දිගු
නිහැඬියාවකට විරාම තබමින් සුරංගගේ මුව අවදි විය.
“අපි යමු නේද?“
ඒත් මට එයට සිත් නොදෙයි. මම සුරංගගේ
දෑස් දෙස බලා ඔහුගේ සුරත තදකර අල්ලාගතිමි.
“අපි තව ටිකක් වෙලා ඉමු.“ මගේ
දෑසට උනන කඳුළු දැඩි ආයාසයකින් හංගාගනිමින් පවසූයෙමි.
“වීසාඑකට හෙට කොළඹ යන්න හිතාගෙන ඉන්නෙ.
ගෙනයන්න ඕන බඩුත් ලෑස්ති කරගන්න ඕනනෙ අමා.“
පවසන්නට මගේ මුවගට කිසිදු වචනයක්
නොනැගේ. මම නිහඬව සුරංගගේ කතාවට සවන්දීගෙන සිටියෙමි.
“ඇයි මේ බයවෙලා වගේ බලාගෙන ඉන්නේ.
හරියට මං නොඑන්න යන ගමනක් වගේ.“
මම ආයාසයෙන් සිනාසෙන්න උත්සහ ගත්තෙමි.
සුරංග අසුනෙන් නැගී සිටියෙන් මට ද ඉබේටම නැගිට්ටුණි. මෝටර් බයිසිකලයෙන් ගොස් නිවෙස
ආසන්නයෙන් බහිනතුරු අප අතර කිසිම කතා බහක් නොවීය. මෝටර් බයිසිකලයෙන් බැස්ස මා,
“ප්‍රවේසමෙන් ගිහින් එන්න.“ යි කියත්ම
මෙතෙක් වෙලා හිත තුළ තෙරෙපෙමින් තිබූ දුක කඳුළු වෙමින් දෑස් අගට එකතුවන්නට විය. මම
තොල සපා ගනිමින් අයාසයෙන් කඳුළු නවතා ගතිමි. තව දුරටත් එතන රැඳී සිටියොත් මගේ දෑස්
මට කිසිසේත් කීකරු නොවනු ඇත. මගේ දෑස් සඟවා ගනිමින්, “මම යන්නම්.“ යි කියා ඔහුගෙන්
වෙනව ඉවත ගියෙමි. එකවරම ඔහු මගේ සුරතෙන්අල්ලා ඔහු වෙතට ඇද ගත්තේය. වටපිට බලා එකවරම
මගේ දෙතොල් සිප ගත්තේය. දෑස් තුළ සිරකරගෙන සිටි කඳුළු කැට නොනවත්වා දෙකම්මුල් දිගේ
ගලායන්නට විය. නුහුරු අත්දැකීම අතරේ සුරංගගේ දෑස් අග ද කඳුලක් දිලිසෙන්නට විය. ඒ
සෝබර මුහුණ දෙස බලා සිටීමට නොහැකි වූ කල ඔහුගෙන් ඉවත්ව දිව ආවෙමි.
මම කවදත් රාත්‍රියට ආදරය කළෙමි. රාත්‍රිය
කෙතරම් සුන්දර ද? සඳ ඇති දිනවල ඇඳමතට වි ජනෙල් කවුළුව අතරින් සඳපායා ඇති අයුරු බලා
සිටින්නට ආශා කළෙමි. රාත්‍රී අහසේ රටාමවන
වළකුළු සඳ එළියෙන් බලාසිටිමින් ඉමහත් ආශ්වාදයක් ලැබුවෙමි. වෙනදාමෙන් අදත් හඳපායා
තිබුණත්, අද ඒ සඳ වළාකුළුවලින් වැසීගොසින්ය. වෙනදා ලද ආශ්වාදය ලබන්නට අද මගේ සිතට
වරම් නැත. මම වෙලාව බැලුවෙමි. එහි 12.35 ලෙසින් සටහන්ව ඇත. මේ වෙලාවට සුරංග
සිටින්නේ කටුනායක් ගුවන් තොටුපළේ ගුවන් යානාවක් තුළය. හරියටම තව විනාඩි විස්සකින්
ඒ ගුවන් යානය ගුවන්ගත වනු ඇත. සුරංග ඇතුළු තව එකොළොස් දෙනෙකු මේ ගමනට එකතු වීමට
නියමිතයිලු. ඔවුන්ගේ මුල්ම නැවතුම ඉන්දියාවට ඉන්පසු තායිලන්තයට. චාරිකාවේ අවසානය
සනිටුවන්වෙන්නේ චීනයෙනි. මේ ගමනට ගෙවෙන සති හය මට අවුරුදු හයක් මෙනී. කෙසේ නම්
ඉවසන්න ද ඒ කාලය. අද දවල් ඔහු මගෙන් සමුගත් මොහොත සිහියට නැගුණි. පුදුමයකි! අපි
ආදරෙන් බැඳිලා මාස හයක් වැනි කාලයක් ගත වුවත් එවන් සුන්දර අත්දැකීමක් මා මින් පෙර
විඳ නොතිබුණි. සුරංගගේ දරදඬු දෑත්වලට සිර වූ මාගේ මුව මත ඔහුගේ දෙතොල් ස්පර්ශවන
විට දැනුණ හැඟීම මට විස්තර කරනොහැකි තරම්ය. මා ඇඟිලි තුඩුවලින් මගේ දෙකම්මුල් සහ
දෙතොල් පිරිමැද්දෙමි. ඔහුගේ සුවඳ මා අසලම දැවටෙනවා සේ දැනෙන්නට විය. මම දෙනෙත්
පියා ගත්තෙමි.
