Sunday, April 6, 2014

නෙතු අද්දර - 30



වික්‍රම යළිත් කතා කරමින් දොරට තට්ටු කරන්නට විය.
“එනවා ඕ...යි ඇතුලට. ඕක ඇරලා තියෙන්නෙ“
සුරංගගේ හඬ සැබවින්ම වෙනස් වී තිබුණි. ඔහු වෙරිමතින් තව මොනවදෝ කාමරේ සිට මුමුණනු ඇසෙයි. මම දොර තල්ලු කරගෙන ඇතුලට යන්නට උත්සහ දැරීය.
“නෝනා තනියම යන්න එපා. දන්නැද්ද බී ගත්තහම මිනිහත් නොමිනිහ වෙනවලුනේ.“
“ඒකට කමක් නැහැ. මට ඇතුලට යන්න ඕන. ඔයා දොරගාවින් අයින් වෙන්න.“
මගේ සිත නොඉවසිලිමත් ය.
“අනේ මන්දා... පරිස්සමෙන් නෝනා. අවශ්‍ය උනොත් කතා කරන්න. අපි මෙතන ඉන්නවා.“
“ඔව් අක්කෙ. ඔයාට පුටුවත් ආම්බාන් කරගෙන තනියම යන්න පුළුවන්ද?“
“පුළුවන්.“
වික්‍රම දොර තල්ලු කළා. එය කර කර හඬ නංවමින් අඩක් විවෘත විය. මම කාමරයට ඇතුල්වීමි. මගේ දෑස් අදහගත නොහැකි විය.
මා මේ දකින්නේ සිහිනයක්ද? මගේ නෙතු අද්දර මේ සිටින්නේ මා පණ මෙන් ආදරය කරන සුරංග ද? සුරංග ඇඳේ දිගාවී සිගරට්ටුවක් උරමින් මොන මොනවදෝ කියවයි. ඇඳ අසල අත පොවන මානේ අඩක් හිස්ව ගිය අරක්කු බෝතලයක් තවත් හිස් වූ බෝතලයක් ඇඳ අසල පෙරළී ඇත. කාමරය මත්පැන් ගඳින් සහ සිගරට් දුම් ගඳින් පිරී ඇත. ඇඳ වටේට සිගරට් කොට විසිරී තිබේ. මා අපායට ආවා බඳු හැඟීමක් ඇතිවිය. මගේ දෑස්වලින් කඳුළු කැට ගලායන්නට විය. කළ යුත්තේ කුමක්ද කියා මොහොතක සිතාගත නොහැකි විය.
සුරංග අසලට ගිය මම ඔහු මුව රුවාගෙන සිටි සිගරට්ටුව ඉවතට ඇදලා ගත්තෙමි.
“කවුද යකෝ... සිගරට්ටුව ඇදල ගත්තෙ.“
ඔහු කෝප වූවෙකු සේ අසයි.
“මම“
“ම්...“ සුරංග හිස හරවා මා වෙත බලමින් මුවගට සිනහවක් නගාගත්තේය.
මගේ මුව ගොළු විය. මම ඔහු දෙස බලා හඬා වැළපෙන්නට වීමි. ඔහු මා වෙතින් මූණ ඉවත් කරගෙන කොට්ටය යටින් සිගරට් පෙට්ටියක් ගෙන ඉන් ඉවතට සිගරට්ටුවක් ගන්නට විය. ඒ සමගම මගේ දෑස් යොමු උනේ සුරංගගේ වමතේ වූ වෙළුම් පටියටයි.
“වික්‍රම!“ යි මා කලබලෙන් කතා කළාය. ඔහු කාමරය තුළට දුවආවේය.
“ඇයි නෝනා?“
“මහත්තයගේ අතට මොකද මේ වෙලා තියෙන්නේ.“
“ආ... බය වෙන්න දෙයක් නෑ නෝනා. ඔය පෙරේදා රෑ මාත් එක්ක පොඩි අඩව්වක් අල්ලන්න ගිහින්, අත උළුවස්ස දාරෙ වද්දගත්තා. ටිකක් නිල් වෙලා ඉදිමිලා ආවා. මං තැලුම් තෙල් ටිකක් ගාලා බැඳලා දැම්මා.“
“ඇයි මේච්චර දෙයක් කරනකම් වික්‍රම බලාගෙන හිටියේ.“
“මං මේ කිසිදෙයක් කැමැත්තෙන් ගෙනත් දුන්නෙ නැහැ. මහත්තයා මෙහාට ආවෙම බීල. තවත් බොන්න ඕන කිව්වහම මං ගෙනැත්දෙන්න බැහැ කිව්ව. එතකොට මහත්තයට තදඋනා. මට බැනගෙන බැනගෙන ගියා. ඊට පස්සෙ යන්න හැදුවා. රෑ නිසා යන්නනොදී බලෙන්ම නවත්ත ගන්න හදද්දි තමයි ඔය අතත් වැදුණෙ. පස්සෙ මං හිතුව මහත්තයව මෙහේ නවත්තගෙන ගෙදරට බාරදෙන්න.“
අප අතරේ පැවතියේ මොහොතක නිහැඬියාවකි.
“සුරංග, අපි ගෙදර යමු.“
“මං කියන දේ ඔයාට ඇහෙනවද?“
“ප්ලීස්. ඔයා මේ විදිහට ඉන්නවා මට බලාගෙන ඉන්න බැහැ.“
“බලාගෙන ඉන්න බැරිනම්, යනඑකයි ඇත්තෙ.“ සුරංග දුම් උගුරක් පිටකරමින් වෙරිමතින් පැවසීය.
“ඔයා නැතුව මං මෙතනින් යන්නෙ නැහැ.“
“යන්න බැරි නම් ඉන්නවා. ඕන නම් පොඩි අඩියකුත් ගහන්න පුළුවන්.“ ඔහු ඇඟට පතට නොදැනී කියයි. මගේ හිතට දුකක් මෙන්ම තරහක්ද ඇති විය. මම යළි සිගරට්ටුව උදුරා ගත්තෙමි.
“මේ!“ යක්ෂයා ආරූඩ වූවෙකු සේ සුරංග විදුලි වේගයෙන් ඇඳේ ඉඳගත්තා.
“මේ, තමුසෙ යන දේවාලෙක යනවද මගෙන් මැරුම්නොකා.“

