පළමු කොටස
පාසැල ඇරී බෝඩිමට පැමිණි මා ඇඳේ ඇල වූයේ සාරිය පිටින්මය. අවුරුදු දහයකට පෙර වළලා දැමූ අමිහිරි අතීතයක් යළිත් ගොඩට ඇදී ආවේ මා නොසිතූ
ලෙසකට ය. ඒ මා පාසැල ඇරී එළවළු ගන්න ත්‍රිකුණාමල ටවුමේ පොළට ගියවිටදීය.
“කාංචනා මිස්.“වෙළදපොළේ වෙළෙන්දන්ගේ කර්කෂ කෑගැසීම් අස්සේ මගේ සවනට ඇසුණු
පුරුදු නුපුරුදු හඩින් මම තිගැස්සී හැරී බැලුවෙමි. මා ඉදිරියේ සිටගෙන සිටින මේ ඉලන්දාරියාගේ මුහුණේ
මොකද්දෝ අදුරන බවක් දැනුනත් මට හරියට නිනව්වක් නැති විය.
“මිස් මම නදීෂ්.“
“නදීෂ්.!“
“ඔව් මිස් “
“ඹයා කොහෙද මෙහේ....?“
“අපේ බෑංක් එකේ අළුත් බ්‍රාන්ච් එකක් ලබන සුමනෙ මෙහේ ඕපන් කරනවා. මමයි ඒකේ
මැනේජර් හැටියට පත්වෙලා එන්නේ.“
“ඇත්තද? අහන්නත් සන්තෝසයි.“
“මට මිස්ව දැක්කම පුදුම සතුටක් ඇති උනේ. කාලයක් මං මිස්ව හෙව්ව. ඒත් මං
කවදාවත් හිතුවෙ නෑ මිස් මේ වගේ පළාතක
ඉදීවි කියලා.“
“ඇයි නදීෂ් මාව හෙව්වෙ?“
“මගෙන් වෙච්ච වැරැද්දට මිස්ගෙන් සමාව ඉල්ල ගන්න. මිස්ට මේ හැම දෙයක්ම සිද්ධ
උනේ මං හින්දා.“ නදීෂ් නොනවත්වා කියාගෙන යන්නේ මහා අපරාධයක් කරපු අපරාධකාරයෙක්
උසාවියේදි කරන පාපොච්චාරණයක් විලසට ය.
“නැහැ නදීෂ්, මෙහොතකටවත් එහෙම හිතන්න එපා. එදා මං ගත්තේ අපි දෙන්නගේත් පාසැලේත්
ගෞරවය රැකෙන තීන්දුවක්. “
“ඒත් මේ හැමදෙයක්ම උනේ මගේ වරදින්.“
“නැහැ. ඒ කාටවත් අපි දෙන්නව තේරුම් ගන්න බැරි උනා.“
“මිස් ඉස්කෝලෙන් අස්උනාම මට දරාගන්න බැරි උනා. මං දවස් ගානක් ඉස්කෝලෙ යන්නෙ
නැතුව හොස්ටල් එකට වෙලා ඇඬුව.“
“දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි නදීෂ්. අපි ඒව අමතක කරල දාමු. ඒ
හැම දේකටම පස්සේ ඔයා මේවගේ තැනක ඉන්න එක මට ලොකු සතුටක්.“
*** *** *** ***
ඇඳ විට්ටමට හේත්තු වූ මම
දෑස් පියාගත්තෙමි. ඒ අතීත සිදුවීම් එකිනෙක සිතුවමක රෑප රාමු පෙළක් සේ මා ඉදිරියේ
දිග හැරෙන්නට විය.