පසු දින පහන්වී හෝරා කිහිපයක් ගත වී
මධ්‍යහනයට ආසන්න වී ඇතත් තවම සුරංගගෙන් දුරකථන ඇමතුමක් නැත. අල්ලපු රටට ගිහිල්ලත් මෙපමණවෙලා
පරක්කුවීම ගැන මගේ සිත නොසන්සුන් කරයි. ඒ නිසාම සිත එකඟ කරගෙන කිසිම වැඩක්පලක්
කිරීමට සිත් නොදෙයි. ඇඳටම වී සිටින්නටමයි සිත.
“මොකද දුව මේ... ඇයි සනිප නැද්ද?“ යි අම්මා පැමිණ ඇසුවේ
ගේ අතුගෑම මිදුල අතුගෑම වගේ මගෙන් විය යුතු වැඩපල අතපසුවී තිබෙනු දැකීමෙනි.
“ඊයෙ රෑ හරියකට නින්ද ගියේ නෑ අම්මේ.... ඔළුව ටිකක් බරයි
වගේ.“
“ඉතිං පැරසිටමෝල් දෙකක් බිව්ව නම් ඉවරයි නෙ.“
“හ්ම්.... බොන්න ඕන තමයි.“
මගේ ක්‍රියා කලාපය ගැන නොසතුටෙන් වගේ අම්ම පිටව ගියාය.
තාත්තා ඔහුගේ එළවළු වගාවට අවශ්‍ය පොහොර වගයක් ගේන්න ටවුමට ගොසින්ය. නිවසේ සිටියේ
මාත් අම්මාත් පමණි. අම්මා කාමරයට වී මැෂිමේ කුමක්දෝ මහන හඬ මගේ කාමරයට ඇසේ. ඒ
මැෂිමට අවුරුදු සීයක් පමණවන බව අම්මා කිහිපවරක්ම කියා තිබේ. සිංගර් ගෙම්බා සලකුණ
සහිත එකක් නිසා වටිනා කමිනුත් වැඩිබවයි අම්මා කියලා තිබුණේ. පරණ යකඩ ගොඩක් නිසාම
‘කර කර‘ හඬ නංවමික් ක්‍රියාත්මක වන හඬ ඇසෙයි. සිත හිස් අවකාශයේ සැරිසරන්නා සේ
දැනේ. මා සිත එක අරමුණකට ගෙන එමේ බලාපොරොත්තුවෙන් මැෂිමේ හඬට සවන් යොමාගෙන සිටින්නට
උත්සහ කළෙමි. ඒ සමගම දුරකථය නාදවන්නට විය. මම ඇඳෙන් බැස දුරකථනය අසලට දිවගියෙමි.
“අමා, කරදරයක් නැතුව දිල්ලිවලට ආවා. ඉතිං....“
“මං ඒත් මග බලාගෙන හිටියේ ඔයාගෙන් කොල් එකක් එනතුරු. ඇයි
කෝල් කරන්න පරක්කු උනේ.?“
“මේකයි අපේ නඩේ එක්කෙනුකට පොඩි කරදරයක් උනා.“
“ඒ මොකද්ද?“
“අපේ ඒකෙනෙකුගේ බෑග් එකක් මිස්ප්ලේස් උනා. ඉතිං මිනිහා
සෙකියුරිටි එකට කියලා.... එයාපෝර් එනවුන්ස්මන්ට් එකක් දුන්නට පස්සෙ ඔන්න හම්බඋනා.