“මරන්න සුරංග මාව මරල දාන්න. මේව දැක දැක ජීවත්වෙනවට වඩා ඒක මට සැපයි.“ මා මූණ දෑතින් වසාගෙන ඉකි ගසන්නට වීමි.
“නෝනා, දැන් නෝනා ගෙදර යන්න. මහත්තය ඉන්න තත්වෙ හැටියට මොනවා කරයිද කියන්න බෑ. හෙට උදේට වෙරි හිඳුනහම, මං මහත්තයට තේරුම් කරලා දීලා නෝනලගෙ දිහාවට එක්කගෙන එන්නම්.“
වික්‍රම රෝද පුටුව තල්ලු කරගෙන පිටතට පැමිණියේය. වික්‍රමගේ හිතවතෙකුගේ ත්‍රී රෝද රථයකින් අපි එන්නට පිටත් වීමු. මට එතැනින් එන්න හිත දුන්නේම නැත. සුරංගගේ ජීවිතය විනාසවේය යන බියත් දුකත් මගේ සිත තදින් වෙලාගන්නට විය. දෙයියනේ මමයි මේ වැරැද්ද කළේ. සුරංග අකමැති දෙයක් කරන්න මං බලකලා. වික්‍රම කිව්වට එයාට පුළුවන් වෙයිද සුරංග මෙහාට එවන්න. මගේ දැසීන් නොනවත්වා කඳුළු ගලයි.
“අක්කේ.... ඇයි මේ.?“
“මට බයයි නංගි.“
“අක්ක බයවෙන්න එපා. වික්‍රම කිව්වනේ අයියව එවන්නම් කියලා.“
“කිව්වනම් තමයි. ඒත් සුරංග අහයිද. එහෙන් පිටවෙලා වෙන කොහේ හරියයිද?“
“එහෙම වෙනඑකක් නැහැ අක්කෙ.“
රමණී නංගි මාව සනසවන්න හැදුවත් මගේ හදවත වේදනාවෙන් දැවෙන්නට විය. ජීවිතේ ගැන පුදුම කළකිරීමක් ඇතිවෙයි. කෙනෙක්ව සතුටු කරන්න ගිහින් තව කෙනෙකුව දුකටපත් කරන්නට උනා. දෙයියනේ.... මගේ හිත නොසන්සුන්ය. හිස අවුල්වී ඇත. මට ඉක්මනටම ගෙදර යන්නට උවමනා විය.
“ටිකක් ඉක්මනට යමුද?“ රියැදුරා මගේ ඉල්ලීම පරිදි රියේ වේගය වැඩිකළා. රථය විනාඩි කිහිපයකින් නිවසට ළඟා විය. රියෙන් බැසගත් පසු ම විසින් මුදල් ගෙවන ලදි.
“නංගි ගෙදර යන්න.“
‘‘අක්කට පුළුවන්ද තනියම ඉන්න.“
“මට පුළුවන්. ඔයා යන්න.“ රමණි නංගි මාව ගෙතුලට ඇරලවමින් ඇසීය. මට තනිවෙන්න දැඩි අවශ්‍යතාවයක් විය. මගේ හිතේ හිරකරගෙන තිබූ වේදනාවට නිදහසේ එළියට එන්න ඉඩදෙන්න අවශ්‍ය විය. රමණි නංගි යැවූ මා, ගියේ නාන කාමරයටය. එහි මගේ අත පොවන මානයේ වූ ෂවරයේ පයිප්පය කරකැවූ මා වතුරේ වෙව්ල වෙව්ලා පැය ගණනක් ගෙව්වේ මට මගෙන්ම පළිගන්නට අවශ්‍යව තිබූ නිසා.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....


