අම්මාත් අප්පච්චීත් පැමිණ ඇත යන සිතුවිල්ලෙන් දොර
ඇරියෙමි. මාව මවිතයට පත් කරමින් මා දෑස් ඉදිරිපිට සිටගෙන සිටියේ සුරංග ය. මා
කිසිත් නොකියා දොර අසලින් ඉවත් වූයේ සිතින් ඔහුට ගෙතුලට එන ලෙසට ආරාධනා කරමින් ය.
සුරංගගේ මෝටර් බයිසිකලය ගේ ඉදිරිපිට නවතා තිබුණත් එය පැමිණෙන හඬ මට ඇසී නැත.
“ඇතුලට එන්න කියන්නේ නැද්ද?“
සිතේ ඇති දුක හිත තුළට ඔබාගනිමින් ආයාසයෙන් සිනහවක්
මුවගට නගාගනිමින් “එන්න“ යයි පැවසීය. සුරංග ගෙට ගොඩ වී සාලයේ ඇති දිගු සෙටියේ
ඉඳගත්තේය.
“අම්මයි අප්පච්චියි ගෙදර නැද්ද?“
මම හිස දෙපසට සලමින් ඔහුට පිළිතුරු දුන්නෙමි.
“මොකද ගොළු වෙලා අම්ම යනකොට කටට ඉබ්බෙක් දාලා ගියාද?“
මීට මොහොතක පෙර මට බැන වැදුන ඔහුම කිසිවක් නොවූ ලෙස දැන් මට විහිළු කරයි. සුරංගට
මාව විහිළුවක් වෙලා. මගේ හිත තුළ තෙරපෙන දුක එළියට පනින්න පොරකනවා සේ දැනෙයි. මම
දොර උලුවස්සට හේත්තු වී මිදුලට දෑස් යොමුකරමින් සුරංගගෙන් දෑස් සඟවා ගන්නට උත්සහ
ගත්තෙමි.
“කෝ කතා කරන්න ආවට අපිත් එක්ක කතා කරන්නේ නෑනෙ. එහෙනම්
මං යනවා.“ එකවරම මගේ දෑස් ඔහු දෙසට යොමු වූයේ යන්න එපා කියන්නා සේය. සුරංග
පුටුවෙන් නැගිට මා පසු කරගෙන එළියට යන්න පැමිණියේය. මගේ අතින් ඔහුගේ අත ඇල්ලුනේ
ඉබේටමය. මම ඔහු දෙස බැලුවෙමි. සුරංග මගේ දෙනෙත් තුළට ආදරණීය බැල්මක් හෙලුවේ මාව
අපහසුතාවයට පත් කරමින්ය.
“මාත් එක්ක තරහද?“ ඔහු මගේ බඳින් අල්ලාගනිමින් ඇසුවා.
“ඔයානෙ මාත් එක්ක තරහ උනේ.“ දෑස් අගට ඉනූ කඳුළු බිඳු
ගිලිහෙන්නට නොදී ආයාසයෙන් මැඩපවත්වාගනිමින් පැවසී ය.
“එදා මට හුඟක් තරහා ගියා. මට සමාවෙන්න අමා ඔයාගෙ හිත
රිද්දුවට. අමා, මයිකල් මට හමුවුන කල්‍යාණ මිත්‍රයෙක්. මං රට ඉද්දි මිනිහයි මායි
වැඩ කළේ එකම තැන. එහෙදී එක සැරයක් මට උණක් හැදිල හොඳටම අමාරුවුනා. එදා මයික්
නොහිටින්න අද සුරංග කෙනෙක් ජීවතුන් අතර නොහිටින්නත් තිබුණා. මං දවස් පහක්
ඉස්පිරිත්තාලෙ හිටියා. සුමාන දෙකක් වැඩට නොගිහින් විවේක ගන්න උනා. මගේ සාත්තුවයි
වැඩපළේ මගේ වැඩකොටසයි ඔක්කෝම කළේ මයිකල්. මිනිහා වෙනුවෙන් මට කරන්න පුළුවන් උදව්වක්
විදිහටයි එයාගෙ නංගිට හොටේල් එකේ ජොබ් එකක් දුන්නෙ. මිනිහ මට උදව් කරපු හැටියට
ඒකත් මදි. මං හිතාගෙන හිටියේ මේ සැරේ ඇවිල්ලා සුසෑන්ගේ පඩිය වැඩි කරන්න. ඒත්...“
යි කියූ සුරංග සුසුමක් හෙළී ය.
