Sunday, October 6, 2013

සිරිපාලගේ ඔට්ටුව


 

 
සිරිපාල අහිංසක ගැමි තරුණයෙකි. නිතර බුලත් විටෙන් මුව පුරවාගත් හෙතෙම රැකියාවක් නොකළත් මුදල් හම්බු කිරීමේ අපූරු ක්‍රමයක් සොයාගෙන තිබුණා. ඉතිං එසේ උපයාගත් මුදල් හැම සතියකම අරගෙ ගිහින් බැංකුවේ තැන්පත් කරනවලු. මේ කටයුත්ත මාසය දෙකක් පමණ කිසිම කරදරයක් නැතුව කරගෙන ගියාලු. සිරිපාල මේ විදිහට සල්ලි තැම්පත් කිරීම ගැන ඔන්න දැන් බැංතුව තුළ කසුකුසුවක් ඇතිවෙලා. සිරිපාල ඇවිත් ගියාට පස්සේ කවුරුත් ඔහු ගැන කතාවෙන්න ගත්තලු.

 
“මට නම් හිතෙන්නේ මිනිහා රෑට රෑට හොරකමේ යනවා ඇති.“

“අනේ මන්දා මිනිහ දැක්කහම නම් අහිංසක පාටයි.“

“හොරු එහෙම තමයි අහිංසක පාට් එක දාගෙන තමයි ඉන්නෙ. ඒක නෙමෙයි අපි මෙයා ගැන මැනේජර්ට කියමු“

මේ ආකාරයෙන් කතිකා කරපු කාගෙ කාගේත් අවසාන නිගමනය වූයේ මැනේජර්ට සිරිපාල ගැන පැවසීමය. ඉතිං එක්කෙනෙක් ඔන්න මැනේජර්ගාවට ගිහින් විස්තරේ ගැන කිව්ව. විස්තරේ අහගෙන හිටිය මැනේජර්,

“හරි ඊළඟ සැරේ මිනිහ ආවහම මාගාවට එවන්න.“ කියලා කිව්වා.

            ඔන්න ඊළඟ සුමානෙත් සිරිපාල ආවා සල්ලි මල්ලක් අරගෙන. කවුන්ටරය අසලට ගොස් සල්ලි තැම්පත් කරන්න හදනකොටම සෙකියුරිටිතැන ඇවිත් කිව්වා, මැනේජර් මහත්තයා කතා කරනවා කියලා. ඉතිං සිරිපාල සල්ලි මල්ලත් අරගෙන ගියා මැනේජර් මහත්තයව හමුවෙන්න.

“ආ.... ඔයාද සිරිපාල කියන්නේ.“

“එහෙමයි.“

“මේ.... හැම සුමානෙම සල්ලි දානව නේද?“

“එහෙමයි.“

“මුන්නැහේට කොහෙන්ද ඔච්චර සල්ලියක්.“

කහට ගැසුන දසන් පෙළ විරිත්තමින් සිරිපාල ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.

“මොකද ඇඹරෙන්නේ?“

“නෑ මහත්තයෝ මට ලැජ්ජයි වගේ.“

“ලැජ්ජ වෙන්න එපා අයිසේ මම විතරනේ ඉන්නේ. කියනවා, මටත් ආසයි දැන ගන්න.“

“මහත්තයෝ..... මහත්තයෝ මං ඔට්ටු අල්ලනවා.“

“ඔට්ටු අල්ලනවා.!“ මැනේජර්ගේ උපැස් යුවළ නළලේ රැදින.

“ඔව්. මං ඔට්ටු අල්ලලා ඒ හැම එකෙන්ම දිනනවා.“

“බොරු කියන්න එපා අයිසේ. තමුසෙ නීති වරෝධි වැඩ කරනවා නේද?“

“අනේ නෑ. මහත්තයට මාව විස්වාස නැත්නම් මං මහත්තය එක්කත් ඔට්ටුක් අල්ලන්නද?“

“ආ, හරි අල්ලනවා බලන්න.“

සිරිපාල ටික වෙලාවක් කල්පනා කරමින් ඔට්ටුවට සුදුසු නිමිත්තක් සොයන්නට විය.

