Tuesday, November 26, 2013

මගේ නව කතාවට පෙරවදනක්

 
දැන් ඔබ සියලු දෙනාම දන්නවා මා නව කතාවක් ලියා ඇති බව. ඒත් මෙහි තේමාව කුමක්ද? පොතේ නම මොකද්ද? ආදි කිසිවක් තවම නොදන්නා නිසා මට හිතුනා ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්න. මා හිතනවා ඒ හැඳීන්වීමට සුදුසුම තැන තමයි පොතේ “පෙරවදන“ මෙහි පෙරවදන ලියා ඇත්තේ දක්ෂ මාධ්‍යවේදියෙක්.පෙරවදන කියවූ සැනින් ඔයාලට කතාව ගැන හොඳ අවබෝධයක් ලැබේවි. මේ එහි ඇති කරුණු කිහිපයක්.

 පෙරවදන

වසර තිහක් තිස්සේ කොටි සංවිධානය මෙරට දේශපාලනය හා දේශපාලකයන්ගේ ඉරණම සහ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කළේය.

මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට දැක්වූ අසීමිත බිය නිසා ඔවුන් ගැන කිසිදු ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් වූයේ නැත. එහෙත් අපි බලවත් යැයි අතිශයෝක්තියෙන් යුක්තව හඳුන්වා තිබූ කොටි සංවිධානය පරාජය විය. කොටි පරාජයෙන් පසු ලියැවුණු මෙම ....... ග්‍රන්ථයට පාදක වී ඇත්තේ කොටි ත්‍රස්තයන්ගේ නම්ය. විවිධ මූලාශ්‍ර ආශ්‍රයෙන් මෙම ලේඛිකාව ...... ග්‍රන්ථයෙන් ඉතා අපූර්වතම නිර්මාණයක් කර ඇත. සත්‍ය සිදුවීම්වලට සම්බන්ධ ඇතැම් නාමයන් වෙනස් කිරීමට මේ ලේඛිකාව ක්‍රියාකර ඇතත් එම සත්‍ය නම් එලෙසම සඳහන් කළා නම් එය ග්‍රන්ථයේ දැක්වෙන කරුණු සනාථ කිරීමට ඉවහල් වනු ඇත.

කොටි ත්‍රස්ත නායකයන්ගේ නම් භාවිතා කරමින් නවකතාවක් ලියවුණු මුල්ම අවස්ථාව මෙය බවද දැක්විය හැකිය. ඇය විවිධ සිදුවීම් අලලා ගොතා ඇති මෙම නව කතාවෙන් මෙරට ජාතික ආරක්ෂාව, කොටි ත්‍රස්තවාදය සහ දේශපාලනය යන කරුණු සංයමයකින් යුතුව ඉදිරිපත් කර තිබේ. මෙරට ලේඛක ලේඛිකාවන් මෙතෙක් අත නොගැසූ ක්ෂේත්‍රය වූයේ කොටි සංවිධානයයි. එහෙත් කොටි විනාශවී සිව් වසරක් ගතවන අවස්ථාවේ මෙම ලේඛිකාව තමන් මෙතෙක් නිර්මාණය කළ ග්‍රන්ථ නාමාවලියෙන් බැහැරව ත්‍රස්තවාදය නැමති ක්ෂේත්‍රය තෝරාගෙන තිබේ.

මෙම නවකතාව නිර්මාණය කිරීමේ දී අතීත සිදුවීම් ගැනද ලේඛිකාවගේ අවධානය යොමු විය යුතුව තිබුණි. පරමු තමිල්සෙල්වම් කොළඹ ආමර් වීදියේ බාබර් සාප්පුවක කරණවෑමියෙක් ලෙස සේවය කළේය. ඇන්ටන් ස්ටැනිස්ලාවුස් හෙවත් බාලසිංහම් සේවය කළේ වීරකේසරී පුවත්පතේය. පසුව පරමු කොටි දේශපාලන නායකයා විය. ඇන්ටන් බාලසිංහම් කොටි න්‍යායචාර්ය විය. ඔහු ඊට පෙර කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තක විය.

කරණවෑමියෙකු හා භාෂා පරිවර්තකයකු ප්‍රභාකරන් නැමැත්තෙකු සමග එක්ව ශ්‍රී ලංකාව ප්‍රාණ ඇපයට ගැනීමට අදාළ සිදුවීම් රැසකින් යුත් ...... ග්‍රන්ථය ගැන කිවහැක්කේ ලේඛිකාව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවයි.

