Thursday, June 27, 2013

මම වැරදිනම් මට අනුකම්පා නොකරන්න



“ලොකු සර්....“ අපි කාගේත් අවධානය ඒ දෙසට යොමුවිය. නදීෂ් අත ජායාරෑපයකි. ඔහු එය විදුහල්පතිතුමාට දිගු කළේය. එය අතට ගත් විදුහල්පති ඒ දෙස පුදුමයෙන් බලා සිට එකවරම මා දෙස බැලීය.  අද එතැන් සිට.....

“මේව බොහොම සංවේදි සිදුවීම් උනත් හදවතට වහල්වෙලා තීන්දු තීරණ ගන්න බැහැ. මේ සිදුවීම වෙද්දි මිස් පාසැලේ නොසිටිය එක මිස්ගෙ අවාසනාව. මිසුයි නදීෂ් අතරෙයි සම්බන්ධයක් තියෙනවා කියන කතාව පාසැලේ පැතිරිලා ගියේ ලැව් ගින්නක් වගේ. අපේ ගුරු මණ්ඩලේ එකහෙලාම කියා සිටියේ මිස්වයි නදීෂ්වයි අස්කරල දාන්න කියල. දන්නැද්ද මේ නාකි අම්මණ්ඩිලට පොඩි දෙයක් ඇත්නම් කලබල වෙනවනේ....“

මම කාර්යාල කාමරයේ ජනෙල් කවුළුවෙන් ඈත බලා සිටින්නට වීමි. නොසිතූ මොහොතක සිදුව ඇති විපතක මහත. කොහොම උනත් මට නදීෂ්ගෙ ඉගෙනීම අවුල් වෙන්න දෙන්න බැහැ.

“සර්, මේ ප්‍රශ්නෙ නිසා නදීෂ්ගෙ අධ්‍යාපනය කඩාකප්පල්වෙන මොකුත් කරන්න එපා. මම අස්වෙන්න තීරණය කළා“

“මිස් එහෙම තීරණයක් ගන්නවනම් මට මේ ගැටලුව ගොඩින් බේරගන්න පුළුවන්. ඒක අපේ පාසැලෙ ගෞරවයත් හානියක් නැහැ. නැතිනම් මිස්ව අස්කිරීමට හේතු දක්වලා අමාත්‍යාංශයට ලියුම් යවන්න එපැයි.“

මගේ මුල්ම ගුරුපත්වීම මාස හතරක් වැනි කෙටි කාලයකින් නිමා කිරීමට සිදුවූයේ ඒ අයුරෙනි. නදීෂ් මා අස්ව යන බව අසා දැඩිසේ කම්පාවටත් කම්පනයටත් පත්විය‍.

****            ****            ****

          මව් සෙනෙහස අහිමි දරුවෙකුට ඒ සෙනෙහස ලබා දීම ඒ කෙනාගේ ජීවිතය සහමුලින්ම විනාශ කරදමන්නට තරම් වරදක්ද?  මට එය වරදක් ලෙසට නොපෙනුනත්, සමස්ත ලෝකයටම එය පෙනී ඇත්තේ වරදක් ලෙසට ය. එය මට තව තවත් පසක් වූයේ මේ සිදුවීමෙන් අනතුරුව මා ගෙදර ගිය විටත් ඉන් පසුව සිදුවූ කරුණු කාරණා නිසාත් ය.

          එදින මා පාසැල ඇරී ගෙදර යන විට අම්මා දොරකොඩට වී මා එනතුරු බලා සිටින්නට විය. මා වත්තට ඇතුලුවූවා පමණි, අම්මා මා ඉදිරියට දුවගෙන ආවාය.

“මොනවද දුවේ උඹ මේ කරල තියෙන්නේ. අපි දැන් කොහොමද පාරෙ බැහැල යන්නෙ. අපි දුප්පත් උනත් නම්බුකාර විදිහට ජීවත් උනා. උඹලගෙ තාත්තා නොවිඳිනා දුක් විඳලයි උඹලව මේ තැනට ගෙනාවේ. එහෙව්,“

“අම්මේ! “

අම්මා මට දෙස් දෙවොල තියමින් වැළහින්නක් සේ හඬා වැටෙන්නට විණි.

