බෞද්ධ සංස්කෘතියේ මුරදේවතාවා
මුරගල
මුරගල - දොරටුපාල රෑපය, ආරක්ෂා ගල හෙවත් අරක් ගල යන නම් වලින් ද හදුන්වති. මුරගල බෞද්ධ ගෘහ නිර්මාණයට අයත් සුවිශේෂී කලා සංකේතයකි. ඓතිහාසික සිද්ධස්ථානවලට ඇතුළු වන ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධ සංකේතයක් ලෙස මුරගල යොදාගෙන තිබේ. මුල් යුගයේ මුරගල්, නාග, පුන්කලස්, බහිරව ආදී සංකේතයන් යොදාගත් අතර 4 වන සියවසේදී පමණ සිට මිනිස් රෑප ද එයට බද්ධ වී තිබේ. පුන්කලස් යොදාගැනීමේ අරමුණ සෞභාග්යත්, බහිරව සහ නාග රෑපයන්ගෙන් ආරක්ෂාවත් සංකේතවත් වේ.
පොළොන්නරැවෙහි දක්නට ලැබෙන නාග මුරගල් වැදගත් වන්නේ ඒ හැම එකකින්ම නයි පෙණ හතක් නිරෑපණය වන නිසාය. මුර ගලෙහි කර්මික විකාශනයත් සමගම නාගයාගේ පෙණ හත දැක බලාගත හැකිය. වටදාගේ වැනි ස්ථානයන්හී ඉදිකර ඇති මුරගල් අනුරාධපුර යුගයේ අගභාගයට අයත් එනම් අටවෙනි සහ නවවෙනි ශත වර්ෂවලට අයත් වේයැයි සිතිය හැක. එපරිද්දෙන්ම පොළොන්නරුවේ මුරගල් නිර්මාණය වන විට එහි මූලාරම්භක ලක්ෂණ ද කලාකරුවාට අමතක වී ගොස් ඇති බවක් පෙනේ. නිදසුනක් වශයෙන් ගතහොත් වටදාගේ උතුරු දික්බාගයේ ඇති මුරගලෙහි කාන්තා වාමන රෑප දැක්විය හැකිය. තිවංක පිළිම ගෙය, ලංකා තිලක විහාරය සහ වෙනත් ස්ථානයන් හී ඇති මුරගල්වල නයි පෙණ හතක් සහිත නාගරාජයා දක්වා ඇති නමුදු ඒවා කලාත්මක වශයෙන් සලකන කළ අපගේ අවධානය යොමු නොවේ. වටදාගේ නැගෙනහිර ද්වාරය අභියස ඇති මුරගල් යුගල කලාත්මක වශයෙන් සියළුම මුරගල් අභිබවා යයි.
බොහොම හොඳ සටහනක්..
ReplyDeleteස්පෑම් ඒෙක් ඉදල අදයි දැක්ෙක්. ස්තූතියි චන්දන
Delete