රාත්‍රිය
එළැඹීමට පෙර නිවෙස් බලා යායුතු නිසා සෙපාර්ශවයේ නෑදෑයෝ එකිනෙකාට ආචාර කරමින්
සමුගන්නට වූහ. අම්මාත් අප්පච්චීත් ඉදිරියේ දණින් වැටුණු අක්කා නැගිට්ටේ ඉකිගසාගෙන
ය. අම්මාත් අප්පච්චීත් අක්කගේ හිස අතගෑවා විනා කිසිවක් කීවේ නැත. මා අසලට පැමිණි
අක්කා මා වැළඳගත්තා පමණි මෙතෙක් වෙලා හිතේ තෙරපගෙන සිටි මගේ දුක කඳුළු ගංගාවක් සේ
දෝරෙ ගලායන්නට විය.
‘‘මං
තනිවෙනවා අක්කේ.... මට බනින්න, මාත් එක්ක එකට හිනාවෙන්න, මගේ දුක බෙදාගන්න දැන්
කෙනෙක් නෑ අක්කේ....“
අක්කා
මගේ හිස ඇගේ ළයේ හොවාගෙන හිස සෙමෙන් පිරිමදින්නට විය. ඇගේ හෘදස්පන්දනය වේගයෙන් ක්‍රියාත්මක වෙන අයුරැ
මට දැනෙයි.
එදින අප
නිවසට ළඟාවන විට රාත්‍රී 8 පමණ වී තිබුණි. මහන්සියටත් දුකටත් රාත්‍රී ආහාර නොගෙනම
කවුරැ කවුරැත් නින්දට වැටුණහ.
*** *** *** ***
පසුගිය
දින කිහිපයේ වතුර දැමීමට නොහැකි වූ නිසා මල් පාත්ති මැල වී ගොසින් ය. මම කාමරයේ
සිට ජනේලය අතරින් ඒ දෙස බැලුවෙමි.
“පොඩි
දූ ඔයාගේ විභාගෙ කවද ද තියෙන්නේ?“
“තව මාස
තුනකින් අප්පච්චි.“
“දැන්
ඔය විභාග කෙරැවාව ඇති. ඕක කරල ගෙදර එන්න.“
“අය්යෝ....
අප්පච්චි, මං එහේ ජොබ් එකකට ඇප්ලිකේෂන් දාලයි තියෙන්නෙ. ඒ කම්පනි එකේ මගේ
යාළුවෙකුත් ඉන්නවා. ඒ නිසා චානස් එකක් තියේ වි.“
“දුව
ඇප්ලිකේෂන් දැම්මේ කාගෙන් අහලද? ඔයාව අපි කොළඹ යැව්වේ මෙහේ වාතාවරණය හොඳ නැති උන නිසයි. රස්සාවක්
කරන්න ඕනෙ නම් මෙහෙන් හොයා ගන්නවා. අක්කත් නැති එකේ මං කැමති නැහැ ඔයාව තව පිට
තියන්න.“
කේෂිණී
අපි දෙන්නටම වඩා වෙනස් ය. සියල්ල සැහැල්ලුවෙන් හිතන දඟකාර චරිතයකි. තමන්ගේ අවශ්‍යතාවය
කෙසේ හෝ ඉටු කරගැනීමේ ආත්මාර්ථ ගති ද නැත්තේ නොවේ. කෙසේ නමුත් අප්පච්චී පොඩි නංගිව
ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මගේ සිතට ද සතුටකි. ඒත් ඉතිං ඊට තව තුන් මාසයක් බලා
සිටිය යුතුය.
මෝටර්
බයිසිකලයක් වත්තට ඇතුල් වෙනු ඇසෙයි.
“ආනේ...
මේ සුරංග අයියනේ. දඬුමොණරෙක්ගේ සද්දෙ ඇහෙනකොට බැලුවේ කවුද කියල.“
නංගී
පෙරමුණ ගෙන සුරංගව පිළිගන්නා හඬ ඇසෙයි. සුරංග පැමිණ ඇති බව දැනගත් විට මගේ දෙපාද
ඉදිරියට ඇදුණේ ඉබේටමය. මම කාමරයෙන් පිටතට පැමිණ සාලෙට ගියෙමි.
“ෂා....
නියම බයික් එක. යමුද සුරංග අයියේ රවුමක්.?“කේෂිණී පොඩි දැරියක සේ හැසිරෙයි.
උළුවස්සට බර දී සිටගත් මා සුරංග නිවසට පැමිණේවී යන අපේක්ෂාවෙන් බලා හුණිමි. කේෂිණි
මොටර් බයිසකලේ අසුන මත හිඳගත්තා ය.
“අනේ...
සුරංග අයියා රවුමක් එක්කගෙන යන්නකෝ. කෝ දෙන්න යතුර මං ස්ටාර්ට් කරන්න.“
“නංගී.....!