“හරි. ඔන්න හරියටම තව දවස් හතකින් මහත්තයගෙ පස්ස පැත්ත රතු වෙනවා.“

“රතු වෙනවා..!“

ඔට්ටුව අසා මැනේජර් බඩ අල්ලාගෙන හිනාවෙන්නට විය.

“රතු වෙනවා...“ මැනේජර්ට හිනාව නවත්තගන්න බෑ.

“තමුසෙ, තමුසෙ නම් මාර විහිළුකාරයෙක් තමයි ඕයි. හරි හරි කියනවා ඔට්ටුව කීයද කියලා.“

“විසිපන්දාහයි“

“හොදයි. තමුසෙ කිව්ව වගේ මගේ පස්ස රතු වෙලා තියෙද කියන්න බෑනේ, ඒ හින්දා විසිපන්දාහ හොඳටම ඇති.“ යි මැනේජර් ඔලොක්කුවට මෙන් සිනාමුසු මුහුණෙන් පැවසීය.

“තව දෙයක් මහත්තයෝ. මං මේ කියන දේ සත්‍ය අසත්‍ය බව බලාගැනීමට මං සාක්කියට කෙනෙකුත් එක්කගෙනයි එන්නෙ.“ යි පවසමින් සිරිපාල යළි කවුන්ටරය වෙතට ගියේ තම අතේ ඇති මුදල් ටික තැම්පත් කිරීමටය. මැනේජර්ට නම්, සිද්ධවෙච්ච දේ ගැන තවමත් හිනා.

“මොනවද මිස්ටර් සිරිපාල සර් කිව්වෙ.“ කවුන්ටරයේ සිටි හිතවත් නිලධාරියා ඇසීය. එවිට වටපිට බැලූ සිරිපාල නිලධාරියාට තමා අසලට ළංවන ලෙස අතින් සන් කර සිටියේය. නිලධාරියා අසුනෙන් නැගිට සිරිපාලට නැඹුරුවෙමින් තම සවන පෑවේය.

“හරි වැඩේනෙ. මැනේජර් මහත්තයගේ පස්ස රතුවෙන්න අරගෙන කියලා, මගෙන් ඇහැව්වා හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ඉන්නවද කියලා තෙලක්වත් මතුරගන්න කියලා.“

“අනේ බොරු කියන්න එපා සිරිපාල. මොන ලෝකෙද මිනිස්සුන්ගේ පස්ස රතුවෙන්නෙ. අර සූ එකේනම් එහෙම වෙච්ච වඳුරෙක් නම් ඉන්නවා.“

“හරි, මහත්තයට මං කියනදේ විස්වාස නෑ කියලනේ කියන්නේ.“

“ඔව්. තමුසෙ මාව අන්දන්න හදනවා.“

“හොඳයි, එහෙනම් මං මහත්තයට තව දවස් හතකින් මැනේජර් මහත්තයගෙ පස්ස දැකබලාගන්න සලස්සනවා.“

“අනේ යනව අයිසේ යන්න. තමුසෙගෙ මොළේ කොලොප්පන් වේගෙන එනවද?“

මද සිනහවක් මුවගට නගාගත් සිරිපාල,

“හරි. මං කියන දේ මහත්තයට විස්වාස නැත්නම්, අපි ඔට්ටුවක් අල්ලමු.“

 
ඉන්පසු කුමක් සිදුවන්නට ඇති ද?

(මේ කතාව 60දශකයේ අගභාගයේ දී ලංකා බැංකුව තුළ ප්‍රසිද්ධ වෙච්චි කතාවක්. අහලතියෙන අයත් අැති.)