“අම්ම මෙතන විලාප දෙන්න ගත්තම අහල පහල අයත් දුවගෙන ඒවි. යමු ගෙට. ගෙට ගිහින් අහන්න තියෙන දෙයක් අහන්න.“

මම පය ඉක්මන් කරගොස් මගේ කාමරේට වැදුණි. අත් බෑගට වේගෙන් මේසය මත තබා ඇඳ මත හිඳගත්තෙමි. අම්මාත් පෙරළා මා පසු පසවිත් කාමරයට ඇතුල් විය.

“හරි, අම්මට දැන් මොනවද මගෙන් දැනගන්න ඕන.?“ මගේ හිතේ හටගෙන තිබුණේ දැඩි ශෝකයකි. අම්මාත් මට චෝදනා කරනවනම් තාත්තා මොනව කියයිද කරයිද.

“උඹ ඉස්කෝලෙ කොල්ලෙක් එක්ක හාදකමක් පවත්වනව කියන්නෙ ඇත්තද?“

මම වියරුවෙන් මෙන් සිනාසුණෙමි.

“කවුද අම්මට කිව්වෙ.?“

“ඉස්කෝලෙන් කතා කරල කිව්වෙ. ලොකු මහත්තය උඹව ඉස්කෝලෙන් අස්කලයි කියලත් කිව්ව.“

“ඉතිං, අම්මත් ඒව හිස් මුදුනින්ම පිළිගත්ත. අවුරුදු විසිහයක් වෙනකම් අම්මලත් එක්ක හැදිච්ච මට වඩා... පිට එකෙක් කියපු දෙයක් ලොකු උනා. අම්ම මාව හැදුවට මාව තේරුම් අරන් නෑ. ඒකනේ මං නැහැදිච්ච, අම්මලගෙ මූණෙ දැලිගාන්න ආව එකියක් විදිහට කතා කරන්නෙ.“

මගේ දෑසින් පිටතට පැන්න කඳුළු ගංගාව නොනවත්වා ගලා යන්නට විය. අම්ම කෙනෙකුට හැකිද මෙවන් පටු තීරණවලට එළඹෙන්න.

“උඹ මගේ කුසෙන් වැදූ දරුවෙක් බව ඇත්ත. ඒත් අපි උඹවත් වෙන එක දරුවෙක්වත් නීති දාලා හැදුවේ නෑ. ඒවයෙ ප්‍රතිඵල දන්නවනේ අක්කයි අයියයි කරපු දේවල් වලින්.“

එවරනම් මට අම්ම ගැන අනුකම්පාවක් ඇති වුණි. අයියා ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා වෙච්චි පටලැවිලි ගොඩත් අක්ක ගමේ කොල්ලෙක් එක්ක හොරා පැනල ගිය එක ගැනත් අම්මායි තාත්තයි තවමත් ඉන්නෙ දැඩි කම්පාවකින්. මම ඇඳෙන් නැගිට අම්මගාවට ගියෙමි.

“මම කවදාවත් අයියයි අක්කයි වගේ හිතුවක්කාර වෙන්නේ නෑ අම්මේ…..මම දිවුරලා පොරොන්දු වෙනවා.“

මම අම්මගේ දෑත් අල්ලා සපථ කෙරුවෙමි. ඉක්බිති පාසැලේ සිදුවීම ඇයට විස්තර කළෙමි. ඇය ඉන් සත්‍ය අවබෝධ කරගැනීම ගැන මගේ සිතට ගෙනආවේ සැනසීමකි. ඇය තාත්තටත් මේ ගැන පහදාදීමට පොරොන්දු විය.