ගෙදරට ආපු කෙනෙක් පිළිගන්නේ ඔහොමද?“
ගෑනු
ළමයෙකුට නොවටින හැසිරීමක් නංගි වෙතින් පිළිඹිබු වූ නිසා මා සිතට කෝපයක් ඇති විය.
“හරි
හරි දොළදුක නැතිවෙන්න පොඩි රවුමක් එක්කගෙන යන්නම් කෝ.“
මා
දෙසවත් නොබලා ඔහු නංගිව බයිසිකලේ හිඳුවාගෙන එකවරම ඉගිල ගියේ ය. මගේ හිතට මොකද්දෝ
නොරිස්සුම් බවක් ඉන් ඇති විය. මම ගෙට්ටුව වෙතට ගියෙමි. ඒ වන විටත් බයිසිකලය නොපෙනී ගොස් තිබුණි. අපේ
නිවස වටේට පාරක් දිව යයි. ඒ මාර්ගයේ ගිය බයිසිකලය ඉතා ඉක්මනින් පැමිණි නිසා මගේ
සිතට දැනුනේ සහනයකි.
බයිසිකලයෙන්
බැස මා අසලට පැමිණි නංගී....
“ෂා,
නියමයි අක්කේ, නිකං උඩින් යනවා වගේ. අක්කත් යනවද රවුමක්.?
සුරංග
මට ද ආරාධනා කරන්නාසේ බයිසිකලයේ හිඳ මා දෙස සිනා සෙමින් බලා සිටියි.
“අනේ...
මට ඕවයේ යන්න උවමනාවක් නෑ.“ යි පවසා ගෙතුලට ගියෙමි. සුරංග බයිසිකලයේ ආධාරකය ගසා
නිවසට ගොඩ විය.
“මේ
සුරංග පුතානෙ. මං ඒත් බැලුව කවුද මේ අවේලාවෙ කියල. එන්න පුතා. ඇවිත් වාඩිවෙන්න.“
නිවෙස
පිටුපස දර කොටයක් පලමින් සිටි අප්පච්චී සාලෙට පැමිණියේ ය.
ඉතිං කොහොමද පුතා? වෙඩින් එකට ආවට මොකද හරියකට කතා
කරන්නත් බැරි උනානේ. පුතා ආපහු රට යනවද?“
“නැහැ
මාමෙ. මං යාළුවෙක් එක්කලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. ඉතිං ආපු
දවසෙ ඉඳන් කොළඹ දුවන්න උනා“
“ඒක
හොඳයි පුතා. හරි හම්බකරගෙන ආපු දෙයක් ඥානාන්විතව යෙදෙව්වොත් වරදින්නෙ නෑහැ.“
සුරංගව
දැකීමෙන් අප්පච්චිගේ හිතේ සතුටක් ඇති වී තිබෙන අයුරැ ඔහුගේ දොඩමළු වී මෙන් මට
ඒත්තු ගියා. කේෂිණී අප්පච්චි ඉඳගෙන සිටින අසුනේ පැති ඇන්දක වාඩිවී සිටි අතර මම
මදක් දුරට වන්න බිත්තියකට හේත්තු වී සිටියෙමි.
“කේෂිණී
නංගි තවමත් ඉන්නේ කොළඹ ද?“
“ඔව්,
ඒක නෙමෙයි, අයියගේ කම්පනි එකෙන් බැරිද මටත් පොඩි ජොබ් එකක් දෙන්න?“
කේෂිණී
දඟකාර ලෙස එසේ අසද්දී සුරංග මහ හඬින් සිනාසෙන්නට විය. ඒ හිනාවේ අමුතුම ආකර්ෂණයක් ඇතැයි
මට සිතුණි. ඒ සමග මගේ හිතට තරහක් ද ඇති විය. සුරංග පැමිණ තවම මා සමග එකදු
වචනයක්වත් කතා කළේ නැත. ආඩම්බර මූණ දාගෙන සිටියි.
“අප්පචිචි
කියනවා මෙහෙන් රස්සාවක් හොයා ගන්න කියලා.“
“මගේ
නම් වැඩි කැමැත්තක් නෑ පුතා මෙයාල රස්සාවල් කරනවට.“
“දැන්
කාලෙ වෙනස්නෙ මාමෙ. ඉස්සර වගේ දැන් ගෑනු ළමයි ගෙවල්වල තියාගන්නෙ නෑ.“
ඔවුන්
කතා කරන අතරේ සුරංගට සංග්‍රහ කිරීමට යමක් රැගෙන ඒම සඳහා මම ගෙතුළට ගියෙමි.