විශ්ව විද්‍යාලයෙන් පිට
වූ මට ගුරුවරියක ලෙස මුල්ම ගුරු පත්වීම ලැබි
තිබුණේ ගම්පහ පාසැලට ය. මට නදීෂ්ව
මුලින්ම මුණ ගැසෙන්නේ එහි නව වෙනි පන්තියේ දීය. මා නව වෙනි පන්තියේ ඉගැන්විමට ගිය
දෙවෙනි දවසේ සිට එම පන්තියේ සිටින ළමයෙකු මා දෙස විශේෂ අවධානයකින් බලන අයුරු
දැනුනි. මා පන්තිය අවසන් වි තරප්පු පෙළ
බැස වත්තට පිවිස ඇවිදගෙන යන අයුරු ඔහු විසින් බැල්කනියේ සිට බලා සිටිනු මා කිහිප
වරක් දැක තිබුණි. එහෙත් මම ඒ වගක් ඔහුගෙන් ඇසීමටවත් ඔහුට ඇඟවීමටවක් උත්සහ නොකර මගේ
පාඩුවේ සිටින්නට සිතාගත්තෙමි. එහෙත් කෙටි කාලයකින් මට ඔහු බොහොම නිශ්ශබ්ද සැඟවුණ
චරිතයක් ලෙස හඳුනාගැනීමට හැකිවිය.
පාසැලේ සිට බස් පාරට
මීටර් තුන්සීයක් පමණ දුරක් ඇවිදගෙන යාමට ඇත. ඒ මාර්ගය දෙපස අරලිය ගස්වලින් සෙවන
ලබයි. එසේම නෙළුම් මලෙන් හැඩවූ කුඩා වැවක් ද එම මාර්ගයේ ගමන් කරන විට හමුවේ. පාසැල
ඇරී යන ළමෝ සමහර දිනවල අරලිය ගස්වලට නැග මල්කඩති. සමහරු කුඩා වැවට බැස මල් නෙළති.
දිනක් සාහිත්‍ය සංගමේ
රැස්වීමක් හේතුවෙන් සවස් වන තුරැ පාසැලේ රැඳී සිටිමට සිදුවිය. රැස්වීම අවසන් වී මෙන්
අනතුරුව මම බස් නැවතුම වෙතට ගමන් කරන්නට වීමි. එකපාරටම අරලිය ගහක් උඩ සිට නදීෂ් මා
ඉදිරියට පැන්ණේ ය. මා තිගැස්සී සිටි තැනම නැවතුණි.
“නදීෂ් ඔයා.....“ යි මා අසද්දී ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් මා අසලට
සෙමෙන් සෙමෙන් පා නගන්නට විය. මා අසලට පැමිණි ඔහු මගේ දෙවුරෙන් අල්ලාගත්තේ ය.
එසැනින් මගේ මුහුණ සිපගත්තේය. එසේ කර තත්පරයකුදු එතැන නොරැඳී දිව යන්නට විය. එම
සිදුවීම මගේ සිතේ ඇති කලේ කම්පනයකි. ඒ සමගම සිතට නැගි කෝපයත් සමග, මට ඔහු සොයා
ගොස් පහර දීමට තරම් සිතුණි. කෙසේ නමුදු පසු දින පාසැලට ගොස් ඔහුට තරවටු කිරීමට
සිතාගත්ත ද ඔහු දින කිහිපයක්ම පාසැලට පැමිණියේ නැත. ඒ වන විට මා සිතේ හටගෙන තිබූ
කෝපයද නිවී ගොස් තිබුණි.
එක දිගට සාහිත්‍ය සංගමේ
පුහුණු කිරීම් නිසා දින කිහිපයක්ම පාසැල ඇරී යන විට සවස් විය. ඒ දින කිහිපයේම
නදීෂ් පාසැල් පැමිණියේ නැත. දිනක් සවස් වි පාසැලෙන් පිට වූ මා සුපුරුදු ලෙස අරලිය
මාවත දිගේ ඇවිද ගියෙමි.
ඔබේ සිතට
පැමිණි අදහසක් වේ නම් ලියල යන්න අමතක කරන්න එපා.....
ape kittath ya wage ma tamai hari asai lekana kalawata. we used ti play cricket at his back yard wit a plastic ball n a bat and takes down notes on each ball. he was always australia and i was bagladesh. i remember him playin wrestling games in th pc wit all th players bames written in cardboads.that was when he was abt 20
ReplyDeleteThanks for the comment. But I can't understand what you are trying to say.