පාසැලට අස්වීමේ ලිපිය භාර දී මම ගෙදර නැවතුනෙමි. ඒ ඉන්නා අතරේ දුෂ්කර පළාත්වල පිහිටා ඇති පාසැල් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා ඉල්ලුම් පත් යැවීය. මාස පහකට පමණ පසු ත්‍රිකුණාමලේ දුෂ්කර ගමක මුස්ලිම් විදුහලකට ගුරුපත්වීමක් ලැබිණි. සිදුවීම් සියල්ල අමතක කර ජීවිතය අලුතෙන් පටන් ගැනීමේ අපේක්ෂාවෙන් මම ත්‍රිකුණාමලේට ගියේ බොහොම කැමැත්තෙනි. අතීතය වළලාදමන්නට අවශ්‍ය වුවත් එක් දෙයක් මට එසේ වළ දැමීමට හැකියාවක් තිබුණේ නැත. මට නදීෂ්ව මගේ ජීවිතෙන් ඈත් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. මානසිකව ඇදවැටී සිට ප්‍රකෘති තත්ත්වයට පත්කරපු නදීෂ් නැවත පෙර තත්ත්වෙටම පත්වේ යැයි මා සිතෙ හි පැවතියේ දැඩි බියකි. ඒ නිසාම සැනසිලි වදන් අකුරු කර ඔහු අතට පත්කරන්න මා අමතක කරේ නැත. මෙලෙස වසර දෙකක් පුරාවට ඔහුට ලිව්වෙමි.

කාලයත් සමග මට අලුත් පාසැලටත් අලුත් පළාතටත් හුරු පුරුදුවන්නට හැකි විය. කාලයත් සමග සියල්ල විසඳී ඇතැයි කියා සිතුවත් එසේ වී නැතිබව, පසක් වූයේ මට මංගල යෝජනා එන විටදීය. පාසැල් නිවාඩු කාලේ මට නිවසට යන්න සිදුවූයේ අනාගත සහකරුවෙකු තෝරා දීමට දෙමව්පියන්ට තිබූ අවශ්‍යතාවය නිසාය. ඒත් මා කළින් පැවසූ දෑ ක්‍රියාත්මකවන්නට පටන් ගන්නේ කැමැත්ත ලැබෙන සහකරු පසුව අකමැති බව දන්වා එවන විටදීය.

“හාමිනේ, තවත් නම් මට මේ ගෙදරට කපුකම් කරන්න බෑ. කාංචනා නෝන ගැන පැහැදීමෙන් මේ ගෙදරින් පිට වෙලා යන මහත්තුරු පස්සෙ අකමැතියි කියනවා. කවුරු හරි එකෙක් අර කතාව ඒ මිනිස්සුන්ගේ කන්වල තියනවා..“

“වෙන කවුද සේදරන් උන්නැහේ.... මේ අහල පහල එවුන්ම මිසක්. ඕකෙන් මේකෙන් වෙන්නේ මගේ පොඩි කෙලී ගෙදෙට්ට නාකිවෙන එකයි. අනේ..... ඔය මුසා කියන එවුන්ට හොඳක් නම් වෙන්න එපා.“

          මේ සිදුවීම් මගේ සිත තව තවත් කලකිරීමට පත් කරන්නට විය.  විවාහයක් ගැන තිබූ උවමනාව ටිකෙන් ටික මගේ හිතෙන් ඈත්වන්නට විය. මගේ ගුරු ජීවිතය දරුවන් වෙනුවෙන් කැපකරන්නට සිතාගත්තෙමි. අග හිගකමින් පෙළුන දරු දැරියන්ට නොමිලේ ඉගැන්වීමේ පංතියක් ආරම්භ කළෙමි. මේ සත්කාරය නිසා සිංහල දෙමළ මුස්ලිම් කා අතරත් මා ගැන තිබුණේ ගෞරවයක්. මග තොටේ දී කඩ පිලේ දී පවා ඔවුහු මට හිස නමා අචාර කිරීමට තරම් නිහතමානී වූහ.  අතීතයක අවසානය වර්තමානයයි. මම ඒ වර්තමානයට පැමිණ සිටිමි. ඒ අද දවසත් සමග....

“දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි නදීෂ්. අපි ඒව අමතක කරල දාමු. ඒ හැම දේකටම පස්සේ ඔයා මේවගේ තැනක ඉන්න එක මට ලොකු සතුටක්.“

“ඒක ඇත්ත. ඒත් මට මේ ටිකත් කියන්න ඉඩදෙන්න මිස්.  මිස් ගියාට පසුසෙ මට තවදුරටත් ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්න ඒ කොල්ලො ඉඩ දුන්නෙ නෑ. උන් මහ බලු විදිහට මටයි මිස්ටයි අපහාස කළේ. මට කෙසේ වෙතත් මිස්ට අපහාස කරනවා බලාගෙන ඉන්න බැරි උනා. ඒ නිසා දවසක් මං කොල්ලෙකුට අල්ලගෙන ගැහැව්ව. ලොකු සර්ට උවමනා වුනා මාව ඉස්කෝලෙන් අස්කරන්න. පස්සෙ තාත්තා මාව අස්කරල වෙන ඉස්කෝලෙකට දැම්ම. එදා මම හිතා ගත්තා කවද හරි හොඳ තැනකට එනව කියල. මට ඒ ධෛර්ය ලැබුණේ, මිස්ට මතකද දවසක් මිස් මාව ස්ටූඩියෝ එකකට එක්කගෙන ගිහින් ෆොටෝ එකක් ගත්ත. අන්න ඒකයි, මිස් මට එවල තිබුණ ලියුම් දෙකයි. මම හැමදාම ඒ ෆොටෝ එකටයි මගේ මැරිච්ච අම්මටයි වඳින්න පුරැදු උනා. මිස්ගෙ ලියුම් දෙක හැමදාම උදේට කියවන්න පුරැදු උනා. ඒකෙන් හිතට පුදුම ධෛර්යක් ලැබුණා.“

          ඒ කතාවත් සමග මගේ දෑසට නැගුනේ සතුටක සිහින් කඳුලකි.

බැංකුව විවෘත කළහම ගිහින් නදීෂ්ව හම්බ වෙන්න පුළුවන්, යන සිතුවිලි අතරේ ඉද්දි ගේට්ටුව අසල බයිසිකල් සීනුවක හඬ ඇසෙන්නට විය. මම දොර ඇර බැලුවෙමි. බයිසිකලයක නැගි තරැණයෙක් ගේට්ටුව අසල සිට බලා සිටියි.

          “ටෙලි ග්‍රෑම් එකක්.....,“

          “........? “

නිමි.

ඔබේ සිතට පැමිණි අදහසක් වේ නම් ලියල යන්න අමතක කරන්න එපා.....

16 comments:

  1. මොකද යකෝ අන්තිමට තවත් එකක් පටන් ගන්න හිතාගෙන නිමි දාන්නේ.. හැක් හැක්..එතැන හිස් තැන තිබ්බම කිසිම අයිඩියා එකක් එන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. catergorise කරපු එකේ අවුලක් තියේ නේද.. මං කිව්වේ ලේබල් ඇලවීම ගැන

      Delete
    2. අවසානය සිතීම ඔයාලට බාරයි. ඇයි අනේ... මේක කෙටි කතාවක් කියල අමතක උනාද. නව ‘නෙතු අද්දර‘ පටන්ගන්නත් ඕනනේ...

      Delete
    3. මටත් ගැටලුවක් උනා, ලේබල් කිරීමේදී ‘කෙටි කතා‘ විදිහට දැම්මට කොටස් 03 ක් නිසා කතා 03ක් හැටියට පෙන්නයි නේද?

      Delete
  2. ඇත්තටම තරු මොකද? උනේ. නදීෂ්ට කරදරයක් ද?

    ReplyDelete
    Replies
    1. අවසානය සිතීම ඔයාලට බාරයි. හැබැයි මගේ හිතේ තිබුණේ ඔයා අසා ඇති අවසානය නම් නොවේ.

      Delete
  3. නිමි කිව්වට ඔයාට තව කොටසක් ලියන්නම වෙනවා...!

    ReplyDelete
    Replies
    1. ඇනේ බැරියෝ.....