මුළුතැන් ගෙයි සිට දොඩම් යුෂ පානයක් සාදන අතරේ ජංගම දුරකථනයක් නාද වෙන හඬ ඇසෙන්නට
විය. ඒ සමගම සුරංගගේ කට හඬ ද ඇසෙන්නට විය. මද වෙලාවකින් ඔහුගේ කට හඬ නෑසී ගියේ ය. දොඩම්
පානය සාදා නිම කළ මා එය බන්දේසියක් මත තබා සාලෙට පැමිණෙන්නට වුණිමි. ඒ සමගම සුරංග
මෝටර් බයිසිකලය පණගන්වන හඩ ඇසෙන්නට විය. සීනි, ලුණු පදමට දාලා පිළියෙල කෙරෑ දොඩම්
යුෂ වීදුරැව සුරංගට පිළිගැන්විමට නොහැකි විම ගැන මගේ සිතේ ඇති වූයේ සංතාපයකි. ඔහු
සිතා මතා මා මග ඇරි බවක් මට හැඟෙන්නට විය.
මම
සෙමෙන් සෙමෙන් මගේ කාමරේට පිය නැගුවෙමි.
කිසිදු දෙයක් කිරීමට තවම මගේ සිත එකඟ කර ගැනීමට නොහැකි විය. මම ඇඳ විට්ටමට
හේත්තු වූයෙමි. මාගේ සිතුවිලි පාලනයකින් තොරව සියලු දිශා සිසාරා හමා යයි. ලොකු
අක්කාගේ අලුත් ජීවිතය, මගේ අනාගතය, නංගිගේ අනාගතය මෙන්ම වසර පහකින් දුටු සුරංග ගැන
ද විවිධ සිතුවිලි සිතේ දඟලන්නට විය.
“පොඩි
අක්කා...එන්නකෝ බැඩ්මින්ටන් ප්ලේ කරන්න.“
“මට
දැන් බැහැ නංගි.“
කේෂිණි
බැඩ්මින්ටන් රැකට් එකත් අතැතිව කාමරයේ ජනේලයෙන් එබී බලා කතා කළාය. එහෙත් එහෙම දේකටවත්
මගේ හිත නැවෙන්නේ නැති හැටි.
“මොනවද
අක්කෙ මූඩ් ගහගෙන ඉන්නේ. හරියට කොල්ලෙක් බූට් එකක් දීල වගේ. එන්නකෝ.... ඔයා අවෙ
නැතිනම් මං කාමරේට ඇවිල්ලා ඇදගෙන යනවා....“
නංගිගේ
බලවත් ඇවිටිල්ල නිසාම මට ඇගේ ඉල්ලීම තව දුරටත් ප්‍රතික්ෂේප කරන්නට බැරි විය. එහෙත්
වෙනදා ඇති උද්යෝගය මගෙන් ගිළිහී ගොස් තිබුණි.
“මොනවද
අක්කෙ හරියට ගහන්නකෝ. ඔන්න මේ සැරේ මල වට්ටන්නේ නැතුව ගහන්න ඕන.“
එවර නම්
බැඩ්මින්ටන් මල වට්ටන්නේ නැතුව ටික වෙලාවක් සෙල්ලම් කිරීමේ හැකියාව ලැබුණි. එකවරම
සෙල්ලම නතර කර කේෂිණී මා අසලට දුව ආවාය.
“ඒක
නෙමෙයි අක්කේ.....“
**තරු**
මතු සම්බන්ධයි.
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා
ඔන්න එක හුස්මටම කියෙව්වා තරු. ඉතුරු ටික එනකල් බලාගෙන ඉන්නවා.
ReplyDeleteතව කොටසක් ඉක්මනටම දෙන්න බලන්නම් සහෝ.
Deleteඔන්න මට මග හැරුණු කොටස් ටිකත් එක්ක කියෙව්වා. මේ ලියන විදිහ හොඳයි. කම්මැලි නැතුව කියවන්න පුළුවන්.. ලස්සන කතාවක්.
ReplyDeleteස්තූතියි චන්දන ධෛර්යට. අඩුවක් පෙන්වනවනම් මම කැමතියි.
Delete"ඒක නෙවෙයි අක්කේ, සුරංඟ අයිය හරි හොඳයිනේ " ඕකද කේෂිණී අහන්නේ ?
ReplyDeleteහිතේ තියන් හරියන්නෙ නෑ.. කියන්න ඕන.. නැත්නම් පසු තැවෙන්න වෙයි...
බලමු එහෙම කියයිද කියලා. හිතේ තිබුණත් අහන්න ශක්තිය නැති උනහම මෙහෙම තමයි.
Deleteතරුගෙ කතාව කියවන්න ආවෙ අදයි. ලස්සනයි. ඉතිරි ටිකත් ඉවර ඇතිවෙලාවක කියවන්නම්. ජය පතනවා ඔයාට.
ReplyDeleteතරු අරණට චන්දිව සාදරෙන් පිළිගන්නවා. දිගටම අප සමග රැදෙන්න. ස්තුතියි සුභ පැතුවට.
ReplyDelete