Tuesday, November 5, 2013

මගේ කුළුඳුල් නව කතාව


මගේ මුල්ම නව කතාව ළඟදීම ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් වෙමින් පවතී. බොහෝ විට දෙසැම්බර් මස එළිදැක්වීම සිදුවේවි. මේ සතුටුදායක ආරංචිය මං මුළින්ම කියන්නේ මගේ බ්ලොග් මිතුරන්ටය.

 
මිනිසෙකුගේ ජීවිතේට පොදු මෙන්ම පුද්ගලික බලාපොරොත්තු ද තිබේ. හොඳින් අධ්‍යාපනය ලබා උසස් රැකියාවක් කිරීම. අනතුරුව විවාහයක් කරගෙන දරු මල්ලන් ලැබ හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම කාටත් ඇති පොදු බලාපොරොත්තුවේ. ඉන් එහාට ගිය කෙනෙකුට විශේෂිත බලාපොරොත්තු නැතහොත් සිහින තිබිය හැක. උදාහරණ ලෙස ගායකයෙක්වෙන්න, නළුවෙක්වෙන්න, ලේඛකයෙක්වෙන්න, හිමාලය තරණය කරන්න, දියයට කිමිදෙන්න.... දැක්විය හැක.


මගේ ජිවිතේත් ඉහත දක්වා ඇති පොදු බලාපොරොත්තුවලට අමතරව උදේ හවා දුටු සිහිනයකි නවකතාවක් ලිවීම. එයද හුදෙක්ම නවකතාවක් නොවී කවුරුත් අතනොගසපු තේමාවක් හා ගැටෙන්න තිබූ ආසාව, විවිධ බාධක මැද වසර තුනක් පුරාවට කපා කොටා ලියූ කතාව ජනගත කිරීමේ දිනය වැඩි ඈතක නොවන බව කියන්නේ උතුරායන සතුටෙනි.

 
පොත සම්බන්ධ වැඩි විස්තර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

18 comments:

  1. ඔන්න මගෙනුත් හද පිරි සුභ පැතුම්.. වැඩි විස්තර බලාපොරොත්තු වෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්. ඉදරියේදී වැඩි විස්තර කියන්නම්.

      Delete
  2. හදවතින්ම සුබ පතනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජ. තරැ අරණට පැමිණීමත් සතුටක්. දිගටම රැඳෙන්න.

      Delete
  3. මේක කලින් කියල තිබුන නේද.. ජයෙන් ජය වේවා.. වැඩි විස්තර කියන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකතුමෝ. ඔව් මං කලින් කියල තිබුණා තමයි. දේශකලගේ සහයෝගෙත් බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. කියන්න මොකක්ද සහයෝගය කියලා

      Delete
    3. ස්තූතියි දේශක. ඇත්තෙන්ම පොතේ දොරට වැඩීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම උනොත් ඔයාලටත් ආරාධනා කරනවා. ඒකට සහභාගිවෙන්න. අනික තමයි පොතේ අලවියට දේශකලගෙ පැත්තෙන් පුළුවන් සහයෝගයක් පබ්ලිසිටි එකක් දෙන්න. අයියෝ.... මං සහයෝගෙ ඉල්ලුවට පොත ගැන කිව්වෙ නැහැනේ. මං මීළඟ ලිපියෙන් එහි විස්තරයක් දාන්නම්.

      Delete
  4. හරිම සතුටුයි ...ඉස්සර අපිට හිටියා හොඳට සින්දු කියන්න පුළුවන් යාළුවො ..ඔයාට මතකද විනෝලා , අජන්තා ,සුහර්ශි ..මන් හිතුවා ඒගොල්ල නම් කවද හරි ගායිකාවෝ වෙයි කියල .
    අපේ රටේ තියෙන්නේ සිහින මරාදමන අධ්‍යාපනයක් ..

    හුඟාක කල ගිහිල්ල සිහින සැබෑ කරගන්න උත්සාහයයි වාසනාවයි තියෙන අය කලාතුරකින් හමු වෙනවා ...ඔයා එයින් එක්කෙනෙක්.

    මගේ ආදරණිය සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්ඳි. ඔයාට මතකද අපේ කලා උළෙල. එ්කේ stage drama එකට මගේ script එකේ නාට්ය තමයි කෙරැණේ. මගේ පිටපත තේරැණ වෙලාවේ යම් හැකියාවක් තියෙනවා කියලා දැනුනා.

      හැකියාව තිබුණත් උවමනාව සහ කැපවීම නැතිනම් වාසනාව දෙපතුල ගාවට එනවා හොරයි. දැන් බලන්න විනෝලා එයාට ගායිකාවක් වෙන්න හොඳටම ඉඩකඩ තිබුණත් එයාට ඒ හැකියාවෙන් ප්ර්යෝජනය ගන්න උවමනාව නැහැ.

      Delete
  5. සුභ පැතුම තරු ...අපිට ආරාධනා කරන්නේ නැද්ද? ආරාධනා නැතත් අපි එනවා දවස කියන්න .

    ReplyDelete
  6. ස්තූතියි ඉවාන්. මෙහෙමයි, මගේ කලින් පොත් දොරට වැඩීමක් කළේ නැහැ. ඒත් මේක නවකතාවක් නිසා මටත් උවමනාව තියෙනවා දොරටවැඩීමක් කරන්න. එහෙම කළොත් අනිවාර්යෙන් ඉවාන් ඇතුළු මිතුරන්ට ආරාධනා කරනවා. දන්න දන්න කට්ටියත් එක්කගෙන එන්න. ඇත්තටම ඉවාන් මේ උනන්දු කිරීම මට ධෛර්යක්.

    ReplyDelete
  7. පා.......ටියක්........... ඕනේ..............
    සුභ පැතුම් තරු ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූමෝ... බලමු බලමු. දොරට වැඩිමක් කළොත් අනිවාර්යෙන්ම ආරාධනා කරනවා.

      Delete
  8. Anonymous6/11/13

    මගෙනුත් සුබ පැතුම් ඔයාට ,, ඔය පොතෙන් නොනැවතී තව ලියන්න ශක්තිය ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි. තරැ අරණට ගොඩ වැදුණට සතුටුයි. දිගටම එන්න.

      Delete
  9. Anonymous7/11/13

    හද පතුලෙන්ම සුභ පැතුම් තරු!!!!!!!!!ජයෙන් ජයම වේවා!!!!

    ReplyDelete
  10. උදේ පාන්දරම අරැණටත් මගේ ස්තූතිය පුදකර සිටිනවා.

    ReplyDelete