12 comments:

  1. හිතන්නේ නැති පත්ටකට කතාව ඇදිලා යන්නේ. දැන් ටිකක් සද්ද නැතුව බලන් ඉඳලා පස්සේ කියන්නම් මොනාහරි

    ReplyDelete
    Replies
    1. ම්..... හොඳ අදහස ඉවාන්.

      Delete
  2. හදිසියෙන්ම කතාව වෙන පැත්තකට හැරවුනාද මන්දා, ඊළඟට වෙනදේ හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හැලපඅයියට එහෙම දෙයක් තේරෙණවද? ඊළඟ කොටස අවුරුදු එහෙම කාලම බලමු.

      Delete
  3. මේ වැඩිය නාවන්න එපා නිව් මෝනියාව හැදෙයි...
    හික්ස්

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ ඊළඟ කොටස එනකම්ම නාන්න වෙනවා.

      Delete
  4. රසවත් තරු

    ReplyDelete
    Replies
    1. රසවත්නම් සතුටුයි. ස්තූතියි බින්දි.

      Delete
  5. බලමු මොකද වෙන්නෙ කියල ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්. එහෙම හොඳා...

      Delete
  6. කතාව රසවත්ව යනවා. මේ වගේ කතා මං කැමති එක පාරම ගිලල දාන්න. එතකොට අහවරයි නේ.. ජය වේවා.. ඒ උනත් අර වික්‍රමට දොස් කිව්ව එක වැරදියි නේද? ඒ යකා පලියැ සුරංගයා දොරේ අත වද්දගත්තට..

    ReplyDelete
    Replies
    1. රසවත්නම් සතුටුයි දේශක. මොනවා කරන්නද? අමාලිගේ මානසිකත්වය ගැනත් හිතන්න වෙනවා. ඒකයි වික්‍රමට දොස් කියන්න ඇත්තේ. ස්තූතියි!

      Delete