      Delete
  4. ස්තූතියි තරු...කියවන්න නම් පෝස්ට් ගොඩාක් තියෙනවා මග ඇරිච්ච. මේ කතාවෙත් අවසානය මොකද වුනේ කියලා හිතා ගන්න බෑ. හැබැයි එකක් නම් සහතිකයි ඔයා කෙටි කතා, නවකතා ලියන්න ගොඩක් දක්ෂයි. දිගටම ලියන්න ! සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අ.කො.! ඔබවත් තරැ අරණට සාදරෙන් පිළිගන්නවා.! අන්වර්ථ නමකින් පෙනී සිටියත් මම ලේඛන කලාවට සම්බන්ධ කෙනෙක්. මම බ්ලොග් එකක් පටන්ගත්තෙත් හිත තුල නලියන කතා ටික ලියන්න. අපි පණ යනකම් පොත් ලියන්නත්, ඉන්පසු එය ප්රපකාශකයෙකු මගින්, පොත එළියට දානකම් කාලයක් බලා ඉන්නෙත් 10% ක කතෘ භාගයක් වැනි සොච්චම් ගානක් වෙනුවෙන්. ලංකාව වගේ රටක ලේඛකයෙක් යනු දුප්පතෙක්.
      අනික වර්තමානේ හිතන තරම් ඉක්මනට නව කතා හෝ කෙටි කතා අලෙවි වෙන්නෙත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මේක තමයි අලුත්ම මාධ්යබ පාඨක පිරිසක් නිර්මාණය කරගන්න සහ ඔවුන්ව තෘප්තිමත් කරන්න.

      Delete
  5. ඕකනේ කියන්නේ ඉතින්.. මම මේ තාම අන්තිමේ මොකද වෙන්න ඇත්තේ කියලා හිතනවා..

    බලාගෙන යද්දී මගේ කතා කියවලා කට්ටිය මට බනින එක සාධාරණයි අප්පා.. :)

    ReplyDelete
  6. ඇත්තටම මෙය බොහෝ අවසානයන් නිර්මාණය කළ හැකි කතාවක් නිසා එය යාළුවන්ට තීරණය කරන්නම ඉඩ හැරියා.

    ReplyDelete
  7. Anonymous29/6/13

    ඇත්තටම ඔයාගේ අදහස් හරිම අව්‍යාජයි. ඒ වගේම හැඟීම් බරයි. ඔයා ලියද්දී මම ඒවා කියවලා පුදුම රස වින්දයක් විඳිනවා. මම හිතනවා ඔයා හොඳට මගේ හදවතට දැනෙන්න කතා කරනවා කියලා

    ReplyDelete
    Replies
    1. මුලින්ම දිස්නව තරැ අරණට සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ අදහස්වලට ගොඩක් ස්තූතියි. එය මට මහත් ධෛර්යයක්. හැඟීම්බර බවට මාත් ගොඩක් කැමතියි. එනිසා විය හැකියි මගේ අතින් මෙවන් කතා ලියැවෙන්නේ. “නෙතු අද්දර“ නව කතාව කියැවීමටත් ආරාධනා කරනවා.

      Delete
  8. ලස්සනයි කතාව..

    දෙවෙනි කොටසයි.. අවසන් කොටසයි මාරු වෙලා නේද.. මේකට කලින් කොටසෙ උඩින් තියනව අවසන් කොටස කියල. ඒක හදන්න. අනෙක කොටස් කතාවක් අතරට තවත් ලිපියක් දානව නම්, ඒ අමතර ලිපියට පෙර සහ පසු කොටස් වලට ලින්ක් දාල සම්බන්ධ කරන්න... උදාහරන ඕනෙ නම් මගෙ නිදන් කතාව බලන්නකො. (දැක්කද මං ඒ අස්සෙ ඇඩ් එකකුත් දා ගත්ත..:) )

    මූ හැම මගුලටම ඇඟිලි ගහනව කියල බනින්න එහෙම ඔට්ටු නෑ ඔන්න. :D

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව ස්පෑම් වෙලා. අදයි දැක්කේ. චන්දනගෙ උපදෙස වටිනවා. ස්තූතියි එයට. ඉදිරියේදී අනිවාර්යෙන්ම ලින්ක් එකක් එකතු කරනවා. කොටස් මාරැවීමක් නෙමෙයි උනේ. කොටස් දෙකකින් අවසන් කරහම, යාළුවො කිව්වා තව කොටසක් ලියන්න කියලා.

      Delete