Monday, August 12, 2013

නෙතු අද්දර - 11




නිල්වන් අහස ඉතා පැහැදිලිය. තරු කැට දහස් ගණනින් නිවි නිවී දැල්වෙයි. අලිගැට පේර ගහ යටට බංකුව මත හිඳ තරු ගනින්නට උත්සහ කළෙමි. එහෙත් එය කවදාවත්ම නිමා කළ හැකි ක්‍රියාවක් නම් නොවනු ඇත. මට සුරංග සිහිවිය. පෙර දින දහවල සිදු වූ සියල්ල සිතුවමක් සේ යළි යළි මා සිතේ මැවෙන්නට විය. සුරංග මට තෑගි දුන් මාලය ගෙදරවිත් කිහිප සැරයක්ම පැළඳ බැලුවෙමි. සත්තකින්ම එය හරිම ලස්සන මාලයකි. සුරංග එහි මිල නොකිව්වද ගොඩක් ගණන් එකක් විය යුතුය.

හදිසියේ අහස් කුස ඒකාලෝක කරමින් විදුලියක් ඇදී ගියේ ගිගුරුම් හඬක් ද සමගින් ය. 
 
මීට මොහොතකට පෙර තිබූ පැහැදිලි අහස වසාගෙන අඳුරු වළාවක් ඇදී එන්නේ මුළු පළාතම ගිලගන්න එන රාස්සයෙක් පරිද්දෙනි. එය හිසට ඉහළින් ඇදී යන විට පොද වැස්සක් ඇද හැලෙන්නට විය. මම ගෙතුලට දිව ගියෙමි.  

***      ***      ***      ***

සතියක නිවාඩුවක් ලැබී ඇති නිසා  නංගි ඇගේ මිතුරියක් වන මංජුලා සමග පැමිණියාය. ඇය නංගිටත් වඩා සංකර ගති ඇත්තියක් බැව් ඇගේ ඇඳුමෙන්ම පිළිඹිබු වෙයි. මම ඇයව හඳුනාගනු පිණිස ඔවුන් සිටින දෙසට ගියෙමි.
           “මංජු මේ අපේ පොඩි අක්කා අමාලි.“
           “ඕ හවු නයිස් ටු මීට් යූ.“

එසේ කියමින් ඇය මගේ දෙකොපුල් සිපගත්තාය.
          “ඔයාගෙ අක්කි නම් හරි ස්වීට් අනේ... මේ කේෂි, අක්කිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැද්ද?“


මංජුලා අඟර දඟර පාමින් කේෂිණීගෙන් අසද්දී.... ඇය මා දෙස ලැජ්ජාවෙන් බලා සිනාසුනා. ඇය සිංහල කතා කළ ද එහි ඇත්තේ සහමුලින්ම ඉංග්‍රීසි උරුවකි.
        “අපි ගෙට යමු නේ ද?“
මා ඔවුන්ව කැඳවාගෙන නිවස වෙතට පිය නගද්දී... අම්මාත් අප්පච්චීත් අප ඉදිරියට පැමිණියහ. එවිය කේෂිණී ඔවුන්ට මංජුලාව හඳුන්වා දුන්නාය. ඇය, “හලෝ... ආන්ටී...., හලෝ.... අංකල්...“ කියා මවත් පියාත් පිළිගනිද්දී... ඔවුන් දෙදෙන මුහුණට මුහුණ බලාගත්තේ උපහාසාත්මක සිනහවක් ද මුවකොණක රඳවාගෙනය.
           “නංගි, කවුද අර ඒ පැත්තටත් මේ පැත්තටත් නැති හොල්මන් යාළුවා.“
මංජුලා නැති ස්ථානයකදී මම නංගිගෙන් ඇසුවෙමි.
            “එයා ඉගෙන ගෙන තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක.“

“ඉන්ටර්නැෂනල් ස්කූල් එකක නෙමෙයි එංගලන්තෙ ගිහින් ඉගෙන ගත්තත්, සිංහල කතා කරන එක වෙනස් වෙන්න බෑ.“

