Thursday, October 31, 2013

නෙතු අද්දර - 18



අවසන් වසරේ විභාගේ අවසන් වීමෙන් පසු නංගී ගෙදර පැමිණියාය. අප්පච්චිට අවශ්‍ය වී තිබුණේ ද නංගීව ගෙදර ගෙන්වා ගැනීමය. ඒ නිසා නැවත කොළඹ යාම අවශ්‍ය නොවන බැව් ඔහු දැඩිසේ කියා සිටියේය. ඊට කේෂිණිගේ හිතේ වැඩි මනාපයක් නොවූවත් අප්පච්චී සමග වාද කරන්නට නොගියාය. මේ අතර මා රැකියාවකට යාමට උත්සහ කරන බැව් දැන ගත් කේෂිණී මාව දිරිමත් කළාය.



“අක්ක රස්සාවකට යන එක හොඳයි. නැත්නම් බැන්ඳ දවසක මිනිහට යටත්වෙලා ඉන්න වෙනවා. හැම මගුලටම මිනිහගෙන් සල්ල ඉල්ලන්න වෙනවා. එහෙමද අපිටම කියල ජොබ් එකක් තියෙනකොට. මාත් රිසල්ට්ස් අවුට් වෙච්ච ගමන් ජොබ් එකක් හොයාගන්නවා.“ යි නංගී පැවසීය. ඈ කවදත් ස්වාධීනත්වයට කැමතිය. විටෙක ඇගේ අදහස්වල විප්ලවවාදී බවක් ද තිබුණි. නිවාඩුවට පැමිණි විට අප්පච්චී සමග හරි හරියට වාද කරන අවස්ථාද නැතුවා නොවේ. එවිට මා හෝ අම්මා පැමිණ නංගීට සැරකරයි. එවිට මුවගට සිනහවක් නගා ගන්නා අප්පච්චී, “පොඩ්ඩි හරිම කොච්චි කරලක් නේ. බඳින මිනිහට දෙයියන්ගෙම පිහිටයි“ කියාගෙන යයි. එයින් උරණවෙන නංගී, “හණමිටි අදහස් තියෙන පිරිමියෙක් බඳිනවට වඩා නොබැඳ ඉන්න එක හොඳයි.“ යයි කියයි. නංගි කුඩා කලෙදි පවා මෙසේය. වරක් මට මතකයි මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කොට නංගි හිටියේ අටේ පංතියේ. වරක් ඉන්ටවල් එකේදී මා සිටි පන්තියට පහළ පන්තියක සිටි පිරිමි ළමයෙක් දුවගෙන යද්දී මගේ කොණ්ඩෙන් ඇදගෙන ගිය නිසා මම බිම ඇද වැටුණා. ඒ මොහොතේ නංගී ද මා ළඟ සිටියා.  මට සිදුවුණ දේ දැක උරණ වූ ඇය අර පිරිමි ළමයා පස්සෙන් එලවගෙන ගිහින් අතමිට මොළවා මූණ මැද්දටම පාරක් දී තිබුණා. අනපේක්ෂිත මොහොතක මුහුණ දුන් සිදුවීමෙන් ඒ පිරිමි ළමයා අන්දුන් කුන්දුන් වී සිටිය අතර ඔහුගේ තොලක් පැලී ලේගලන්නට ද උනා. එදා ඒ සිදුවීම අපේ ඉස්කෝලේ මහත් ආන්දෝලනයක් ඇති කර සිදුවීමක් ද උනා.

මට ඊළඟ සම්මුඛ පරීක්ෂණයට යන්න තිබුණ දිනට පෙර දින සුරංග අපේ ගෙදර ආවා. එවිට මාත් නංගීත් මිදුලේ බැඩ්මින්ටන් ගහමිනුයි සිටියේ. සුරංගගේ දඬුමොණරේ මිදුලේ නතර කරත්ම අපේ බැඩ්මින්ටන් ගැහිල්ල ද නතර විය.



