
බ්ලොග් අවකාශයේ සිටින නිර්මාණකරුවන්ට තම කවි, කෙටිකතා
ආදී නිර්මාණවලින් දායක විය හැකි ඊ-සඟරාවක් ඔක්තෝම්බර් මස අවසානයේ දී කලඑළි බසී. ඊ සංකලණී නම් වන මෙම සඟරාව
නිර්මාණය වන්නේ ෆේස්බුක් ඊ
ලේඛකයන්ගේ අවකාශය ගෘෘප් එක මගින් ය. අනිල් හේරත්, සුනෙත් කරුණාරත්න යන සහෝදරයින්ගේ මූලිකත්වයෙන් දයා දිසානායක, කපිල
කුමාර කාලිංග ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ඇඩ්මින් මඩුල්ලක් යටතේ මෙම ගෘෘප් එක ක්‍රියාත්මක
වේ.
01. ඊ සංකලණි සඟරාවෙහි ඇතුලත් කිරීම සඳහා නිර්මාණ එවීම, නීති රීති හා උපදෙස් http://goo.gl/z3Wa5302. ඊ සංකලණි සඟරාවෙහි ඇතුලත් කිරීම සඳහා ඔබ විසින් ලියා ඇති කෘතීන් පිලිබඳව විස්තර එවීම සඳහා ආකෘතිය හා උපදෙස් http://goo.gl/c7YmXb
03. ඊ සංකලණි සඟරාවෙහි සැකැස්ම හා ප්‍රකාශනය පිලිබඳව අදහස්. http://goo.gl/yLGqZe
මීට අමතරව ඔබ විසින් ප්‍රකාශයට පත් කර ඇති කෘතිවලට ප්‍රචාරයක්
ලබාගැනීමේ හැකියාවද මින් අවස්ථාව ලැබේ.