Friday, March 14, 2014

තව ජීවිතයක්...


නිල් සයුරට මුතු කැටය ලෙසේ
මහ පොළවට මිණි කැටය ලෙසේ
මගේ ලොවට නුඹ රජෙකි පුතේ
දැනුනා මට මහ ආදරයක් //

මැවුණා දහසක් පැතුම් හදේ
කරනට හොඳ මිනිහෙක් මෙරටේ
නුඹ මගෙ කුස වෙත ආව දිනේ
දුටුවා කිරි සුදු ඇත් රජිඳෙක් //

නිල් අහසට හිරු මඩල ලෙසේ
තරු අහසට සඳ කිරණ ලෙසේ
ඔබ මගේ ලෝකෙට පැමිණි දිනේ
ලැබුණා මට තව ජීවිතයක් //


13 comments:

  1. නිරෝෂගෙ සිංදුව අහලද ඔය කවිය ලිව්වෙ... නැත්තං ඔයාගෙ හැබෑ අත්දැකීමක්ද...
    කවිපද ටික නං ලස්සනයි.... ඇත්තටම...

    ඇත්තටම අම්ම කෙනෙක් දරුවෙක් පිළිසිදගත්තම කොයිතරං හීන දකිනව ඇත්ද... ඒව දන්නෙත් ඒ අම්මලමයි සමහර විට ඒ හීන හැබෑ කරන්න කොයිතරං දුක් විදිනව ඇත්ද...

    ReplyDelete
    Replies
    1. මහේෂ්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත. බිළිඳියක් මෙලොව බිහිවන්නේ තම මවගෙන් මව්පදවිය උරුමකරගෙන. ඒකනේ පුංචිකාලෙ අම්මගේ සාරියක් ඇඳගෙ බෝනික්කෝ නළවන්නේ. කවුරුත් කියලදීල නෙමෙයි. ඒ බිළිඳිය ගෑනු ළමයෙන් වෙලා තරුණියක්වෙලා දීග ගිය පසු ඇගේ එකම පැතුම මව්පදවිය ලබන්න. දරුවෙක් කුසට ආවහම ඇතිවන හැඟීම මෙයයැයි වචනෙන් විස්තර කරන්න බැහැ. තාත්තකෙනෙකුට වඩා ඒ හැඟීම දැනීම අම්මකෙනෙකුට තියෙනවා. මොකද තම සිරුර හා බද්ධ වූ තවත් ජීවිතයක් නිසා. හහ්.... හිතට එන අදහස් ලියන්න ගියොත් මහේෂ් ඉවරයක් නැතිවෙයි. මව් සෙනෙහස මහේෂ් ද ලබා තිබෙන නිසා අමුතුවෙන් ඒ ගැන කිවයුතු නැත.

      නිරෝෂගේ සිංදුව ඇහැව්වහම හිත අස්සෙ හැංඟිලා තිබූ හැඟීමක් පදවලට පෙරලන්න හිතුනා.
      ඔව් මහේෂ් මේක මගේ ජීවිතයේ ලබපු සැබෑ අත්දැකීමක්.

      Delete
  2. ගීතය වගේම ඔයාගේ පද මාලාවත් ලස්සනයි ...හරිම හැගීම්බර ගීතයක් මේ ගීතය ..... ඔයාගේ පදමාලාවටත් තනුවක් දාලා බලමුද?

    ReplyDelete
    Replies
    1. ඉවාන්ට වගේ ලස්සනට කවි ලියන්නනම් බෑ. හිතේ ඇතිවුණ හැඟීමක් පුළුවන් විදිහට ලිව්වා. දරුසෙනෙහස මව් සෙනෙහස පිය සෙනෙහ ආදිය පෙන්වීමට ඇති හොඳම මාධ්‍ය පද්‍ය රචනාව කියලයි මං විශ්වාස කරන්නේ.

      බලමු බලමු පදමාලාවකුත් දාලා....

      Delete
  3. අත්දැකීමක් ඇසුරින්ද

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපඅයියේ.

      Delete
  4. ලස්සන පද ටික...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.

      Delete
  5. හැඟුම්බර පද ටිකක්.ඇත්තටම හරිම ලස්සනයි.......

    ReplyDelete
  6. හැඟුම්බර පද ටිකක්.ඇත්තටම හරිම ලස්සනයි.......

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරය හැඟුම්බරයි. ඒත් ඒ හැඟුම්බර ආදරය හැම දෙනාටම මෙසේ ලියාගන්නට බැරිඋනාට ඒ හදවත්වල තදින්ම ලියැවිලා තියෙනවා. ස්තූතියි කුරුටු ගෑ ගී පවුරට අදහසක් කුරුටු ගා ගියාට

      Delete
  7. අලුත් උපතක්ද ? සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මලේ අලුත් උපතක් නෙමෙයි. සුභ පැතීම බාරගන්නවා අලුත් පරණ භේදයකින් තොරව.

      Delete