“සුරංග අයියා එනවද බැඩ්මින්ටන් ප්ලේ කරන්න.?“ නංගී සිටිවනම ඉඳන් බෙරිහන්දෙන්නට විණි. හෙල්මට් එක ගලවා බයිසිකල් හැඬලයේ එල්ලූ සුරංග කොණ්ඩය සකසමින් අප අතරට පැමිණෙන්නට විය.

“ආ... මෙයත් ඇවිල් ඉන්නේ. කවද ද ආවේ.?“

“පෙරේදා.“

“කොහොමද එක්සෑම් ලේසිද?“ සුරංග ගල් බංකුවේ වාඩිවෙමින් ඇසීය. නංගි ඊට එකපාරටම පිළිතුරු නොදී මද වේලාවක් සිතන්නට විණ.

“අමා, මෙයා එක්සෑම් එක ඇනගෙන වගේ....“

“අපෝ.... නෑ. ෂුවර් එකටම පාස්නම් වෙයි. ඒත් රිසල්ට්ස් ගැන අනාවැකි කියන්න බෑ.“

දෙදෙනා සතුටු සාමීචියේ සිටියදී මම කුස්සියට ගියේ සුරංගට තේ එකක් හදාගෙන එන්නටය. ඒ එක්කම කේෂිණී දුවගෙන කුස්සියට පැමිණියා.

  “අක්ක ගිහින අයියත් එක්ක කතා කරන්න. මං තේ හදන්නම්. හැබැයි බොන්න පුළුවන් වෙයිද මන්දා.“

මම ඇගේ ඉදිරිපත් වීමට ඉඩදී කුස්සියෙන් පිට වීමි. සුරංග අසල නිරතුරු රැඳෙන්නට මා සිතේ අැති ආශාවට එය ආශිර්වාදයක් විය. ඔහු බංකුව මතට වී කුඩා දිනපොතක කුමක්දො සටහන් කරමින් සිටියි. සුරංග මා එනු දැක පොත වසා අතේ රඳවා ගත්තේය.

“අමා මං ආවේ ඔයාට හෙට අප්පච්චිත් එක්කලා ගම්පහ යන්න කියල කියන්න. මට එන්න විදිහක් නෑ. හෙට චයිනීස් ගෙස්ට්ලා දෙන්නෙක් එනවා හොටේල් එකට. දහය මාරට ඇපොයින් මන්ට් එක. මං ආවෙ නෑ කියල තරහ නෑනෙ.“ යි සුරංග පැවසුවේ මගේ අතක් අල්ලාගනිමින්ය. සුරංග එක්ක ඉන්ටර්විව් එකට යන්න මං පෙරුම්පුරාගෙන බලාගෙන හිටියේ කොච්චර කැමැත්තකින් ද? මගේ කටයුත්ත වගේම ඔහුගේ කටයුත්තත් වැදගත් එකකි. ඒ බැව් තේරුම්ගත් මම,

“ඔයාට එන්න අමාරුනම් කමක් නෑ. මං අප්පච්චි හරි නංගි එක්ක හරි යන්නම්.“

මම ඊළඟ සම්මුඛ පරීක්ෂණයට යන්න සූදානම් වූයේ අලුතෙන්ම බලාපොරොත්තු සිතේ රඳවාගෙනය. එය දේශීය අමු ද්‍රව්‍ය පිටරට යවන ආයතනයකි. මෙහි ප්‍රධාන කාර්යාලය යක් පිහිටා තිබෙන්නේ ගම්පහ ය. ශාඛා කිහිපයක ඇබෑරතු සඳහා සම්මුඛ පරීක්ෂණය සිදු කරන්නේ ප්‍රධාන කාරයාලයේය. මෙම සම්මුඛ පරීක්ෂණයට ද මම ඇන්ඳේ පෙර සම්මුඛ පරීක්ෂණයට ඇන්ද සාරියමයි. එය මිලදී ගන්නට මුදල් දුන්නේ අප්පච්චිය. එහි ඇති චාම් ලස්සනට සුරංග ද බෙහෙවින් ඇලුම් කළා.

