------------------------------------------------------------------------------------ 07 ෙකාටස
හදිසියේම
පැමිණි සුරංගගේ මෝටර් බයිසිකලය මගේ ගමන අවහිර කොට නැවැත්තුවේ ය......
“නගින්න මං ඇරවන්නම්.“
“නෑ ඕන නෑ. මට බස් එකේ යන්න පුළුවන්.“
“මේ පිස්සු විකාර නැතුව නගින්න.“
සුරංග එසේ හඬ උස්කොට කියද්දී මට මෝටර්
බයිසිකලයට නොනැග සිටීමට නොහැකි විය. මෙසේ ගමන් කිරීම මට නුපුරුදු දෙයක් වුවද අවස්ථාවේ හැටියට එසේ නොකර සිටීමට ද
නොහැකි විය. සුරංග මෝටර් බයිසිකලය එකවරම ඇසල ගසක් යට නැවැත්තුවේය. පීත වර්ණයෙන්
හැඩ වූ ඇසල ගස පරිසරයට එක් කළේ අමුතුම ආලෝකයකි.
“ඇයි නැවැත්තුවේ.?“
“අපි ටිකක් නිදහසේ කතා කරමු. ඔයා හොටෙල්
එකෙන් ආවෙ මාත් එක්ක තරහ වෙලා නේද?“
“නැහැ.“
“අමා, ඔයා කොච්චර අංගන්න හැදුවත් මට
පේනවා ඔයාගෙ ඇස් දෙකෙන්, ඔයා මට කොච්චර ආදරේද කියලා.“
සුරංග මගේ දෑත ගෙන ඔහුගේ ළමැදට
සිරකරගත්තේය. මගේ හෘද ස්පන්දන වේගය වැඩිවනවා සේ දැනේ. මම ඔහුගේ ග්‍රහනයට හසුව ඇති මගේ
දෑත් මුදාගන්නට නිශ්ඵල උත්සහයක නිරත වුණෙමි.
“අත් දෙක අත අරින්න. කවුරු හරි
දැක්කොත්.“
“ඉතිං දැකපුදෙන්. අපි වැරදිවිදියට
හැසිරෙන්නේ නැහැනෙ.“
“ඒ උනාට කවුරු හරි දැකල ගෙදරට කිව්වොත්.
ප්ලී....ස්.“
මගේ දෑත් ඒ ග්‍රහණයෙන් මිදුනේ බැගෑපත්
වීමෙන් පසුවය.
“මගේ හොටේල් එකේ ලස්සන කෙල්ලෙක් හිටිය
කියලා, මොහොතකටවත් වැරදි විදියට හිතන්න එපා. එයාට කලින් මට ඔයාව හම්බවුනේ.
හැබැයි.... ඔයාව හම්බවුනේ නැත්නම්, හෝටලේ අයිතිකාරිය එයා වෙන්න තිබුණ.“
“දැන් අපි ඔය කතාව නවත්තමු ද. අනවශ්‍ය
දේවල් කතා කරල නිකං හිත් රිද්දගන්න ඕන නැහැනෙ.“
මම සුරංගගේ බයිසිකලෙන් ගොස් නිවස
ආසන්නයේ බැස්සෙමි. අම්මා දොර අසලට පැමිණ මාර්ගය දෙසට එබිකම් කරනු පෙනේ. පුස්තකාලයට
යනවා කියූ මා, ඒ කටයුත්ත සඳහා පැය තුනක් වැයකර තිබුණි.
“මොකද දරුවො මෙච්චර පරක්කු උනේ.? මං
බයෙන් හිටියේ.“
“පුස්තකාලෙදි යාළුවෙක් හම්බවුනා අම්මෙ.
ඉතිං ටිකක් වෙලා කතාකර කර හිටිය.“
මට අම්මාට මුසාවක් කීමට සිදුවිය. පව්,
හොරෙන් ආදරය කරන්න ගත්විට දරුවො දෙමව්පියන්ට කෙතරම් බොරු කියනවද? ඔවුන් දරුවන්
කියන මුසා, සත්‍ය ලෙස ඉහළින්ම පිළිගනියි.
**** **** **** ****
වත්තේ රෝස පඳුරු දෙකක නැවුම්
පෙහොට්ටු දෙකක් පීදී තිබේ. ඒ මල් පඳුරු දෙකෙන් එකක් අක්කා විසින් පැළ කරන ලද්දකි.
අනෙක මා විසින් පැළකරනු ලැබූවකි. අප දෙදෙනා අතර තිබූ බැඳීම වගේම මේ මල් පඳුරු දෙක
අතරද බැඳීමක් තියෙනවා ඇති, ඒකනේ පොහොට්ටු දෙක එකට පීදිලා තියෙන්නේ.