වෙන එක්කෙනෙක් එයාගෙ බෑග් එක කියලා රැවටිලා මේක අරගෙන. ඉතිං මාත් හිටියා මිනිහගේ
උදව්වට. ඒක නිසා හොටෙල් එකට එනකොට පරක්කු උනා. නාලා කාලා ඉවරවෙලා
දැන් තමයි විවේකයක් ලැබුණේ. ඉතිං කොහොමද ඔයාගෙ තොරතුරු?“
“ඔයා නැතුව පාලුවෙන් ඉන්නේ. වැඩක් කරන්නත් හිතක් නෑ
සුරංග. උදේ ඇඳට වෙලා ඉද්දි අම්මත් ඇවිල්ල මොකද කියලා ඇහැව්වා.“
“ඉතිං ඔයාට කියන්න තිබුණනේ බෝයිෆ්‍රෙන්ඩ් පිටරට ගිහින්
හිතට අප්සෙට් කියලා.“
“ආ.... හොඳට හිටියි.“ මා එසේ කියද්දී සුරංග අනිත් අන්තයේ
සිට සිනහසෙන්නට විය.
“හරි හරි මං ආවහම අම්මලත් එක්ක කතා කරන්නම්.“
ලෝකේ අනිත් රටවල් හා සංසන්දනය කරද්දී ඉන්දියාව මහා මානව
කෞතුකාගාරයක්. ඒ වගේම අපේ බුදුහාමුදුරුවෝ ඉපදුණ පිං බිම. ඇත්තටම ඒ පිං බිම වැඳපුදා
ගන්න මටත් ඇත්තේ පුදුම ආසාවක්. මීට අවුරුදු තුනකට විතර කලින් අපේ ගමේ වැඩිහිටි සංගමය
මගින් සංවිධානය කරපු බුද්ධගයා වන්දනාව නම් වූ චාරිකාවකට අම්මටත් අප්පච්චිටත්
සහභාගිවීමේ වරම් උදාවුණා. ඔවුන් ඒ ගමන ගොස් පැමිණ, කරපු වර්ණනාව නිසා මට එදා
හිතුනා, මටත් බුද්ධගයාවට යන්න ඇත්නම් කියලා.
*** *** ***
සුරංග දවසක් ඇර දවසක් මට කතා කළා. ඒ කතා කර දුරකථනය
විසන්ධිකරන සෑම විටම මට දැණුනේ දරාගත නොහැකි දුකකි. ඔය අතරේ තවත් දෙයක් අපේ නිවසේ
සිදුවන්නට විය. ඒ සුරංග නිතරම මට කතා කරන්නට වීමෙන් අම්මාත් අප්පච්චීත් අතර අපි
දෙන්නා ගැන සැකයක් හට ගැනීමය.
“දුව, අර ළමයා පිටරට ඉඳන් ඇයි ඔයාට නිතරම කතා කරන්නේ.“ යනුවෙන්
අප්පච්චී දිනක් රාත්‍රී ආහාර මේසයේදී ඇසුවිට මගේ මුව ගොළුව ගියාය. මට කිසිවක්
කියාගන්නට බැරුව කෑම පිඟාන අතගගා සිටින්නට විය.
“දුව, පහුගිය දවස් කිපයේ අම්මයි මායි බලාගෙන. ඔයා සුරංග
එක්ක කතාකරනවා, වෙලාවකට හිනාවෙනවා, වෙලාවකට අඬාගෙන කාමරේට දුවනවා. ඔය දෙන්න අතරෙ
සම්බන්ධයක් තියේද?“
අප්පච්චී මාව හොඳින්ම නිරීක්ෂණය කර තිබේ. ඒ නිසා මට
මුසාවක් පැවසීමට පවා නොහැකිය. එකඅතකින් මේක මේ විදිහට හරි අප්පච්චිට කියන්න ලැබෙනඑක
සිතට සැනසීමක්.
“සුරංග කිව්වා, එයාට අප්පච්චියි අම්මයි එක්ක කතා කරන්න
ඕන කියලා. එයා රට ඉඳන් ආවට පස්සේ මෙහේ ඒවි.“
“දුව, සුරංග කියන්නේ අපි නොදන්න ළමයෙක් නෙමෙයි. එයා
දියුණුවෙන්න උත්සහකරන ඉලන්දාරියෙක්. අනික හැදිච්ච දරුවෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් අපේ
බෑන වෙනවට අපේ කිසිම අකමැත්තක් නෑ. ඒත් කරන දෙයක් පිළිවෙළකට කරන්න ඕන.“
සුරංග අපේ සම්බන්ධයට අවසර ඉල්ලන්නටත් පෙර අප්පච්චිගෙන් ඒ
අවසරය ලැබීම මට සිහිනයක්ම විය. අපේ සම්බන්ධයට ගෙදරින් ලැබෙන ප්‍රතිචාරය කෙබඳු වේද
යන දෙගිඩියාවෙන් මගේ සිත නිරන්තරයෙන් පෙළන්නට විය. ඒ නිසා විටෙක මගේ සිතට දැනුනේ එක්තරා
අයුරක අසහනයකි. ඒත් දැන් ඒ අසහනය පහවගොස් සිතට ලැබී ඇත්තේ උතුරායන සතුටකි. මම
අසුනෙන් නැගිට ගොස් අප්පච්චිව වැළඳ ගත්තෙමි.
