හෙදියක විසින් බෙහෙත් පෙති දෙකක් බීමට ලබාදුන්නා. එය බීමෙන් අනතුරුව මම දෑස් පියාගත්තෙමි. සුරංග ගැනත් පෙරදින සිදුවූ සිදුවීම ගැනත් යළි මෙනෙහි කිරීමටය. එය වේදනාත්මක සිතුවිලි දාමයක් වුවද මට මගේ සිත පාලනය කරගැනීමට නොහැකි විය. වික්‍රම පැවසූ පරිදි සුරංග උදේ වරුවේ මා බැලීමට පැමිණියේ නැත. ඔහු යළි කිසිම දිනක මා බැලීමට නොඑන්නේවත්ද?
එක එක ඉසව් කරා දුවගිය මගේ හිත නතර උනේ නින්ද මා වෙත පැමිණීමත් සමගය. පැයක දෙකක පමණ නින්දකින් මා අවදි වූයේ මා අවට ඇසෙන්නට වූ ගෝෂාකාරී කටහඬවල් නිසා. ඒ සමගම කවුදෝ මගේ සුරතින් අල්ලාගනු දැනීමෙන් මම වහා දෑස් ඇර බැලුවෙමි. මගේ නිදිබර දෑස් ඉදිරියේ සුරංග සිටගෙන සිටියි.
‘‘අමා දැන් ඔයාට කොහොමද?“
මගේ මුව ගොළු විය. හිතට තරහක් මෙන්ම දුකක් ඇති විය. මම ඉවත බලාගත්තෙමි.
“මං දන්නවා ඔයාට තරහින් ඉන්නෙ කියලා. මට සමාවෙන්න.“
“මෝඩ වැඩ කරලා එනවා මෙතන සමාව ඉල්ලන්න.“
“මට බැහැ ඔයත් එක්ක යන්න. තවමත් ඔයා ළඟ අර ජරාව ගඳයි. බලන්න රැවුලවත් කපලා නැහැ මලපෙරේතයෙක් වගේ.“
සුරංග මද වෙලාවක් කල්පනා කර අත් ඔරලෝසුව බලන්නට විය.
“හරි තව වෙලා තියෙනවා බෙල් එක ගහන්න. ඔයා ඔහොම ඉන්න. මං සුටුස් ගාලා එන්නම්.“ යි කියා සැනෙන් පිටව ගියේය. ඔහු කොහේ ගියා ද මොකට ගියාද දන්නෙ නැත. මා ඇඳ අසල ඇති කුඩා කබඩ් එක ඇර බැලුවේ මා සතු යමක් තියේද කියා බැලීමටය. එහි කිසිත් නොවීය. කබඩ් එක උඩ නම් වෛද්‍ය වාර්තා පොත, වතුර බෝතලය හා කෝප්පය විය. ඒ සියල්ල කුඩා බෑගයට දමාගත්තෙමි.
“දුවගෙ ටිකට් කැපුවද?“
අල්ලපු ඇඳේ සිටින මැදිවියේ කාන්තාව ඇසීය. මම හිස සලා ‘ඔව්‘ යන්න ඇඟවූවෙමි.
“දුව නම් වාසනාවන්තයි ඉක්මනින්ම ගෙදර යන්න ලැබුණා. මට කවද යන්න ලැබෙයිද මන්දා.“
පිටතින් පෙනෙන්ට තුවාලයක් නොතිබුණත් කිසියම් හෝ අමාරුවක් තිබෙන බව ඇගේ වතින් මෙන්ම හඬින්ද පිළිබිඹු වෙයි.
“නැන්දට මොකද්ද තියෙන අසනීපෙ.?“
“බඩේ අමාරුවක් හැදුනා. ගැස්ට්‍රික් කියල බේත් දුන්න ඒත් හොඳක් නෑ. දැන් දොස්තර මහත්තුරු කියනවා ඔපරේෂන් කරලා බලන්න ඕන කියලා.“
කතාව අතරේ මගේ දෑස් යොමු වුනේ බිත්තියේ රැඳි ඔරලෝසුව වෙතටය. වෙලාව එකට දහයයි. ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙන්න ඇත්තේ තව විනාඩි දහයකි. සුරංග ගියා ගියාමය තවම නැත. මගේ සිත නොසන්සුන්වේගෙන එයි. බෑග් එක අතට ගත් මා ඇඳ අසලින් ගිය හෙදියකකෙතා කෙරුවෙමි.