සුරංග මගේ ජීවිතේට සම්බන්ධ වූ දා
පටන්, මගේ ජීවිතේ හැම තත්පරයක්ම දැන් ගෙවෙන්නේ ප්‍රබෝධයෙනි. මම ඒ සුන්දර මිනිසාගේ
මුවකමල මවා ගන්නට උත්සහ දැරුවෙමි. ඒ සිනහවට ඕනෑම කෙල්ලෙක් වසඟ කරගැනීමේ ආකර්ෂණයක්
තිබේ. ඒ වගේම ඒ කතා කරන දෑස් මටනම් බලාසිටින්නට බැරි තරම් මායාකාරී ය. ගෙතුලින්
දුරකථනය නාදවනු ඇසේ. ඊට ඇමතීම සඳහා මා එතැනට දුව යන විට, අම්මා එයට අමතනු පෙනුණි.
“අපරාදෙනේ, ඇයි පුතා නිකං මහන්සි
වෙන්නෙ. හරි හරි, ඔයා බලකරනවනම් අපි උයන්නෙ නැතුව ඉන්නම් කො.“
එසේ කියමින් අම්මා රිසීවරය දුරකථනය
මත තැබුවාය. ඒ කතා කළේ සුරංග බැව් නිසැකය. ඒත් ඔහු පැවසූ දේ ගැන මට හරි අවබෝධයක්
තිබුණේ නැත.
“කවුද අම්මා.“ නොදන්නා සේ මම ඇසුවෙමි.
“මේ... සුරංග පුතා. දවල්ට උයන්න
එපාලු. හෝටලෙන් කෑම ගේනව කියන්නේ.“
සුරංගගේ අරමුණ කුමක්ද කියා
පැහැදිලිවීමෙන්, මගේ මවගට නැගුනේ සිහින් සිනහවකි. ඒත් ඒ බැව් අම්මාට නොපෙන්විමි.
“හරි ෂෝක්නෙ.“
“ඒ උනාට නිකං අපරාදෙ ඒ ළමයගෙ සල්ලි.
මෙහෙම බෙදන්න ගියොත් හෝටලේ වහලදාන්න වෙන්නේ.“
සුරංගට අපේ නිවසට පැමිණීමට කුමක් හෝ
හේතුවක් අවැසි නිසා මෙම යෝජනාව ගෙනා බැව් පැහැදිලියි. හරිම කට්ට කොල්ලෙක් තමයි.
සුරංග පැමිණෙන වෙලාව ආසන්න වන විට මම උළුවස්සට හේත්තු වී බලාසිටින්නට වීමි. ඒත්
ඔහු එනවා යයි පැවසූ වෙලාවත් ටිකෙන් ටික පහුවන්නට විය.
“මොකද මේ ළමය පරක්කු. දැන්නම්
බඩත්ගිනියි.“
අම්මා ද මා අසලට පැමිණ උළුවස්සෙන්
එබී බලන්නට විය.
“ව්‍යාපාර කරනකොට වෙලාවක් අවේලාවක්
නැහැ නෙ.“ යි පවසමින් අප්පච්චී සාලයේ වූ හාන්සි පුටුවේ දිග ඇදුණේය.
“මද්දු කෝල් එකක්වත් දීල බලන්න. මෙහේ
එන්න ඇවිත් මොකුත් කරදරයක්වත් උනාද දන්නෙ නෑ නෙ.“
“දැන් එනව ඇති අම්මෙ.“ යි පැවසුවත්
මගේ සිතේ ද බියක් නැතුවා නොවේ. ඒත් ඒ බියට වැඩි වෙලාවක් මගේ හිතේ රැඳෙන්නට ඉඩක්
නොවී ය. බත් පාර්සල් රැගත් සුරංගගේ මෝටර් සයිකලය ගෙමිදුලේ නැවතුණි. මගේ දෙපා
ක්ෂණයෙන් ඒ දෙසට එසවෙන්නට වූහ.
“අපෝ.... හරිම දඬුවමක්නෙ ඔයා දුන්නෙ.
අම්මලාට බඩගින්නේ ඉන්න බැරිව අන්න නිදාගන්න ගියා.“
“අනේ සොරි අමා. පියල්ට පැකට් ටික
හදන්න කියල තියෙද්දි මිනිහ ටවුමට ගිහින්. අන්තිමට මමයි බත් පැකට් කළේ.“ යි සුරංග
පැවසුවේ බත් පැකට් සහිත බෑගය මා අතට දෙමින් ය.
“මට නම් බයත් හිතුන ඔයා පරක්කු
වෙනකොට.“ යි මා පැවසුවේ හඬ බාල කරමින්ය.