“මගේ හොඳ අප්පච්චි.“
“ආ... දෝණියැන්දට අප්පච්චිගේ අවසරේ ලැබිල වගේ.“ යි
මුළුතැන්ගෙයි සිට පැමිණි අම්මා පැවසූයෙන් මගේ සිතට ඇතිවූයේ ලැඡ්ඡාවකි. අප්පච්චී
උතුරායන පිය සෙනෙහසින් මා දෙස බලා හිස අතගෑවේය. මගේ හිතට ඇතිවූ සතුට, සතුටු කඳුලක්
වී දෑස් තුළින් උතුරා යන්නට විය.
“උඹල හතර දෙනා මට මගේ ජීවිතය හා සමානයි. උඹලගේ සතුට
වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ දුවේ....“
දෙයියනේ.... මගෙ අප්පච්චි කොච්චර හොඳ කෙනෙක්ද? මේ වගේ
අප්පච්චි කෙනෙක් අපිට ලැබෙන්න අපි පූරුවේ පිනක් කරල ඇති. ඇත්තෙන්ම අප්පච්චීගේ මේ කරුණාගුණය
අපිට විතරක් නෙමෙයි ගමේ අයටද එකසේ ලබාදෙයි. ඒ සත්‍ය අවබෝධ කරගත හැක්කෙ සිංහල අලුත්
අවුරුද්දටයි. එදාට අප්පච්චිට මෙන්ම අපිටත් අවිවේකී දවසක්. මන්ද එදාට අපේ නිවස නෑදෑ
හිත මිත්‍රාදීගෙන් පිරීයන නිසා. අසල්වාසී
ගෙවල්වල අවුරුදු මෙසේ ඉඳුල් කිරීමේ රාජකාරිය ඉටුවෙන්නේ ද අප්පච්චිගේ අතිනි.
අප්පච්චි මෙතරම් ගරු බුහුමන් ලබන්නේ මිල මුදලින් ආධාර කරලාම නොවේ. ඕනෑම ප්‍රශ්නයක
දී මැදහත් සිතින් දෙපාර්ශවයටම කරුණු කාරණ පහදා දෙමින් ඒ ප්‍රශ්න විසඳීමට ඇති අපූරු
හැකියාව නිසාය.
සුරංග යළි කතා කරන තුරු සිතට ඉවසිල්ලක් නැත. මේ ආරංචිය
සුරංගට අහන්න ලැබෙන සතුටුදායකම ආරංචියක් වනු නොඅනුමානය.
පෙර දින සුරංග කතා කළ අවස්ථාවේ හෝටලය පැත්තේ ගොස් ඒ
කටයුතු පොඩ්ඩක් සොයා බලන ලෙසට පැවසූයෙන් මම උදේ දහයට පමණ හෝටලයට යන්න සූදානම්
වූයෙමි.
තරු
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා.
අප්පච්චි... මම ගිය පාර හිතුවට වඩා වෙනස්... හොදට ලියවෙනවා තරු.. දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි දේශක!. සෑම දරුවෙක්ම පතන්නේ මේ වගේ පියවරු. පියවරු වෙලා ඉන්න උදවියට මෙන්ම පියවරු වෙන්නට පෙරුම් පුරන ඇත්තන්ට ඕන නම් ආදර්ශයට ගත හැකියි.
Deleteහෝටලේට ගියාමනම් පොඩි කේස් එකක් වෙයි වගේ
ReplyDeleteඅා.... දැන් ඒහෙම නම් ඉවාන්ට අනාවැකිත් කියන්න පුළුවන්... බලමු බලමු.
Deleteහුටා.... මට පහුගිය කොටස් ගොඩක් මඟ ඇරිල වගේ.. ඒක කීයටවත් වෙන්න බෑ. රීඩරේට එන ඔක්කොම මං බලනවනෙ කොහොම හරි :(
ReplyDelete----------------------------------------------------------------------------------------------------------------------------
මටත් ඔහොම මාමණ්ඩියෙකුයි, නැන්දම්මෙකුයි සෙට් වෙනව නම් මාරයි :)
ඔව් ඔව් වැඩේ නරක නෑ. ඒහෙමනම් ගෑනු ළමය යාළු කරගන්න කලින් නැන්දයි මාමයි යාළු කරගන්න වෙයි මලයො....
ReplyDeleteNice story, finished the entire stories in one go. I had a day off and stumble on this page by accident, see you soon
ReplyDeleteThanks Parakrama. Keep in touch.
Deleteඔන්න අද මග හැරුනු ඒව කියවන්න පටන් ගත්ත මං..
ReplyDelete