21 comments:

  1. කෝ නෙතු අද්දර ..? මැනේජර් මහත්තයා බැබුන් කෙනෙක් වගේ වෙයිනේද ඇත්තටම එහෙම වුනොත්

    ReplyDelete
    Replies
    1. අයියෝ.... සිරිපාල සල්ලි හොයාගන්න යෙදූ උපාය මොකක් වෙන්න ඇතිද කියල පොඩ්ඩක් හිතන්නකෝ....

      Delete
    2. නෙතු අද්දර මේ කෙටි කතාවෙන් පස්සෙ දානවා.

      Delete
  2. අපි බලමු ඊළඟ කොටස...

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ලියනකම් ඉන්න එපා සහන්, සිරිපාල සල්ලි හොයාගන්න යෙදූ උපාය මොකක් වෙන්න ඇතිද කියල පොඩ්ඩක් හිතල බලලා ඔයාලම ලියන්නකෝ.....

      Delete
  3. මම අහපු කතාවේ තියෙන්නේ සිරිපාල අර අනික් බැංකු මහත්තයා එක්ක ඔට්ටුවක් අල්ලනවා මම කියපු ගමන් මැනේජර් මහත්තයා කලිසම ගලවනවා කියලා. එහෙම කියලා ඔට්ටු අල්ලන්නේ රු 50,000 ක්. ඉතින් නියමිත දවසේ ගිහින් සිරිපාල ලොක්කෙක් වගේ කියනවා හරි, මැනේජර් මහත්තා ගලවන්න කලිසම් කියලා. මැනේජර් කලිසම ගලවනවා. සිරිපාල බැංකු මහත්තයගෙන් රු 50,000 ක් දිනලා 25,000 ක් ගෙවනවා මැනේජර්ට, පස්ස පැත්ත රතුවෙනවා කිව්ව ඔට්ටුවෙන් පරාද නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් උත්තරේ ඒ වගේ එකක් තමා මටත් මතක විදියට..

      Delete
    2. ඔව් සාර්ථක උත්සහයක් විචාරක. ස්තූතියි පැමිණියට

      Delete
  4. හරි එන්නකෝ බලන්න පස්ස පැත්ත අරන්... මරු ඈ

    ReplyDelete
    Replies
    1. උත්තරේ හොයන්න සෑහෙන්න උනන්දුවෙලා තියෙනවා.

      Delete
  5. මම අහල තිබුනෙ මැනගෙ කලිසම ගලවනව කියල තව කෙනෙක් එක්ක ඔට්ටු අල්ලනව කියල.

    ReplyDelete
    Replies
    1. කතාව අසා ඇති හැඩයි. අයියටත් ස්තූතියි තරැ අරණට ගොඩ උනාට

      Delete
  6. අහල නෑනේ මෙහෙම කතාවක්.. ඊළග එක ඉක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. කතාව දැන් කියැවිලා තියෙන්නේ දිනේෂ්. ස්තූතියි!

      Delete
  7. කතාව අසා ඇත. වෙනසක් තිබ්බ ටක් නම් හොදයි. ඒත් නෙතු අද්දර ඉක්මනින්ම දාන්න

    ReplyDelete
    Replies
    1. නෙතු අද්දර ඒනවා

      Delete
  8. විචාරක උත්තරේ දාලානෙ. ඒක තමා හරි උත්තරේ. මැනේජර්ටත් පාඩුවක් නෑ පස්ස පෙන්නලා 25000ක් ගන්නවා ;-)

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. හි.. හි.. හරියට හරි. දැන් හැමෝම කතාව දන්නවනේ. ස්තූතියි චතුරංග මෙහි පැමිණියාට.

      Delete
    2. නරකද ඔය කවුරැ හරි මේ ජොබ් එකට බැස්සනම්. ෙද්ශක මොකද කියන්නේ....?

      Delete
  9. ලංකා බ්ලොග් කියවනයේ නව සින්ඩිය. හැකිනම් පිවිසෙන්න.
    http://lankabloggers.com/friendly.php

    ReplyDelete
    Replies
    1. නව සින්ඩියට මාරැ කළා.

      Delete