 
“ඒක ඇත්ත දුව. අපිට ඉංග්‍රීසි ඕන තමයි. ඒත් ඒක නිසා අපේ ශ්‍රේෂ්ඨ මව් බාසාව විනාශ කරනවට මමත් කැමති නෑ. ඔය පර සුද්දන් හෙළුවෙන් යද්දී අපිට තිබුණේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක්. රජවරුන්ගේ පාලන යුගයක්. අපි වතුරෙන් පස්ස හෝදද්දී උන් කොළ කෑල්ලකින් පිහදාගන්නෙ. එහෙව් ඌරු රැළකට තමයි උඹලත් රැවටිලා ඉන්නේ.“
         මංජුලා කෙරෙහි අප්පච්චිගේ සිතේ ඇති වී ඇති දැඩි අප්‍රසාදය එසේ පළකරමින්ය.
          “මාත් එච්චර කැමති උනේ නෑ අප්පච්චි එයා එනවට. මොනව කරන්නද එන්නම ඕනෙ කිව්වා.“
          “ඒකෙන්ම පේනවා ඒ ළමයගේ හැදියාව.“ යි කියමින් අප්පච්චී අප අසලින් පිටව ගියේය. කෙසේ නමුත් මංජුලාගේ පැමිණීම ගැන නිවසේ කිසිවෙකුගේවත් ප්‍රසාදයක් තිබුණේ නැත.

මං බුදුන් පුදන්නට වතු සුද්ද ගහේ මල් කඩමින් සිටින අතරේ කේෂිණීත් මංජුලාත් වත්තේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරමින් සිටියහ. සුරංගගේ මෝටර් බයිසිකලය පැමිණියේ ඔය අතරෙදීය. බැඩ්මින්ටන් ක්‍රීඩාව නැවැත් වූ කේෂිණී ඔහු වෙත දිව ගියේය.

“මංජු ඔයාට පුළුවන් නේද මෝටර් බයිසිකල් පදින්න. යමුද රවුමක්?“
         නංගි මංජුලාව සුරංගට හඳුන්වා දුන්නාය. ඇය ඔහු ඉදිරියේ උකුලු මුකුලු කරමින් හැසිරෙන ආකාරය දැකීමෙන් මා සිතේ හට ගත්තේ තරහවකි. මම ඔවුන් අතරට ගියෙමි.

“නංගි, ගෙදරට ආපු අමුත්තෙකුට ඔහොමද සලකන්නෙ?“ යි මම තරමක් සැරෙන් පැවසුවේ මංජුලා හා නංගී දෙස රවාබලමින්ය. කෙසේ නමුත් සුරංග වැඩි වෙලාවක් නොරැඳී පිටව යාම මගේ සිතට එක් කළේ අස්වැසිල්ලකි.
         “කවුද බං ඒ බෝයි. මාර හැන්ඩ්සම්. හරියට බොලිවුඩ් ස්ටාර්කෙනෙක් වගේ.“




නංගීත් මංජුලාත් කතා කරමින් සිටින කාමරය අසලින් යද්දී සුරංග ගැන කතා කරනු ඇසුන නිසා මා නැවතී ඔවුන්ගේ සංවාදයට සවන් දුනිමි.
        “මෑන් උඹට ට්‍රයිද, උඹ මෑන්ට ට්‍රයි ද“?
        “එහෙම එකක් නෑ බං.“
        “මොනවද බං? මට ඔය චාන්ස් එකක් අවනම් දන්න මායම් ඔක්කොම දාල කොහොම හරි යාළු කරගන්නවා. ට්‍රයිකරපං, කැමති නැත්නම් මට සෙට් කරල දීපංකො.“

මංජුලාගේ කතා විලාසය ඇසීමෙන් මා සිත තුළ ඇති වූයේ දැඩි පිළිකුල්සහගත හැඟීමකි. මාත් සුරංගත් අතර ඇති සම්බන්ධය තවම කිසිකිනෙකු නොදන්න නිසා, මංජුලාගේ උසිගැන්වීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වේවිදෝ කියන කුතුහලය මා සිතේ හටගැනුණි.