අම්මාත් අප්පච්චීත් ආහාර වේල රස
කරමින් අනුභව කරන්නට වූහ. සුරංගත් ආහාර නොගෙනම පැමිණ සිටියෙන්, ඔහුටත් බත්
පාර්සලයක් රැගෙනවිත් තිබුණි. මට නම් අවශ්‍යව තිබුණේ කෑම කනවට සුරංග සමග අල්ලාප
සල්ලාපයේ යෙදීමටය. විගසින් කෑම කා අවසන්ව අලිගැට පේර ගහ යටට ගොස් ලෑලි බංකුවේ
ඉඳගත්තෙමි. සුරංග අප්පච්චී සමග හෝටලයේ තතු කතා කරමින් සිටිනු විනා, මේ දෙසට ඒමට
අදහසක් නැතුවා සේ සිටියි. මගේ සිතට තරහක් හට ගැනුනෙන්, ඉඳ සිටි ස්ථානයෙන් නැගිට
ගෙතුලට යන්නට සූදානම් වුණෙමි.
“අමාලි කොහෙද යන්නෙ?“
සුරංග මා වෙතට දුව එනු පෙනෙයි.
“ඔයා එයි කියල කොච්චර වෙලා බලන් හිටියද.“
“මං අනාගත මාමත් එක්ක ටිකක් වෙලා කතා
කරා. මාමනම් බෑණට කැමතියි වගේ.“ යි මා අසලින් අසුන් ගනිමින් පවසන්නට විය.
“ඔයා මොකුත් ඇහැව්ව ද?“
“කෙළින්ම නෙමෙයි, වටින්ගොඩින්
පොයින්ට් ටිකක් දාලා බැලුව.“
“ඔව් සුරංග, අපි ඉක්මනටම අම්මයි
අප්පච්චිටයි කියමු. නැත්නම් හැම තිස්සේම එයාලට බොරු කියන්නයි වෙන්නෙ.“
“අමා, දියුණුවෙන්න මගේම ව්‍යාපාරයක්
පටන්ගත්තා විතරයි. මගේ ඉලක්කයක් තියෙනවා. මං කොහොම හරි ඒ තැනට යන්න ඕන. මං ඔයාගෙ
අම්මටයි අප්පච්චිටයි අපි ගැන කිව්වයි කියමු. ඊට පස්සෙ ටික කාලයක් ගියහම එයාල මට බල
කරාවි ඔයාව ඉක්මනට බඳින්න කියල. මං කොහොමද ඒක කරන්නෙ.“
“එහෙම වෙන්නෙ නෑ සුරංග.
හදිස්සියෙන්වත් ඒහෙම උනොත් මං ඒක බලාගන්නම්.“
අප්පච්චිලාට අපේ සම්බන්ධය සැල කිරීමට
සුරංගව එකඟකරවා ගැනීමට හැකිවීම මගේ සිතට ගෙන ආවේ සතුටක් මෙන්ම සැනසීමකි. නංගී කොළඹ
ගියාට පසු තරමක් සංකර වී සිටීම නිසා අප්පච්චි සිටින්නේ ඒ ගැන නොකමැත්තෙනි. ඒ නිසා
ඔහු ගෙ සිතේ මා කෙරෙහි දැඩි විශ්වාසයක් පවතී. එහෙව් එකේ අපේ සම්බන්ධෙ තව දුරටත්
සඟවාගෙන සිටීම මම ඔහුට කරන වංචාවක් සේ හැඟෙන්නට විය.
**** **** **** ****
සුරංග දින කිහිපයකින් මුණ නොගැසුන
නිසා හරි හැටි කතා නොකළ නිසාත් මගේ සිත නොසන්සුන් විණ. එකවරම මට හෝටලයේ පිළිගැනීමේ
නිලධාරිනිය සිහියට නැගුනි. ඇය මායාකාර කෙල්ලකැයි මට සිතේ. ඇය සිහිවීමත් සමගම මගේ
සිත අවුල්වන්නට විය. සුරංගට කතා කිරීමේ අරමුණෙන් දුරකථනය වෙත ගියෙමි. ඔහුගේ
කාර්යාල කාමරයට වෙනම දුරකථනයක් ඇත. මම එහි අංකය කරකැව්වෙමි. දුරකථනය නාදවනු ඇසේ.
සුරංග නැතුවාවත් ද? එකවරම සියුමැලි කටහඩක් අනිත් අන්තයෙන් ඇසුණි.
“Could I speak to Mister
Suranga"?
"Who is speaking there please?"
"Amali is speaking"
තරු
සිතට එන අදහස් ලියල යන්න අමතක කරන්න එපා.