Deleteඅලුත් එකක් වගේ නේ. බලමු මොකද වෙන්නේ කියලා
ReplyDeleteමේක කෙටි කතාවක් පූ.... ඒ නිසා බලන් ඉන්න කාලයක් නැත.
Deleteඅපේ කාලයේ "ගුරු ගීතයක්ද" හැබැයි දැන් කාලෙ ඉන්න අණ්ඩපාල කොල්ලො නම් තරුණ ටීච කෙනෙක් ආවොත් කිස් එකක් විතරක් දීල නැවතුනොත් ඇති :(
ReplyDeleteඉතිරියත් කියවලා බලන්නකෝ....
Deleteඔන්න මාත් ආවා.. මේක දැක්කම මට මතක උනේ මගේ අර මඟ නැවතිලා තියෙන පිස්සු කතාව.. හයියෝ.... හි හි
ReplyDeleteහිරැ ගෙ පැමිණීම අගය කරනවා. අැයි කතාව මග. අාපහු පටන් ගන්න. ඒතකොට අපිටත් පුළුවන් ඒකතු වෙන්න. ගොඩ වැදුනට ස්තූතියි. නැවත ඒන්න.
Deleteමේ ආසන්නයෙන් යන පරිවර්තන කතාවක් කියෙව්වා මතකයි පොඩි කාලෙදිකාලේදී දන එකේ නම මතක නෑ, එකේ හැටියට ළමයා පන්තියේ එක දිගට ෆේල් වෙච්ච කෙනෙක්, ටීචට වඩා අවුරුද්දයි බාල.
ReplyDeleteමේ වගේ කතා බොහෝ ඇති. මගේ හිතට ආව අදහසකටයි ලියන්න හිතුනේ.
Deleteමට මතක් වුනේ මාත් ඉස්කෝලෙන් අස්වෙනකොටම අභ්‍යාසලාභී ගුරුවරියක් වෙලා උගන්නන්න ගිය හැටි ...අටේ පන්තියේ හිටියා මට වඩා උස ළමයි . මුල් ගුරුතුමා හැමදාම හිනා වුණා හොඳ වෙලාවට මේ ටිචර්ලට සාරි අඳින්න නීතියක් තියෙන්නේ නැත්තන් මෙයාව ළමයෙක් කියලා රැවටෙයි කියල . ඒ කාලේ ඉතින් හුළඟට යන සයිස් නේ කොහොමත්. දවසක් පාලියගොඩින් බස් එකකට නැග්ග .බලද්දී පිරිමි පාසලක පාසල් බස් එකක් . '' ටීචර් අපේ අය්යා ආමි කැප්ටන් කෙනෙක් ..එයාට කැමතිද '''' අපේ ඉස්කෝලෙට එන්න බැරිද '' ඔය වගේ ඒවා තමයි මන් බහින කම්ම අහන්න වුනේ .
ReplyDeleteවෙනත් බලාපොරොත්තු නිසා අතහැර දැම්මත් ඒ ටික කාලෙට හරිම සතුටක් ලැබුවා ගුරු ජිවිතයේ . අහිංසක ළමයි හිටි පාසලක් . අස්වෙනදා ළමයි විදුරු සෙට් එකක් තෑගී කළා . හදවත කඩාගෙන වැටුනා ඒ වෙලාවේ නම් .
ගුරැ ජීවිතයේදී නම් රසවත් සිදුවීම් අනන්තවත් ලැබෙනවා. සුන්දර වගේම අසුන්දර (දණගහන වැඩ වගේ)....
Deleteඅය්යෝ තව චුට්ටක් දිගට ලියන්න එපැයි :) කතාව හොඳයි වගේ ...බලමුකෝ
ReplyDeleteකෙටි කතාවක් නිසා කොටස් දෙකකින් විතර නතර කරන්න හිතාගෙනයි ලියන්නේ.... බලමු දෙක තුන වෙයිද දන්නෙත් නැහැ.
Delete