Sunday, May 18, 2014

දොළපිදේනි ජනගත කෙරුන වගෙයි


වසර එකහමාරක් වැනි කාලයක් ගත කරමින් තොරතුරු එකතු කරමින් ලියන ලද, හතර පස්වතාවක් කියවමින් සංස්කරණය කරමින් ඇති දැඩිකරපු මගේ මුල්ම නව කතාව දොළපිදේනි මැයි මස 09 වැනි දින ජාතික පුස්තකාලයේ දී ජනතාව අතට පත්කළා.
එදින මට මගේ ජීවිතේ අමතක නොවන දවසක්. ඊට විශේෂ හේතුවක් ද තිබේ.  එනම් මෙය හුදෙක් තවත් එක් නවකතාවක් නොවීමය. මෙය ත්‍රස්තවාදය මුල්කරගෙන ඔවුන්ගේ සැබෑ නම් යොදාගනිමින් කාන්තාවක් විසින් ලියන ලද පළමු නව කතාව වීම. හොඳ කතාවක් ලිවීමේ නොනිත් ආශාව නිසා මෙම තේමාව මා තොරාගෙන නව කතාව ලියූ පසුවයි දැනගන්න ලැබුණේ... මෙවන් නව කතාවක් මින් පෙර ලියැවී නොමැති බව. එය මා සිතේ සතුටක් ඇති කළා මෙන්ම මා විසින් රටට යුතුකමක් කළ යැයි පසුව මට හැ‍‍ෙඟෙන්නට විය.
එදින මාහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා නව කතා නිර්මාණය සම්බන්ධව දේශනයක් පැවැත් වූ අතර ප්‍රවීන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් රටේ ආරක්ෂාව පිළිබඳ දේශනයක් පවත්වන ලදි.
පොත් පිළීගැන්වීම සඳහා එම පොත් මා අතට ලබාදීම කෙරුනේ පොතේ ප්‍රකාශක දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසිනි. මුල්ම පොත පිළිගැන්වීම මා මොළොවට බිහිකළ මගේ දෙමව්පියන් දෙපල සඳහා විය. අනතුරුව මහාචාර්යතුමාට සහ වර්ණකුලසූරිය මැතිඳුන් වෙනුවෙන් සිදුකෙරුනි. වර්ණකුලසූරිය මහතා දොළපිදේනි ලිවීමේදී මට අනගි සහයෝගයක් ලබාදීම මම ගෞරකපූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊළඟට මගේ ලේඛන දිවියට අත්වැලක් වූ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත සහ ප්‍රවීන ලේඛක උදිත අලහකෝන් වෙනුවෙන් වෙන්විය. එහෙත් නොවැළැක්විය හැකි හේතුන් නිසා මේ දොපොලටම එම අවස්ථාවට සහභාගිවීමට නොහැකි බැව් දන්වනු ලැබූවා. අනතුරුව පිදුම සිදුකෙරුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිනි ආචාර්ය ප්‍රදීපා විජේතුංග මහත්මිය වෙතටයි.
එදින උත්සවයට හිතමිතුරු ඉවාන් පැමිණී සිටීම සතුටට කරුණක්. ඉවාන් ඔබට මගේ ස්තූතිය. පොත කියවන්න පටන්ගත්තද?  ඒ වගේම මම දන්නවා බින්දි හිටියනම් ඇයත් අනිවාර්යෙන් සහභාගිවන බව. එහෙම නේද බින්දි?

42 comments:

  1. සුභ පැතුම් තරු...........!
    තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්නට හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. උත්සවේට සහභාගි උනාටත් ස්තූතියි.....!

      Delete
  2. සුබ පැතුම් එක්කරමි. ඒවගේම මෙවැනි පොතක් ලිවීම ගැන මා අතිශයින්ම සතුටු වෙමි. ඒ මන්ද දන්නෝ දනිති. ඒ වගේම මේ පොත ලබා ගන්නේ කොතැනකින්ද යන්නත් සදහන් කරන්නේනම් මා සතුටු වෙමි. ඉවාන් අයියා ඉගිය ඔස්සෙ පැමිණියෙමි. ස්තුතියි.තවත් හෙළයේ මහා කතුවරයෙක් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්. පොත ගොඩගේ පොත්හල්වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගොඩගේ ප්‍රකාශන විකුණන පොත්හල්වලටත් එනවා. ඒත් ඒකට ටිකදවසක් යාවි.

      Delete
    2. ඔය පොත ගන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද

      Delete
  3. කලිංම මෙහෙම අහවල් දවසසෙ පොත එළිදක්වනව කීවත් එන්න ලැබුනෙ නෑ... මොකද රාජකාරි වෙලාවන් නෙව..
    පොත හොයාගෙන කියවලම ගුණා ගුණ කියන්නං..
    ඉදිරියටත් මේ තරං හොද පොත් කන්දක් බිහි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේස්. අනිවාර්යෙන්ම කියවන්න. ගුණ දොස් කියන්න.