මට තේරෙන්නේ නෑ මෙතන තියන බාධාව මොකක්ද කියලා. කිසි අවුලක් නැනේ. දෙන්නට බදින්න විතරයි තියෙන්නේ.
ReplyDeleteමගුලක් ගන්න ඒකත් ෙල්සි වැඩක් නෙමෙයි නෙ.
Deleteහැබැයි ගෙදරට හොරෙන් ලව් කරාම තමයි එකේ ගතිය තියෙන්නේ, අහුවෙයිද කියලා බයෙන්, හොරෙන්, අහුවෙලා බැනුම් අහලා, තහංචි වැටිලා, ..... එතකොට තමයි මරු.
ReplyDeleteප්‍රගීත් ඒහෙනම් කාලා වගේ.
Deleteඔහොම තමා ආදරේ කරන කාලෙ, කෙනෙක් බැලුවත් මදෑ , මූන එල්ලා ගන්න.
ReplyDeleteප්‍රගීත් කියන දේ හරි, එතකොට තමා ගතියක් තියෙන්නෙ.
ඇයි ආදරේ කරන කාලෙට විතරද? බැන්දට පස්සෙ මොකද? චන්දි අපි කොච්චර බැන්නත්, වෙන කෙනෙක් දිහා වැඩිපුර බැලුවොත් තද වෙනවනේ. ඒක තමයි ආදරේ.... වයසට ගියත් අවංක අාදරය හිත අස්සේ හැංගිලා තියෙනවා.
ReplyDeleteඔයාගෙ කතා වල මං දැකපු විශේෂත්වය තමයි, ඒවා ගලාගෙන යන විදිහ. එක තැන නතර නොවී මෙහෙම යනකොට කියවන්න ආසයි. නවත්වපු තැනට එනකොට හිතෙනව "ෂෙහ්.. ඉවරයි නෙ." කියල..
ReplyDeleteඅනෙක් කොටසත් ලියමුකො එහෙනම්..
ස්තූතියි චන්දන. අනිත් කොටසත් ඉක්මනින්ම ලියන්න උත්සහ කරන්නම්. ඒත් ටිකක් පරක්කු වේවි. මොකද මගේ මුල්ම නව කතාවේ හදිසි සංශෝධන වගයක් කරන නිසා.
ReplyDeleteඔයා අපේ දිහා එද්දී මම ඔයාලගේ දිහා අවා..හොඳයි නේද ඒ ක්‍රමේ ...? මේ කතාව කියවද්දී මටත් ලොකු අතීතයක් මතක් උනා තරු අරණ... එතරම් ප්‍රිය ජනක කතාවක් නෙවේ මගේ කතාව නම්...:(
ReplyDeleteදිගටම ලියන්න තරු..එනවා බලන්න...
ඔහ් බ්ලොග් අවකාශේ බර අත්තක්. සහන්ව සාදරෙන් පිළිගන්නවා තරු අරණට. හ්ම්.... profile එකට අනුව සෑහෙන ලොකු කතාවක්, අත්දැකීමක් ඇති හැඩයි. නෙතු අද්දර යථාර්ථවාදී අත්දැකීම්වල එකතුවක් කියලා හිතනවා. ඒ නිසයි ඒ කතාව කියවන විට සමහර මිතුරන්ට තම අත්දැකීම් යළි මතකයට නැගෙන්නේ. ඔබේ පැමිණිම ගැන සතුටුයි. දිගටම එන්න.
Deleteමම දන්නේ නැහැනේ ඔයා බ්ලොග් එකක් කරන බව..ඔයා මගේ පෝස්ට් කීපයකට ආව බව නම් මතකයි.. ඉන්න මම බ්ලොග් රෝල්ට දාගන්න..දිගටම ලියන්න බොහෝ දෙනා ඉන්නවා කියවන්න.. අපි ලියන දේශපාලන පෝස්ට් වගේ නෙවේ මේවා බලන්න අය ගොඩක් ඉන්නවා...
Deleteඔබට ජය ..!
නැවත ගොඩවී ගියාට ස්තූතියි සහන්. මා නිර්මාණ ඉදිරිපත් කරත්, ඒවට වඩා ඔබේ ලිපි හරවත්, ඒ වගේම ගැඹුරැයි. ඇත්තටම ඔබ වැන්නන්ගේ බ්ලොග් දැක්කම කෙතරම් බුද්ධිමත් අයද මේ ක්ෂේත්රයේ සිටින්නේ කියල හිතෙනවා. නැවතත් ස්තූතියි. මා බ්ලොග් එකක් කරන බව ඇස ගැටුණේ කෙසේද නොදනිමි.
Delete