Monday, March 25, 2013




'නෙතු අද්දර'  එරබදු මල් පිපෙන බක් මහේ 04 වෙනිදා සිට සෑම දෙසතියකටම  වරක්.


ආදරය කරන්න ආදරය ලබන්න අපි කවුරැත් කැමතියි. එසේ ලබාපු ආදරයක් අහිමි වුවහොත් ඇති විය හැකි විරහාව විදදරා ගැනීම අසීරු කටයුත්තක් වනු ඇත. ආදරයේ සුන්දරත්වය අත්විදි ඇයට ඒ සියල්ල අහිමි කරන්නට දෛවය අකාරැණික විය. ඇය අමාලි...

තරු අරණ වෙතින් ඉදිරිපත් කරන අනුවේදනීය ආදර කතාව 'නෙතු අද්දර' ළඟදීම....






''මගේ කතාව අහලා ඔයාගේ ඔය පුංචි හිතට දුක හිතේවි."

"කමක් නැහැ, මොකද මං කියලත් සැප විදපු කෙනෙක් නෙමෙයි නේ."


"අත් දෙක අතාරින්න සුරංග, කවුරු හරි දැක්කොත්"

"ඉතිං දැකපුදෙන්, අපි වැරදි විදිහට හැසිරෙන්නේ නෑනේ."

මගේ දෑත් ඒ ගර්‍හණයෙන් මිදුනේ බැගෑපත් වීමෙන් පසුවය.


"මොකද උඹ ඔය හැටි ආඩම්බර. අපිට පුළුවන් උඹව උස්සගෙන හරි යන්න."

6 comments:

  1. හ්ම්ම්ම්. ඉදිරියෙදී කියවලා බලමු නෙතු අද්දර... :)

    ReplyDelete
    Replies
    1. 'නෙතු අද්දර' සංවේදී ආදර කතාවක් වේවි කියල මං හිතනවා. දිගටම අප හා රැදෙන්න. - තරු -

      Delete
  2. ලස්සන කතාවක් වේවි වගේ ..ඇත්තටම මන් දැනගෙන හිටියේ නැහැනේ තරුට මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වග

    වෙරිෆිකේෂන් අයින් කරන්න .කමෙන්ට් කරන්න ලේසියි එතකොට

    ReplyDelete
    Replies
    1. පුංචි සන්දියේ සිටම ලිවීමට තිබුණ ලැදියාව කොතෙක්ද යත් පාසැලේ බිත්ති පුවත් පතට කෙටි කතා ලියාපුවා, කලා උළෙලට නාට්‍ය ලියපුවා වගේම තව බොහෝ සුන්දර මතකයන් එමටයි බිංදි. ඕන් මං වෙරිෆිකේෂන් අයින් කළා. දැන් බලන්න කොහොමද කියලා.

      Delete
  3. නෙතු අද්දර පායන කල් ආසාවෙන් බලන් ඉන්නවා :)

    ජය!

    ReplyDelete
    Replies
    1. හිත අස්සේ කාලයක් පුරාවට සිරවී තිබී අකුරැවලට පෙරළුන මුල්ම නව කතාව.

      Delete