Sunday, March 9, 2014

නෙතු අද්දර - 26


හදිසියේම සුරංගගේ මෝටර් බයිසිකලය ගෙමිදුලේ නවත්වන හඬ ඇසුනි. මම ජනේලයෙන් එබී බැලුවෙමි. කුඩා පාර්සලයක් අතැතිව සුරංග දොරටුව වෙත පියනගන්නට විය. මගේ හෘදස්පන්දන වේගය වැඩිවන්නට විය. සුරංග පැමිණ සීනුව නාද කළා. දොරේ අගුල දමා නොමැති බැව් මා පැවසූ සුරංග දොර ඇරගෙන කාමරයට පැමිණියා. මගේ දෙකපුල්වලට හාද්දක් දී මගේ උපන් දිනයට සුභ පතන්නට වූයේ මට ද අමතක වී ගිය මගේ උපන් දිනය මතක් කර දෙමින් ය. වෙනදා අපේ ගෙචර කාගේ උපන් දිනයකදී අම්මා නොවරදවාම කිරිබතක් පිසියි. ඒත් අප්පච්චිගේ අභාවයෙන් පසු ඒ සියල්ලටම අම්මා නැවතීමේ තිත තැබුවා ය. දැන් උපන් දිනය පවා තවත් එක් දිනක් පමණි අපට.
සුරංග ගෙනැවිත් තිබූ තෑග්ග මා අත තැබීය. මට එය ඇර බැලීමට තරම් හිතක් නැත. හිතේ හිර කරගෙන සිටින සෑම දෙයක්ම තවත් කල්නොඇර සුරංගට කියනවා යන දැඩි අදිටනින් සිටින මට මහත අසහනයක් දැනෙන්නට විය. සුරංගගේ මුහුණ සතුටින් සිනහවෙන් පිරී ඉතිරිලා යයි.
“අද පාටියක් එහෙම නැද්ද?“
“දැන් අපිට මොන පාටි ද සුරංග.“
“මං විහිළුවට ඇහැව්වෙ. කො.... අම්ම එහෙම පේන්න නැත්තෙ. අද පන්සලට එහෙම යනවනම් මං එක්කගෙන යන්නම්. හැබැයි දැන් නෙමෙයි, හවසට.“
සුරංග කියාගෙන කියාගෙන යයි. ඒත් මට ඒ කිසිවක් පැහැදිලි නැත. මගේ සිත වෙනත් සිතුවිලිදාමයක පැටලී ඇත. තව මොහොතකින් මෙතැන ඇතිවිය හැකි දර්ශනය මට සිතාගැනීමටවත් නොහැක. අනේ දෙවියනේ... මං කොහොමද ඔයාට මේක කියන්නේ. මගේ හිසට කුළුගෙඩියකින් ගැසුවා වැනි වේදනාවක් දැනෙන්ට විය. මම දෑතින්ම හිස බදාගත්තා.
“ඇයි අමා... ඔයාට සනීප නැද්ද?“
මගේ අතකින් අල්ලාගත් සුරංග එසේ ඇසුවා. මට ඇඬෙන්න වගේ. ඒත් මම එය ආයාසයෙන් මැඩ ගත්තෙමි.
“සුරංග...“
“ඇයි අමා...“
මා කිසිත් නොදොඩා හිස දෙපසට සැලුවා. මට සුරංගට බොහෝ දේ කීමට තිබේ. ඒත් මුවින් වචන පිටකරන්න හදද්දී මගේ සිත ඒ වචන පස්සට අදින්න උත්සහ කරයි. අනේ මගේ හිතට ශක්තියක් නැති හැටි.
“කෝ අමා අම්මා?“
“අම්මා ටවුන් එකට ගියා.“
“ආ... එහෙනම් මං ඇවිත් තියෙන්නේ හොඳම වෙලාවේ.“
“ඒ ඇයි?“
ඔහුගේ දෑස් තුළ මට කීමට යමක් ලියැවී ඇතුවා සේ පෙනේ. ඔහු පුටුවේ හරි බරි ගැසී ඉඳගත්තා. මගේ හිත කුහුලින් පිරීයයි.
“ඔයාට මොකක් හරි ලොකු දෙයක් කියන්න තියෙන හැඩයි.“ යනුවෙන් මා අසද්දී සුරංග හිස සලා “ඔව්“ යයි පැවසිය.
“මොකද්ද ඒ...?“
“අමා... ඔයාට තේරුණේ නැද්ද කේෂිණී මං ගැන උනන්දුයි කියලා.“
මගේ හිත එකවරම තිගැස්සී ගියා. මං මොහොතකටවත් අපේක්ෂා නොකළ කතාවක් කියන්නද සුරංග මේ තතනන්නේ. මා කිසිවක් නොකියා නිහඬව අසාගෙන සිටියෙමි.
“අමා... කේෂිණී මට තවත් සහෝදරියක් විතරයි. එයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ නෑ. ඔයා ඒක එයාට තේරුම් කරලා දෙන්න. මේ හැමදේකටම විසඳුම අපි ඉක්මනටම කසාද බඳින්න එක“
හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක් උනේ. එක අතකින් මේ කතාවේ ආරම්භය මෙසේ සිදුවීම හොඳය.
“පිස්සු කතා කියන්න එපා සුරංග. ඔයාව බැඳලා මට මොනවද ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්. ඔයාට බරක් වෙන්න විතරයි පුළුවන්. මට බැහැ ඔයාට බරක්වෙන්න.“
මගේ දෑසින් කඳුළු ගලාගෙන යයි.
“නැහැ අමා මට ඔයාව බරක් නෙමෙයි. මං ඔයාට කොච්චර ආදරේද කියලා දැනුනේ ඔයා ඇක්සිඩන්ට් උන දවසෙ.“
   “ඒ උනත් සුරංග, එදා ඔයා මාව උස්සගෙන අර පඩි නගිනකොට, මට වාවන්නෙ නැතුව ගියා. සුරංග, කේෂිණී නංගි ඔයාට ආදරේ බව මට කිව්වා. එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඒක එයාගෙ හිතේ අද ඊයේ ඇති උන එකක් නෙවෙයි.“
“අමා... අපි නංගිට පැහැදිලි කරලා දෙමු.“
“නැහැ සුරංග ඔයාගෙ අම්මල උනත් දැන් මට කැමති වෙන්නේ නෑ. ඔයා එයාලගෙන් දොස් අහන්න වෙයි. ඒත් ඔයා අපේ නංගිව බඳිනවට එයාලගේ අමනාපයක් නැතිවේවි.“
මං ආයාසයෙන් වචන අමුණාගනිමින් කතා කළෙමි.
“අමා මට වෙන ගෑනියෙක්ව බැඳගන්න ඕන නම්, ඔයා පස්සසෙ මෙච්චර කල් එන්නේ නෑ....“
සුරංගගේ හික්මුණු හඬ වේගවත් වෙයි.
“ඒත් සුරංග....“
“අමා, ඔයාට පුළුවන්ද මාව වෙන ගෑනියෙකුට අයති වෙනවා බලාගෙන ඉන්න? ඒකට මට උත්තරයක් දෙන්න.“
“මට බැහැ. ඒත් කේෂිණී පිට ගෑනියෙක් නෙමෙයි. ඒ නිසා ඔයා බඳින්න ඕන කේෂිණීව.“
මට සිතාගත නොහැකි පරිදි ඒ වදන් පෙළ පිටවුණේ තරමක වේගයෙනි. සුරංග මගේ මුහුණ දෙස මහ නපුරු විදිහට බලා සිටියේය. ඒ දෑස් කෝපයෙන් දැවෙන අයුරු මම දුටිමි. මට ඒ දෙස බලා සිටීමට නොහැකි තැන ඉවත බලාගත්තෙමි. එකවරම දොර වැසීයන හඬ ඇසී මම ගොස් දොර ඇස ඔහුට කතා කළෙමි. සුරංග මා දෙස නොබලාම මෝටර් බයිසිකලය පණගන්වාගෙන විදුලි වේගයෙන් පිටව ගියා.


තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....

16 comments:

  1. සුරංග විදුලි වේගයෙන් ගිහින් ඇන ගනී වත් ද ?

    ReplyDelete
    Replies
    1. ගියේ හිතේ අප්සෙට් එකෙන් නිසා මොනවා වෙයිද දන්නෙ නෑ.

      Delete
  2. එකක් කියවල අවුරුද්දකට විතර පස්සෙ තව කොටසක් කියවද්දි මුලින් කියවපුව ඔක්කොම අමතකයි,ලියද්දි අන්න ඒක මතක තියාගන්න.

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත. වැඩත් එක්ක කාලය ලැබෙන විදිහට තමයි අයියේ ලියන්න ඉඩ ලැබෙන්නේ. මං උත්සහ කරන්නම් මීට වඩා ඉක්මනින් කතාව පලකරන්න.

      Delete
  3. පලමු සිහිකැදවීම හැළපයාගෙන් දෙවැනි එක මගෙන් එන්න ඉඩ තියන්නෙපා තරු

    ReplyDelete
    Replies
    1. අම්මෝ...! දැන් නම් ඔළුව පලාගන්න කලින් සැලසුමක් යොදන්නම වෙනවා.

      Delete
  4. හුටා ...දැන් මොකද කරන්නේ...? අන්න කොල්ලෝ ...හැබැයි ප්‍රයෝගිකව අමා හරි

    ReplyDelete
    Replies
    1. තවමත් මේ වගේ කොල්ලෝ අපේ සමාජයේ ඉන්නවා අති නේද ඉවාන්?

      Delete
  5. මට මේකේ පට්ට ගොඩක් මඟ අරිලානේ... හයියු.. හෙන කාලෙකින් මම ආපහු ආවේ.. එකයි

    ReplyDelete
    Replies
    1. එකනෙ මලේ. දැන් ඉතිං උතුර - දකුණ හොයාගන්න බැරුව ඇති.

      Delete
  6. සුරංග වෙන කෙනෙක් බැන්දත් නංගිව බඳින එකක් නැහැ . එහෙම කරන එක හරිත් නැහැ

    ReplyDelete
    Replies
    1. බලමු බින්ඳි මොකද වෙන්නේ කියලා.

      Delete
  7. කතාව ඔක්කොමත් හරි, පොස්ට් හෙමින් වැටෙන එකනේ තියෙන අවුල..

    ReplyDelete
    Replies
    1. ඉහළිනුත් ඔය චෝදනාව ආවා. ජොබ් එක ගහල යන්න කලින් වෙලාවට වැඩ කරන්න පුරුදුවෙන්න වෙයි වගේ.

      Delete
  8. මුල ඉදලම කියෙව්ව... යකෝ මට පැයකට වඩා ගියා... ෆට්ට කියල තමා කියන්න වෙන්නෙ... වෙන මොනාද...
    මේකට විතරක් කමන්ට් එබුවට තරා ගන්නෙපා... ඔක්කටම කමෙන්ට් කරන්න ගියා නං අද එලි වෙයි...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් එන බව දැන්නුවට. කොමෙන්ටුව තමයි හිතට ධෛර්ය දෙන්නේ. අඩු පාඩු උනත් හදාගන්න.

      Delete