“ඔයා මේ කතාව මට කලින් කියලා තිබුණනම්, මේ ප්‍රශ්නෙ
මෙච්චර දිග්ගැස්සෙන්නෙ නෑ සුරංග.“
ඔහු පිළිතුරු නොදී නිහඬ විය. විහිළු කරගෙන පැමිණි
සුරංගගේ ස්වර ෑපය වෙනස් විය. ඔහු දුකෙන් පසුවන බවක් මට දැනුනි. නිරතුරු දොඩමළුව
සිටින්න කැමති සුරංගගේ මේ නිහඬ බව මගේ සිතට ගෙනාවේ මහත් විඩාවකි. මම විශාල
වැරැද්දක් කළ වැරදිකාරියක් යැයි දැන් මට සිතේ. සුරංගගේ හිතේ ඇවිලෙන දුක කෙසේ නිවා
දමන්නේද කියා මම කල්පනා කරන්නට වීමි. මුළු නිවස පුරාම පැවතියේ දැඩි නිහැඬියාවකි. ඒ
නිහැඬියාව තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැන මම එය බිඳ දැමුවෙමි.
“මේක මෙච්චර දුර දිග යන, ඔයාගේ හිතට බලපාන ප්‍රශ්නයක්
වෙයි කියලා මට මෙහොතකටවත් සිතුනේ නෑ සුරංග. ඔයා ඔහොම දුකෙන් ඉන්නවා බලන්න මට බැහැ.
කියන්න, මං වැරැද්දක් කළා කියලා ඔයා හිතනවනම් ඒකට දඬුවම් විඳින්න මං සූදානම්.“
යළිත් මගේ දෑස් තෙත් වන්නට විය. ආදරය මිහිරක් ද වේදනාවක් ද කියා මට නොතේරේ. දිගින්
දිගටම නිහඬව සිටිමින් මාව මෙතරම් සියුම් විඳිහට රිද්දන්න තරම් ශක්තියක් ඔයාට
කොහෙන්ද ලැබුණෙ සුරංග?
“කතා කරන්නකෝ....“ තවත් නම් මට ඉවසිය නොහැක. හිත ඇතුලේ
තෙරපෙන දුක එළියට පනින්න නලියනවා සේ වේදනාවක් දැනේ. තව දුරටත් එතැන රැඳෙන්නට බැරිව
මම කාමරයට දිව ගියෙමි. ඇඳට වැටුන මම කොට්ටයේ මූණ ඔබාගත්තෙමි. සොරොව්වක් ඇරියාක්
බඳු දෑසින් කඳුළු ගලායන්නට විය.
“අමා...“
සුරංග මා අසලින් ඉඳ මගේ උරහිස මත අතක් තබා මා සවනට
සෙමෙන් කෙඳිරුවා. මට ඉකි ගැසුණි. ආදරය මෙතරම් වේදනාකාරී අත්දැකීමක් වූයේ ඇයි?
සුරංග මගේ හිස සෙමෙන් පිරිමදින්නට විය. මට බොහෝ දේ කියාගන්නට ඕනෑ වුවත් කියාගත
නොහැකි අයුරෙන් මගේ හිත සේදී යයි.
“අමා මට ඔයාව නැති කරගන්න ඕන නෑ. මට ඔයාව ඕන. ඔයාගෙ ආදරේ
ඕන. ඔයා නැති පාළුව පහුගිය දවස් ටිකේ මට හොඳට දැනුනා. උන හැම දෙයක්ම අපි අමතක
කරමු.“ යි කියමින් සුරංග මගේ තෙමීගිය දෑස් පිස දමමින් සෙමෙන් මා වතට ළං උනා.