 
කීර්ති වර්ණකුලසූරිය
ආරක්ෂක විමර්ශක
දිවයින ඉරිදා සංග්‍රහය


http://www.tharuarana2013.blogspot.com/2013/11/blog-post.html
මගේ කුලුඳුල් නවකතාව

13 comments:

  1. සුභ පැතුම් තරු...නවකතාවක් කිව්වම මං ඇත්තෙන්ම හිතුවේ නෙතුඅද්දර විලාසයේ නව කතාවක් මිසක් මෙවැනි දෙයක් නෙවෙයි ඔබෙන්. ඒ පිළිබඳව මුලින්ම සමාව අයදිනවා. මොකද මෙවැන්නක් මාන්න පරිදිත් සිදුවන්නේ පළමු වතාවටයි. මගේ හදපිරි සුබ පැතුම්....

    දැන් ඉතිං වැඩේ කෙරෙන දිනෙයි වෙලාවයි තැනයි දැම්මනම් අපි එතන එදාට කලින්ම ...ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්. ඔයාලගේ අවංක පැතුම මට තවත් ධෛර්යක්. ‘මගේ කුලුඳුල් නවකතාව‘ මැයෙන් වූ පෝස්ටුවේ මා සඳහන් කළා //එයද හුදෙක්ම නවකතාවක් නොවී කවුරුත් අතනොගසපු තේමාවක් හා ගැටෙන්න තිබූ ආසාව// යනුවෙන් පුංචි ඉඟියක් දීල තිබුණා මෙය කෙබඳු කතාවක් වියහැකිදෝ.... කියන එක.

      Delete
  2. තරු අක්කේ? නියමයි කියන්නේ නියමම නියමයි ආ. මේ විදියේ එකක් කියලා හිතුවේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ... සාම්ප්රනදායෙන් මිදෙන්නට තිබුණ උවමනාව තමයි මාව මේවගේ දේකට මෙහෙයවනු ලැබුවේ.

      Delete
  3. අපි හිතුවට වඩා ඔයා නිර්භිතයිනේ...සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි. ඇත්තටම බින්දි මේ කතාව මං අවුරුදු තුනක් පුරාවට ලිව්වා. මෙය ප්ර භාකරන්ගේ ජීවිතය ගැන ලියපු නිසා මා සත්ය නම් යෙදුවා. මේ නිසාම යම් නීති ගැටළුවලට මූණ දෙන්න වෙයි කියලා සමහර ප්රකාශකයින් මේක මුද්රණය කරන්න බෑ කිව්වා. අවසානේ අකමැත්තෙන් වුවද නම් කිහිපයක් පමණක් වෙනස් කළා. හැබැයි බින්දි නම් වෙනස් කළත් ඒ චරිතෙ හඳුනාගන්න පුළුවන්. මෙහි සැබෑ නම්ගම් දැමීම පිළිබඳව අදටත් ගෙදරින් වැඩි මනාපයක් නෑ.

      Delete
  4. සුබපැතුම් තරූ.. ඇවිත් ඉතින් සහයෝගයක් දෙන්න බැහැනේ.. විස්තර කියන්න ඒත් අපිටත් දැන ගන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්. විස්තර දන්වන්නම් කෝ.

      Delete
  5. Anonymous28/11/13

    බොහොම හොඳයි.....බොහොම හොඳයි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ. ඔයාලගෙ සහයෝගෙත් බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. Anonymous28/11/13

      තරු......මගේ පොඩිම මල්ලි ලියූ සිංහල ජනමාධ්‍ය සම්බන්ධව පොතක් දොරට වැඩුමට සුදානම් වෙවී ඉන්නවා මේ දිනවල..මම ඔබට ඒ ගැන දන්වන්නම්...හැකිනම් යන්න. ඔබට ඔය ක්ෂේත්‍රයේ අය තව හමුවේවි. සමහර විට ඔබට ප්‍රයෝජනවත් වේවී.

      Delete
  6. හොඳයි මට විස්තරේ දෙන්න කෝ. ස්තූතියි අයියගේ සහයෝගෙට. අයිය කියන්න හිතුවේ මෙවර පෝස්ටුව දැකලා. අමනාපයක් නෑ කියලා හිතනවා.

    ReplyDelete
  7. සුබ පැතුම් තරු.. ටිකක් පහු වෙලා වුනත්..

    ReplyDelete