විසි අට වෙනිදා උදේන්ම අප නිවසින් පිටවූයේ බුදුන් වැඳීමෙන් අනතුරුවය. සුරංග ඔහුගේ වෑන් එකෙන් අපිව ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකෙන් බස්සවන ලදි.

“එහෙනම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ගිහින් එන්න. බය වෙන්න එපා, ඔයාට ජොබ් එක ලැබෙනවා ෂුවර්.“ සුරංග පැවසුවේ මගේ උරහිසට තට්ටුවක් දමමින්ය.

“එහෙනම් පුතා අපි ගිහින් එන්නම්. පුතා වෑන් එකෙන් බහින් ඕන්නෑ.“

“හොඳයි මාමේ. මාමලා ගම්පහට ගිහින් කෝල් එකක් දෙන්න.“

සුරංගගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා අපි එතැනින් නික්මුණෙමු. කොළඹ බසයකට නැගගත් අපි කිසිම කරදරයකින් තොරව අපි ගම්පහට පැමිණියෙමු.

“දුව තව වෙලා තියෙන එකේ අපි මොනව හරි කාලා සුරංග පුතාටත් කෝල් එකක් දීල ඉමු.“

බසයෙන් බැසගත් අපි මදක් වට පිට බැලුවේ කෑම කෑමට සුදුසු තැනක් සොයා ගැනීමේ අරමුණෙනි.

“දුව අපි ඉස්සෙල්ලා කොල් එකක් සුරංගට දීල ඉමු. එයා බලාගෙන ඇති.“ අප්පච්චී පැවසූ දෙය සත්‍යකි. මම අත බැඳි ඔරලෝසුව බැලුවෙමි. වෙලාව 8.40 ලෙසින් සටහන් වී තිබුණි. තවමත් සුරංග ඇත්තේ ගෙදරය. ඒත් ඔහුගේ හිත ඇත්තේ මෙහේය. ඒ නිසා හැකි ඉක්මනින් සුරංගට කතා කර යුතුය. අප්පච්චී අලස සිටි අයෙකුගෙන් දුරකතන ඇමතුමක් ගතහැකි ස්ථානයක් ගැන විමසීය.

“අපි අර පැත්තට යමු. අපිට තැපැල් කන්තෝරුවෙන් කෝල් එකක් ගන්න පුළුවන්.“

අපි මද දුරක් ඇවිදගෙන යද්දී තැපැල් කන්තෝරුව හමුවිය. මම සුරංගට කෝල් එකක් ගත්තා.

“සුරංග අපි කරදරයක් නැතුව ආවා.“

“බස් එක ඉක්මනටම ඇවිල්ල වගේ.“

“ඔව් කොළඹ යන එකක් නිසා ඇරලදාලා ආවා. අපි දැන් කොහෙන් හරි කාලා අතෙන්ට යනවා.“

“ඕ.කේ අමා. ඕල් ද බෙස්ට්.“

අපි අසල කඩේකින් ඉඳි ආප්ප කා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන තැනට ගියෙමු. මනරම් පරිසරයක පිහිටි නවීන පන්නයේ තට්ටු පහක ගොඩනැගිල්ලකි.

සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලද අයට වෙන් වෙන් වේලාවන් ලබා දී තිබුන නිසා අපි යන විට එතරම් පිරිසක් පැමිණ සිටියේ නැත. වරක් මෙවන් පරීක්ෂණයකට මුහුණ දී ඇති නිසා පෙර මෙන් හිතේ චකිතයක් ඇති වූයේ නැත. පරීක්ෂණයට හොඳින් මුහුණ දිය හැකි හොඳ මානසික තත්ත්වයකින් පසුවුණෙමි.