“ඔයාව නැති උනොත් මාව මැරේවි.“ යි කෙඳිරු ඔහුගේ දෙතොල්
මා මුව මත සෙමෙන් ස්පර්ශ කරන්නට වූයේය. මා සියොළඟ සීතල වී යනවා සේ දැනෙන්නට විය.
හෘද ස්පන්දන වේගය වැඩි විය. වේදනාව මැදින් ලබන ආදරය කෙතරම් සුන්දරද කියා දැනෙන්නට
විය. හිතට බියක් දැනුන ද මට සුරංගට එරෙහිවෙන්න ශක්තියක් නැත. දෙවියන් බුදුන්
සිහිකරගනිමින් මා දෑස් පියා ගත්තා. එසැනින් සුරංග ඇඳමතින් නැගිට ඉවතට ගියා. මා
දෑස් විවර කර බැලුවා. ඔහු ජනේලයෙන් පිටත බලාගෙන සිටියි.
“සුරංග.“ මගේ හඬත් සමග සුරංග මා දෙස බැලුවා.
“අපි යමු එළියට. මෙතන හිටියොත් මොනව වෙයිද කියන්න බෑ“
කියමින් සුරංග මට දෑතපෑවා. ඒ දෑතේ එල්ලී මා ඇඳෙන් නැගී සිටියා. ඔහු මාව දෑතෙන්
ඔසවාගත්තා.
“සුරංග.... අනෙ අනෙ ප්ලීස් මාව බිමින් තියන්න.“
සුරංග සිනාසෙමින් මාව රැගෙන ගොස් දිගු සෙටිය මත තබා මගේ
අතක් ගෙන මා අසලින්ම ඉඳ ගත්තා.
අම්මාත් අප්පච්චීත් නැති මොහොතේ සිමා වැටකඩොලු බිඳිමින්
රිසිසේ සුරංගට හැසිරෙන්නට තිබුණත්, ඔහු ඒ සියළු හැඟීම් මැඩගනිමින් සංයමයෙන්
හැසිරීම ගැන මට ඔහුකෙරෙහි ඇති වූයේ පුදුමසහගත ගෞරවයකි, හිත පිරීගිය ආදරයකි.
“සුරංග ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා මං දැන් දන්නවා.“
ඔහුගේ මහත්මා ගුණය ගැන මාසිතේ උපන්නේ අපිරිමිත සෙනෙහසකි.
“පිපෙන්න කලින් මල නෙලාගන්නට මට ඕන නෑ අමා. ඒක මලට කරන
අපරාධයක් අසාධාරණයක්. අනික මලේ සැබෑ සුන්දරත්වය විඳින්නට තියෙන අවස්ථාව නැතිවෙලා
යනවා. හනිමූන් එකට කරන්න තියෙන දේවල් දැන් කෙරුවොත් එදාට ඒකෙ අගයක් නැතිවෙනවා. මං
ඒකට කැමති නෑ. ඔයා මනමාලි විදිහට ලස්සනවෙලා මා ළඟට එනකොටයි මං කැමති.“
“සුරංග ඔයාට මාර අදහස්නෙ තියෙන්නෙ.“ මම පැවසුවෙමි.
“අනික එහෙම දෙයන් උනොත් ඒක මම ඔයාගෙ ජීවිතයට කරන
හානියක්.“
ඔහු එසේ කියද්දී මගේ හිතේ ඇති වූයේ කුතුහලයකි.
“ඇයි එහෙම කියන්නෙ?“
මොකද හදිසියේ මට
මොකක් හරි අනතුරක් වෙලා ඔයාව බඳින්න බැරි උනොත් ඒක ඔයාගෙ මුළු ජීවිතයටම බලපාන්න
පුළුවන්.“
“සුරංග. ඔයා විකාර කියවනවා.“
“නෑ එහෙම වෙනවට නෙමෙයි.“ යි කියමින් ඔහු තම අතක් මගේ
කරවටා දමාගත්තා. මම ඔහු
ගේ උරපතෙහි හිස
තබාගනිමින් ඔහුට තව තවත් ළං විමි. එසේ බොහෝ වෙලාවක් ඔහුගේ උණුසුමේ රැඳී සිටියෙමි.