      Delete
  4. ඉවාන් ගේ ලිපියෙන් පසුවයි මේ අඩවිය ඇස ගැටුණේ.. එන්නම් දැන් දිගටම....
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්.

      Delete
  5. මුලින්ම මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර කාරයා...!

      Delete
  6. /* ප්‍රවීන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් රටේ ආරක්ෂාව පිළිබඳ දේශනයක් පවත්වන ලදි. */

    දෙවනුව කිව යුත්තේ ඉහත උපුටා දැක්වූ වාක්‍යයෙන් මේ පොත ප්‍රභන්ධයක් ම බව නිසැකවම සනාථ වෙන බවයි. කීර්තිත් ලියන්නේ ප්‍රභන්ධ නේ!

    ReplyDelete
    Replies
    1. කීර්ති වර්ණකුලසූරියගේ තොරතුරුවල සුළුවෙන් අතිශ්‍යෝක්තිය ගැබ්ව තිබුණත් ඔහු ‍සොයාගන්නා බොහෝ තොරතුරු සත්‍ය ඒවා.
      දොළපිදේනිය මුළු මනින්ම ප්‍රබන්ධයක් නොවේ. නාරායන් ස්වාමි වැන්නවුන්ගේ කෘති මෙන්ම වසර ගණනාවක් පුරා එකතුකරගත් පුවත්පත් වල ඇති තොරතුරු හා අන්තර්ජාලය ඇසුරෙන්ලද තොරතුරු තමයි මේ පොතේ තිබෙන්නේ. එසේ සොයාගත් තොරතුරු එපරිද්දෙන්ම ලිවුවනම් මෙය නවකතාවක් නොව වාර්තාවක් වෙනවා. (එවැනි වාර්තාමය කෘති කිහිපයක්ම ලියැවිලා තිබෙනවා.) මෙම තොරතුරු එකට ගැටගසා ගැනීමට පරිකල්පනය යොදාගත යුතුයි. අනික අවු30ක දේවල් පිටු 376කින් විස්තර කරන්නත් අපහසුයි. ප්‍රභාකරන් පාසැල් වියේ සිට ත්‍රස්තවාදියෙක්වීමට හුරුවූ ආකාරය මෙන්ම දොරෙඅප්පා ඝාතනයේ සිට ශ්‍රී මහ බෝධියට ගහපු අයුරු අරන්තලාවේ භික්ෂු ඝාතනය වැනි තවත් සිදුවීම් අන්තර්ගත කරමිනුයි මෙම පොත ලිවුවේ.
      මම ආරාධනා කරනවා මේ පොත කියවන්න කියලා...

      Delete
    2. ඔබ කීර්ති වැන්නෙකුගෙන් පෙරවදන ලියා දෙන්නට ඉල්ලා සිටියා නම් එයින් හැඬෙන්නේ ඔබ ඔහු ගේ ජඩ මාධ්‍යවේදයට කැමති අයෙක් බවයි.

      මං එනිසාම ඔබව හෝ ඔබේ මා නොකියවූ කෘතිය විනිශ්චය කරන්න යන්නේ නෑ.

      නමුත් මට නං හිතෙන්නේ ඒක දේවදත්ත ගෙන් කමටහන් අරගෙන රහත් වෙන්න යනවා වගේ වැඩක් ය කියලයි.

      යලි ගොඩගේ එකට ගිය දිනයක මේ පොත ගැන සොයා බලන්නම්!

      Delete
    3. ඕනෑම කටයුත්තකදී එය විවේචනය කරන්නෝ සේම සහයෝගය දක්වන්නෝද වෙති. අපේ රට තුළින්ම ඊට උදාහරණ තිබේ. ඒක ලෝක ස්වභාවයයි. මම කීර්ති වර්ණකුලසූරියට සුදුහුණු ගාන්නවත් මගේ පොත තමයි සුපිරිම පොත කියල කියන්නවත් යන්නෙත් නෑ. ඔබේ අගැයිම සතුටු සිතින් බාරගනිමි.

      Delete
  7. /* හොඳ කතාවක් ලිවීමේ නොනිත් ආශාව නිසා මෙම තේමාව මා තොරාගෙන නව කතාව ලියූ පසුවයි දැනගන්න ලැබුණේ... මෙවන් නව කතාවක් මින් පෙර ලියැවී නොමැති බව. */

    ඔව් ඒක සත්‍යයක් විය යූතුයි

    මොකද මීට කලින් පළ කෙරුණු ගෝඨා ගේ යුද්ධය කියන්නේ මුලින් ඉංගිරසියෙන් ලියවුණු ප්‍රභන්ධයක පරිවර්තනයක් නේ.