“මිස්, මිස්ට පුළුවන්ද මට මේ රෝද පුටුවට නගින්න උදව් කරන්න.““
“ඇයි කවුරුත් ආවෙ නැද්ද එක්කගෙන යන්න?“
“ඇවිත් ඉන්නෙ. මට දොර ගාවට ඇවිත් ඉන්න කියලා එයා පොඩ්ඩක් එළියට ගියා..“
ඇගේ ආධාරය ඇතිව මම මගේ රෝද පුටුවට ගොඩ වුණෙමි.
“නැන්දෙ, අර ඉස්සෙල්ලා මෙතන හිටිය මහත්තයා ආවොත් කියන්න මම ගෙදර ගියා කියලා.“
“හා.. දුව. තනියම යන්න පුළුවන්ද?“
හැකිබව හිසින් සටහන් කර, සෙමෙන් සෙමෙන් කොරිඩෝව දිගේ දොරටුව දෙසට ඇවිදගෙන යන්නට වීමි.
“අමා...“
මම හැරී බැලුවෙමි. සුරංග එහා මෙහා යන සෙනග අතරින් මා දෙසට දුවගෙන එයි. රැවුල කපා කොණ්ඩයද පිළිවෙලකට පීරා තිබූ නිසා ඔහුගේ මුහුණේ පෙර තිබූ අඳුරු අවලස්සන මැකී ගොස් තිබුණි. කමීසයද වෙනස් කර තිබුණි. ඔහු වතින් සිහින් සුවඳ විලවුන් සුවඳක් හමා එයි. දැන් නම් සැබෑ සුරංග මා ඉදිරියේ සිටියි.
“කොහොද මේ යන්නෙ. මං අරහෙ ගිහින් හොයනවා.“
“සුටුස් ගාලා එනව කියපු මිනිහා පරක්කු නිසා මම එන්න ආවා.“
“හරි හරි, දැන් කොහොමද තවමත් මලපෙරේතයෙක් වගේද?“
මගේ මුවගට නැගුනේ සිනහවකි.
“කොහෙන්ද මේකප් එක දාගත්තෙ.?“
“මගේ යාළුවෙක් ඉන්නවා එහා පැත්තෙ. මෑන්ගෙ ගෙදරට ගියා. බෙහෙතක් ගන්නත් තියෙනවා නේද? මෙතන නම් පොලිම දිගයි. අපි එළියට ගිහින් මොනව හරි දවල්ට කාලා.... බෙහෙතත් අරගෙන යමු. ඔයාට බඩගිනිද?“
සුරංග ආදරයෙන් ඇසීය. මා ඇසෙන නෑසෙන ගානට ‘නැහැ‘ යයි පැවසුවෙමි. සුරංග පදික මාරුවෙන් මගේ රෝද පුටුව තල්ලු කරගෙන පාර මාරු වී අනෙක් පස වූ කෑම කඩයකට ගොඩ විය. අප අසලට වේටර් කොලුවෙක් පැමිණි අතර සුරංග අවශ්‍ය ආහාර පාන ඇනවුම් කළා.
“අමා....“
“අහ්..“
“මොනවද කල්පනා කරන්නෙ.?“
“එදා ඔයා හිටිය හැටි මතක් උනා.“
“දැන් අපි ඕව අමතක කරලා දාමු අමා.“
“අනේ මන්දා... මට එහෙම අමතක කරන්න පුළුවන් වෙයිද කියලා.“
“ඔයා කොහොමද මං ඉස්පිරිත්තාලෙ කියල දැන ගත්තෙ?“
“උදේ පාන්දර වික්‍රම ඇවිත් කාමරේ දොරට තඩිබාන්න ගත්තා. මර නින්දක හිටිය මං උඩගිහින් ඇහැරුණේ. මිනිහ ඔයා ගැන කිව්ව කතාව අහල වෙරිහිඳිල ගියා.“
“ඇයි මොනවද කිව්වේ.?“
සුරංග මුව වසාගෙන හිනාවෙන්නට විය.