අපේ ආදරයේ මේතාක් කාලෙකට මා ලද සුන්දරම අත්දැකීමයි.
**** **** **** ****
අප්පච්චී විශ්‍රාම ගැනීමත් සමග නිවසේ අග හිඟකම්
වැඩිවන්නට විය. මේ නිසා රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය මින්පෙර නොවූ ලෙස දැඩි සේ මට දැනෙන්නට
විය. ඒ අවශ්‍යතාවය මෙපමණ දිනක් සුරංගගෙන් වසන්කරගෙන සිටියේ ඔහුගේ අදහස කෙබඳුවේද
කියන දෙගිඩියාව නිසා. ඒත් තවදුරටත් මෙය හිතේ හංගාගෙන සිටිය නොහැක. සුරංග පෙර දිනක
අපේ ගෙදර පැමිණ අපේ සම්බන්ධය ගැන අප්පච්චී හා අම්මා සමග කතාකර ඔවුන්ගෙන් නිල අවසරය
ලබාගැනීම නිසා මගේ හිතට දැනෙන්නේ නිදහසකි. දැන් මට ඇති එකම බර වනුයේ රැකියාවක්
සොයා ගැනීමය. සුරංග හවසට පැමිණි විට මේ ගැන ඔහුගෙන් විමසා සිටීමට අධිඨන් කරගතිමි.
“අමා... මොනවද මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?“
මගේ හිතේ කැකෑරී තිබෙන ප්‍රශ්නය ඇසීමට ඔහුගේ පැනය රුකුලක්
විය.
“මට කාරණාවක් තියෙනවා සුරංග ඔයාගෙන් අහන්න.“
“මොකද්ද?“
“මේ...මට අස්සාවක් කරන්න ඕන.“
“රස්සාවක්!“
සුරංග වේගවත් ස්වරයෙන් එසේ අසද්දී මගේ හෘද ස්පන්දන වේගය
වැඩිවෙනවා සේ දැනෙන්නට විය. ඔහුගේ ඊළඟ ප්‍රකාශය කුමක්වේද කියා මට සිතා ගැනීමටවත් නොහැක.
“අමා, ඔයාට මොකටද රස්සාවක්?“
හිතුවට වඩා සුරංග බොහොම සාමකාමීව ඇසීම නිසා මාගේ අවශ්‍යතාවය
සවිස්තරව ඔහුට කීමට හැකියාව ලැබුණි.
“රස්සාවක් කළොත් මටත් පුළුවන් අපේ ගෙදර වියදමට දායක
වෙන්න. මගේ වියදමට අවශ්‍ය සල්ලි දැන් මට අප්පච්චිගෙන් ඉල්ලන්න හිතෙන්නේ නෑ.“
“ඉතිං ඇයි අප්පච්චිගෙන් ඉල්ලන්නේ. ඔයාට සල්ලි ඕන නම් මං
දෙනවනේ.“
“ඒ උනාට මං ඉගෙන ගත්ත දෙයිනුත් ප්‍රයෝජනයක් ගන්න ආසයි.
අනේ සුරංග ප්ලීස් මට යන්න දෙනව නේද? අප්පච්චිගේ අවසරේ නම් ලැබුණා.“
ගැහැනියකට තියනවාය කියන මායම්
මම ද ප්‍රයෝජනයට ගතිමි. සුරංග මා දෙස මද වෙලාවක් බලා සිටියේ ය. මම බොහෝ අසරණ
අහිංසක ලෙස ඔහු දෙස බලා හුනිමි.
“කපටි කෙල්ල, ඔය මායම් දාලා තව පිරිමි කී දෙනෙක්
අල්ලගනීවිද දන්නෙ නෑ රස්සාවකට ගිහින්.“
රිදෙන නොරිදෙන ගානට සුරංග මගේ කන මිරිකුවා. කන් පෙත්ත
රිදුනත් ඒ වේදනාව සුන්දර යැයි මට සිතුනි. කොයි වෙලේත් මගේ කන මිරිකීම සුරංග සතු පුරුද්දකි.
“දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්න රස්සාව?“
“මගේ සුදුසුකම්වලට ගැලපෙන එකක්. ම්..... ඔයා කැමති නම්
මං ඔයාගෙ හොටේල් එකේ රිසෙප්ෂන් වෙන්නම්. මට ඒකට පඩියක් දෙන්න. සුසෑන්ට දුන්න තරම්
ලොකු පඩියක් ඕන නෑ....“ යි මා පැවසුවේ මුවගට සිනහවක් නගාගනිමින් ය.
“අපෝ අපෝ.... නිකං වැඩට එනවයි කිව්වත්, ඔයාව නම් ඒ
රස්සාවට ගන්නේ නෑ.“
“ආ..... ඒ මොකද?“
“ඔයා එතන ප්‍රදර්ශන භාණ්ඩයක් කරන්න මං කැමති නැහැ.“
“ඉතිං හොඳයිනෙ. එතකොට හොටේල් එකට කස්ටමස්ලා වැඩිවෙයි.
ආදයමත් වැඩිවෙනවනේ.“ යි මා පැවසුවේ ඔහුව මදක් තරහ ගැස්සවීමේ අටියෙනි. ඔහු කිසිත්
නොකියා මා දෙස රවාබැලුවේය.
“අපෝ.... තරහ ගියාම මූණෙ කැත.“ යි කියමින් මා නිවස දෙසට
දිව ගියා. නැතිනම් මගේ කන් පෙත්ත ආපහු සැරයක් ඔහුගේ ඇඟිලි අතරට හිරවෙනවා
නොඅනුමානය. සුරංග වෙලාවකට හිතන්නේ පොඩි දරුවෙක් වගේ. ඒත් ඇත්තටම ඔහු මගේ ආරක්ෂාව
ගැන සිතයි. එය අවංක ආදරයක් ඇති පිරිමියෙකුගේ ලක්ෂණයකි. මට මගේ අප්පච්චි සිහිවෙයි.
දීග නොගිය ගෑනු දරුවො දෙන්නෙකුගේ ආරක්ෂාව පියෙකු සතු අනිවාර්ය වගකීමක් වෙයි.
අප්පච්චී අතින් ඒ යුතුකම ඕනවට වඩා ඉහළින් ඉටුවන්නා සේම, ඔහු අපේ අම්මාගේ ආරක්ෂාව
ගැනද සොයා බලයි. ඊට හොඳම උදාහරණය තමයි රෑපානේ කඩේකට යන්න උවමනා වූවිටක අම්මට යන්න
නොදී ඔහුම ඒ සඳහා යෑම.
මතුසම්බන්ධයි
තරු
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා
හ්ම්ම්ම් මෙහෙම කොල්ලෝ නම් අද කාලේ ටිකක් අමාරුයි හොයා ගන්න
ReplyDeleteඑහෙම කොල්ලන්ගේ ජාතකේ හොයන්න ඕන. ජාතකේ අප්සෙට් උනහමනේ ඉවනැති වෙච්ච බල්ලො වගේ හැසිරෙන්නේ.
Deleteසුරංග හරිම ආදර්ශවත් පෙම්වතෙක්නේ...?
ReplyDeleteඅනිවාර්යෙන්ම. අනික ඉවාන් නිර්මාණකරැවෙකුගේ අතින් බිහිවිය යුත්තේ සමාජයට වින කරණ නිර්මාණනොව යම් ආදර්ශයක් දිය හැකි නිර්මාණ කියලයි මම හිතන්නේ. අපිට යම් ආදර්ශයක් අපේ නිර්මාණය තුළින් දිය නොහැකිනම් අවැඩක් සිදුකෙරෙන නිර්මාණයක්ද නොවිය යුතුයි. මම නම් හිතන්නේ ලාංකීය සමාජය තුළ අපේ කොල්ලෝ වැඩිහරියක් සදාචාරසම්පන්නයි කියලා. ඒකේ හරි වැරැද්ද මට වඩා ඔයාලා ඉතිං දන්නවා ඇතිනේ....
Delete