    ReplyDelete
    Replies
    1. පිළිතුරක් නැති කමෙන්ටුවක්. ඒකට හේතුව ගෝඨා-භය ද?

      Delete
    2. වැරැද්දක් කරලා නැතිනම් ඇයි කාටවත් බයවෙන්නෙ.පිළිතුරක් නොදැම්මේ නිශ්ඵලයි කියලා හිතුන නිසා.

      Delete
  8. තරුට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩි කුමාරිහාමි...!

      Delete
  9. අපොයි ඔව් තරු මම නෑවිත් කොහොමද ...මගේ උණුසුම් සුබ පැතුම් යලිත් වරක්. ඉක්මනින් හමු වෙමු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි...!

      Delete
  10. Anonymous18/5/14

    සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සී.ජේ...!

      Delete
  11. සුභ පැතුම් ..ඉවාන් තමා පාර පෙන්නුවේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර....!

      Delete
  12. සුභ පැතුම් තරු.. එන්න හිටියේ ඒත් ඉතිං බැරි උනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. ඔහොම තමයි ඉතිං.

      Delete
  13. Anonymous18/5/14

    මගෙන් සුබපැතුම් තරු, අපි ලංකාවෙන් පිට නිසා කියවන්න අවස්තාවක් නැතිවේවි අද හෙට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි...! ඔබ ජීවත්වන්නේ පිටරටකද? පදිංචි වෙලාද? කමක් නැහැ, ඉඩ ලැබුණ වෙලාවක පොත අරගන්න.

      Delete
  14. හදවතින්ම සුබ පැතුම් තරූ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුරංග..!

      Delete
  15. සුබ පැතුම් !!! කනගාටු වනවා ඔබේ බ්ලොග් අඩවිය කියවන්න නොලැබීම ගැන. ඉදිරියේදී එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....! පැමිණීම අගය කරමි.

      Delete
  16. පොතක් එළිදැක්වීමක් ගැන දැනගන්න ලැබුණ නිසයි අවේ. මුලින් ම ඔබේ උනන්දුවට සහ කැපකිරීම් වලට ස්තූතියි. මොක ද පොතක් එළිදැක්වීමක් කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි කියලා දන්න නිසයි.

    නමුත් ඔබගේ එම අවස්තාවට අපේ කුරුටු පවුරේ කාටවත් එන්නට ලැබුණේ නම් නෑ. අපේ තියෙන කාර්යබහුල බව නිසා තමයි මූලික ව ම. කෙසේ වුණත් හද පතුලෙන් ම ඔබගේ ගමනට සුභ පතනවා.

    තරු යමෙක් ඔබව ප්‍රශ්ණ කරනවා නම් මේ පියවරේ දී ඔබ දිරිගන්වන හොදම පුද්ගලයා ඔහු බව සිතන්න. මොක ද ඔවුන් තමයි ඔබව ඔය ගමන ගෙන යන්නේ.....................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. //යමෙක් ඔබව ප්‍රශ්ණ කරනවා නම් මේ පියවරේ දී ඔබ දිරිගන්වන හොදම පුද්ගලයා ඔහු බව සිතන්න. මොක ද ඔවුන් තමයි ඔබව ඔය ගමන ගෙන යන්නේ.....................// හරියට හරි. හිතට ශක්තියක් දුන් වැකියක්.

      Delete
  17. Anonymous19/5/14

    තරු අරණට සුබ පැතුම්!! මම කාට හරි කියා ගෙන්න ගන්න බලන්නම්.


    ප.ලි. තරු වරදවා වටහගන්න එපා. නමුත් කීර්ති වර්ණකුලසූරියගේ මාධ්‍ය භාවිතය ගැන මට නම් ඇත්තේ අපුලක්. එය ඔබට අයිති වැඩක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ අයියටත්. කීර්ති වරණකුලසූරිය....? no comments

      Delete
  18. සුබ පැතුම් තරූ,, ලංකාවට ආවම මේක අර ගන්න මතකේ තියාගන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්....! බලාගෙන යනකොට අපේ බොහොමයක් බ්ලොග්කරුවො ඉන්නේ පිටරටවල්වල නේ.

      Delete
  19. පරක්කු උනොත් ගන්න අමතක වේවි ඉක්මනට ගන්න කරමයක් කියන්න බැරිද අක්කෙ

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි ළඟපාතක ගොඩගේ පොත්මැදුරක් නැතිද? මාගාවත් පොත් කීපයක් තියෙනවා.

      Delete