“ඔයා වහ බීලා ඉස්පිරිත්තාලෙ ගෙනිහිල්ලා. අයි සී යූ එකේ ඉන්නෙ කියලා... මට බැන්නා බැනිල්ලක් අම්ම මුත්ත සිහිවෙන්න. මට ටිකක් වෙලා යනකම් හිතාගන්න බැරි උනා මොනවද කරන්නෙ කියලා. අන්තිමට ඔයාගෙ අම්මට කතා කරලා තමයි හරි විස්තරේ දැන ගත්තෙ. වික්‍රම හොඳ එකා. මට ගොඩක් දේවල් හිතන්න කතා කළා...“
ස්වල්ප වේලාවකින් ඇනවුම් කරපු ආහාර ටික බන්දේසියක් මත තබාගෙන මේසයට රැගෙන ආ වේටර් දීසි එකිනෙක මේසය මත තබන්නට විය.
“සර් බොන්නෙ?“
“අමා මොනවද බොන්නෙ?“
“වතුර හොඳයි“
“ඔව්, බත් කෑවහම බොන්න ඕනෙ වතුර. අපිට වතුර ගේන්න“
කෑම ගැනීමෙන් අනතුරුව අවශ්‍ය බෙහෙත් ද අරගෙන ත්‍රී වීලරයක නැග ගෙදර ආවෙමු. අම්මා පෙර මග බලා සිටියාය. ත්‍රී වීලරය ගේට්ටුව අසල නතර කළ සැනින් අම්මා ඉක්මන් ගමනින් ඇවිත් ගේට්ටුව ඇරියාය.
“දුවට දැන් සනීපයි නේද?“
“ඔව් අම්මෙ.“
“අමා... මං මේකෙන්ම හොටලේට යනවා. ඔයා අද විවේක ගන්න. මං හෙට ඇවිත් ඔයාව හම්බවෙන්නම්. නැන්දෙ මං යන්නම්.“ සුරංග මාව රෝද පුටුවෙන් තබමින් පැවසීය.
“හොඳයි පුතා...“
සුරංග පැමිණි ත්‍රී වීලරයෙන්ම නැගී ගියේය. අම්මා මගේ අතකින් අල්ලාගෙන ගේ දෙසට ඇවිදගෙන යන්නට විය.
(සෑහෙන කාලෙකින් නෙතු අද්දර පලකරන්නට නොහැකිවීම ගැන කණගාටු වෙමි. ඊට හේතු කාරණා ඉතිං දන්නවා නොවෑ).
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
//සෑහෙන කාලෙකින් නෙතු අද්දර පලකරන්නට නොහැකිවීම ගැන කණගාටු වෙමි. ඊට හේතු කාරණා ඉතිං දන්නවා නොවෑ).//
ReplyDeleteනෑනෙ.
මගේ නව කතාව දොරට වැඩීමේ කටයුතු නේ...
Deleteඅර දාල තියෙන වීල් එකේ වෙන්ටැ දෙන්නගෙදර ගියෙ...
ReplyDeleteඅතපසු වුනේ පහුගිය දොහේ වැඩ රාජකාරි බහුල නිසා වෙන්ටැ..
අනික් කොටහත් දාන්නකො
පොතේ වැඩේ තමා. ඇයි පේන්නෙ නැද්ද දෙන්නා වීලරේ ඇතුලෙ ඉන්නවා?
Deleteආයේ දෙන්න පිළිවෙලක් වුන එකට සතුටුයි
ReplyDeleteඑහෙමවත් හිතලා හිත හදාගම්මුකො බින්දි
Deleteහප්පේ තව ටිකෙන් මේක අමතක වෙලා යනවා
ReplyDeleteඉවාන්ට විතරක් නෙමෙයි මටත් අමතක වෙලා තිබුණෙ. ෙරා්ද පුටුවෙ යන ඒක්කෙනා අැවිදගෙන යනවා කියලා ලිව්වෙ. වෙලාට ෙපා්ස්ට් කරන්න කලින් මතක් උනා.
Delete