තරුණියක් අසල වූ කාමරෙන් විටින් විට එබී බලමින් සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටින අයගේ නම් කතා කරයි. අපි එතැනට යනවිට පරීක්ෂණය ආරම්භ වී තිබුණි. නුවර වගේම ගාල්ල කොළඹ කුරුණෑගල මාතලේ යන පළාත්වලින්ද අයැදුම්කරුවන් පැමිණ සිටියහ. මට කලින් තුන් දෙනෙකුට වෙලාව ලබා දී තිබුණි. මා මගේ වාරය පැමිණෙන තුරු එහි රාක්කයන් මත තබා තිබූ සඟරාවක් ගෙන කියවන්නට නොව බලන්නට වීමි.

“මිස් අමාලි කන්නංගර“ යි කියමින් මදක් උස් හඬින් අර තරුණිය කාමරේ දොර ඇර හිස පිටතට දමා අඬ ගැසීය.

මතුසම්බන්ධයි

තරු

 

වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා


10 comments:

  1. ෂුවර් එකට ඉන්ටවිව් කරන්නේ අර හාදයා වෙන්න ඇති. දැන් නම් වැඩේ කේස් වීගෙන එනවා වගේ වගේ දැනෙනවා .

    ReplyDelete
  2. මොන හාදයා ගැනද ඉවාන් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අයි අර කලින් ඉන්ටවිව් එකෙන් ගොඩ දාන්න උදව් කරපු මෑන්ස්

      Delete
    2. ඉවාන්ට හිතෙනවද එකම මෑන් කොම්පැනි දෙකක වැඩ කරයි කියලා.?

      Delete
  3. බලමු බලමු... මටත් ඉවාන් කිවුව එකම නම් හිතුනා..

    ReplyDelete
    Replies
    1. මාරයිනෙ වැඩේ. මගේ ලිවීමේ දෝසයක්ද මන්දා, ඔක්කෝටම එකම විදිහට හිතෙන්නේ.

      Delete
    2. ඉතිං කොහෙද තියෙන්නේ මේ වෙන කොම්පැනියක් කියලා. ඔයා ගිය සැරේ දෙවෙනි ඉන්ටවිව් එකක් ගැන කිව්වේ, මේ සැරේ තියෙන්නේ //"මට ඊළඟ සම්මුඛ පරීක්ෂණයට යන්න තිබුණ දි................................."// කියලනේ , මම හිතුවේ එකම කොම්පැනියේ කියලා

      Delete
    3. කතාව හොඳට කියවල තියෙන බව පේනවා. ආයතන දෙකක් බවට මෙන්න සාක්ෂි,

      //පුවත්පත්වල පලවී තිබූ ඇබෑර්තු කිහිපයකටම ඉල්ලුම්පත් දැමීමි. ඊට පිළිතුරු වශයෙන් ආයතන දෙකකින් මට කැඳවීම් ලැබුණි. එකක සම්මුඛ පරීක්ෂණය නුවරම වන අතර අනෙක් සම්මුඛ පරීක්ෂණය සඳහා ගම්පහ යෑමට තිබුණි.// - 17 වන කොටසින්

      //මම ඊළඟ සම්මුඛ පරීක්ෂණයට යන්න සූදානම් වූයේ අලුතෙන්ම බලාපොරොත්තු සිතේ රඳවාගෙනය. එය දේශීය අමු ද්රව්ය පිටරට යවන ආයතනයකි. මෙහි ප්රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ ගම්පහ ය.// - 18 කොටසින්

      මේ ටික ඉවාන් ගේ කොම්පියුටරේ පෙන්නන්නේ නැද්ද?

      Delete
  4. බලමු බලමු

    ReplyDelete
    Replies
    1. දමිත් අයියටත් එකම විදිහට ද හිතෙන්නේ?

      Delete