම ලැබිල තියෙනවා. මේක ලෝකෙ ඕනම ගැහැනියෙකුට පොදුයි. ඒත් ආසියිතික ගැහැනු හා බටහිර ගැහැනු ඒ දුකට මුහුණ දෙන ආකාරය දෙවිදිහක්. ආසියාතික ගැහැනිය කුටුම්බ ජීවිතයට දැඩි ආදරයක් බැඳීමක් දක්වනවා. ඒ නිසා දරුවන් නිසා හෝ අත්මගරුත්වය නිසා හෝ අඬාවැළපී දුක දරාගන්නවා. ඒත් බටහිර ගෑනු, ඕන කුදයක් ගහගත්තාවේ කියලා දමල ගහල යනවා.
Deleteඊලගට වෙන දේත් බලාපොරොත්තුවෙන් මග බලා සිටිමි.
ReplyDeleteඉක්මනින්ම පළ කරන්නම්.
Deleteගුණ පන කියන්න කලින් තව ටිකක් කියවමු නේද,දැන් හොඳයි ඔයවගේ ඉක්මනින් ලියන්න.
ReplyDeleteඔව් ඔව් කාල කළමනාකරණය ටිකක් සංශෝධනය කරගත්තා. ඒ නිසා වැඩි කාලයක් නොගෙන ලියන්න පුළුවන් වෙයි.
Deleteමිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නේ කොයිතරම් පොඩි වේලාවක්ද? කොහොමත් මිනිස්සු අනුන්ගන් හිතනවා වගේ පෙන්නුවට හිතන්නේ තමන් ගැන විතරයි නේද?
ReplyDeleteබුදු හාමුදුරුවොත් කියලා තියෙනවා තමන්ට ආදරය කරන්න බැරි මිනිහා කොහොමද අනුන්ට ආදරය කරන්නෙ කියලා. ඒකනේ මෛත්‍රී භාවනාවේ “මම නිදුක් වෙම්වා...“ කියලා පටන්ගන්නේ. ආත්මාර්ථය සහජයෙන්ම මිනිසා ලද දෙයක් ඉවාන්.
Deleteමං කලින් කොටසෙදි සුරංගයට කිව්වා ගේ ලඟදි හයියෙන් ගියාට, පාරට ගිහින් හෙමින් යන්න කියලා. ඒක නම් යන්තම් අහල තියනවා :D
ReplyDeleteඅනෙක් කොටස එනතුරු බලා හිඳිමින්....
:D
Deleteමට කොටස් දෙකක් විතර මිස් උනා මයේ හිතේ..
ReplyDeleteමටත් තෙරුණා දේශක මේ පැත්තට ඇවිත් නෑ කියලා.
Deletesthuthiyi tharu...
ReplyDeleteමොකද මේ... කොමෙන්ටුව මාරුවෙලාවත්ද? කමක් නෑ බින්දි. ස්තූතියට ස්තූතියි.
Delete