පසුගිය දින කිහිපයම ගෙවී ගියේ අප්‍රසන්න හැඟීමෙන් මෙන්ම එක්තරා අයුරක විනෝදයක්ද සමගිනි. කෙසේ නමුත් දින කිහිපයක නිවාඩුවක් ගත කිරීමෙන් පසු නංගීත් මංජුලාත් නැවත කොළඹ ගියහ. ඒ කාලය තුළ සුරංග නොපැමිණිම මගේ සිතට ගෙන ආවේ අස්වැසිල්ලක් වුවද ඔහු දැකගැනීමට නොහැකි වීමෙන් එක්තරා අසහනයකින් පසු වූයෙමි.
****                ****                ****
            පෞද්ගලික ආයතනයක  සේවය කළ අප්පච්චී විශ්‍රාම ගියේ ය. ඔහු තම රාජකාරිය නීතිගරුකවත්අවංකවත් ඉටුකළ නිලධාරියෙකි. එම සේවය අගයනු වස් ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් මුදල් පරිත්‍යාගයක් සහ ඉහළ පරිපාලනයෙන් පවුම් භාගයක් ද ලැබුණි. පෞද්ගලික ආයතනයක සේවකයකුට විශ්‍රාම වැටුපක් ලැබීමේ වරප්‍රසාදය අහිමි වන අතර හිමිවන්නේ සේවා කාලය පුරාවට එකතු වූ අර්ථ සාධක මුදල පමණි. අප්පච්චිට එසේ ලැබුණ අර්ථ සාධක මුදල බැංකුවේ තැම්පත් කළේ ඉන් ලැබෙන පොළියෙන් අප සියලු දෙනාගේම අවශ්‍යතාවයන් ඉටු කිරීමේ අරමුණෙන්ය. පවුලේ හතර දෙනෙක් පොළියකින් ජීවත් කරවීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නිසා මමත් රැකියාවක් සොයාගත යුතුය යන සිතුවිල්ල ඇතිවිය.

ඒත් ඊට අප්පච්චිගෙන් අවසර ගන්න මගේ හිතට එකවර ශක්තියක් තිබුණේ නැත. අනික දැන් අප්පච්චී පමණක් නොව සුරංගගේ අනුමැතියද අවශ්‍ය යි. මේ සියල්ලටම අවස්ථාව එළැඹෙනතුරු ඉවසා සිටිය යුතුය.

 තරු


මතු සම්බන්ධයි.

වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා


 

13 comments:

  1. අප්පච්චි මංජුලා ගැනකළකිරීමෙන් නං අවුල් වෙයිද??? දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ම්.... කියන්න බෑ. දිගටම රැ‍ෙඳෙන්න දේශක මොකද වෙන්නේ කියලා බලන්න.

      Delete
  2. අර නංගිගේ යාලුවා වගේ තමයි දැන් ගොඩක් කෙල්ලෝ, පව් අප්පා අපි වගේ අහිංසක කොල්ලෝ... :D

    ReplyDelete
    Replies
    1. සිරා කතාව

      Delete
    2. නියම අදහස.

      Delete
  3. මේ දැන් තාත්තටත් හිතට නිදහසක් ඕන එකේ බන්දලා දැම්මා නම් හරිනේ දෙන්නාව

    ReplyDelete
    Replies
    1. කුතුහලය ඇති වෙනවා එක එක ගැටළු ඇති වෙනකොට.

      Delete
  4. ගෑණු ලමයි ගොඩාආආයි නෙ.. එක කොල්ලයි :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ. අන්තිමට සුරංග කවුරැ තෝරාගනීවිද දන්නේ නෑ.

      Delete
    2. චන්දන වරෙං බං අපිවත් යන්න අච්චර කෙල්ලෝ ඉන්න එකේ..

      Delete
    3. යං යං.. ඔන්න යසිතයත් ඉන්නව පහලින් :)

      Delete
  5. අර ගර්ල්ස්ට හැන්ඩ්සම් බෝයිස් කෙනෙක්ස් ඕන නම්ස් මාව කන්ටැක්ස් කරගන්නස් කියන්නස්....

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ පැත්තෙ ආවෙ නැත්තෙ මොකෝ? ඉස්පිරිත්තාලෙවත් හිටියද? නෑ... මං එහෙම ඇහැව්වේ පොඩි වචන පැටලීමක් තියෙනව වගේ නිසා. කොහොම හරි කමක් නෑ ආව එකට සන්තෝෂයි. මලයගේ යෝජනාව මං කෙල්ලො සැට් එකට කියල බලන්නම්. චන්දනයි දේශකයි දෙන්නත් ඇහැ ගහගෙන ඉන්නවා වගේ....

      Delete