Thursday, May 23, 2013

මගුල් කෑම සහ කන්නදීම


ඔන්න අපි ඊයේ රාත්‍රියේ මංගල උත්සවයකට සහභාගි උනා. ඇත්තටම ඒක මංගල්යපයේ දෙවෙනි ගමනෙ උත්සවේ. උත්සවේ පැවතියේ කළුතර පාළමට ආසන්නයේ පිහිටි හෝටලයක. එහි එක පැත්තක් මුහුණලා තිබුණේ කළු ගඟට. ගඟට ඉහළින් බැලූ විට කළුතර චෛත්ය හරි අපූරැවට පේනවා.

අපි එහාට යන විට රාත්‍රී 7.30 ට පමණ ඇති. ජෝඩුව නම් ඇවිත් හිටියා. ශාලාව ඇතුලෙයි, ශාලාව පිටයි පුටු මේස තියලා තිබුණ. ශාලාවට ඇතුලු උන ගමන්ම ඇසුන කන් අඩි පැලෙන ඝෝෂාකාරී සංගීතයෙන් මිදීමට අපි එළියෙ තිබූ මේසයක් තෝරා ගත්තා. ඇත්තටම කළු ගං දිය සිපගෙන එන මදනළ අ‍පිට ගෙන දුන්නේ සනීපයකි. අපි ඉතිං පරිසරයේ අසිරිය විඳිමින් දන්න කියන අය සමග සතුටු සාමීචියේ යෙදෙමින් හිටියා. දන්නවනේ කට්ටිය එකතු උනහම වටා පිටාවෙ වෙන දේවල් ගැන එතරම් කල්පනාවක් නෑ කියලා. ඔහොම ඉන්න අතරේ මල් වෙඩි සංදර්ශනයක් ආරම්භ කළා වගේ සූ.... ගාගෙන සද්දක් ඇහිච්චි. අපි කාගෙත් අවධානය ඒ වෙත යොමු වූයේ නිරායාසයෙන්. කිව්වත් වගේම ඉලන්දාරි සැට් එකක් එකතු වෙලා මහා මල් වෙඩිල්ලක් පත්තු කරලා. 

 

අපි ඉඳගෙන සිටි ආසන්නයේම. එය මල් වෙඩි හතර වටේට පතුරවමින් ඉහළට ඉහළට ඇදෙන්න ගත්ත. ඒ මදිවට ඉන් නැගි මහා දුම සුළඟත් සමග මුසුවී ඇදී ගියේ ශාලාව තුළට. මුළු පරිසරයම ‍වෙඩි බෙහෙත් ගඳින් සහ දුමෙන් අපවිත්රර වෙලා. එච්චර හරියක් වෙලත් මුන්ට මොළේ නැති කමට තවත් එකක් ඒ ළඟින්ම නැවතත් පත්තු කරේ නැද්ද. එය පෙර එකට වඩා දරැණු විය. ඒ අවට හිටිය අපි හැමෝටම ඉන් දැනුන රස්නෙ දරාගන්න බැරිතරමට. අපේ ඇස්, මුහුණ දැවිල්ල ගන්න වූ අතර අපේ ඇඳුම්, සිරැරැ, කොණ්ඩ තුළට වෙඩි බෙහෙත් ගඳ කා වැඳී තිබුණි. ජීවිතේට කිසිම උත්සවයක එවන් අප්‍රසන්න අත්දැකීමක් නම් ලැබී තිබුණේ නෑ. උත්සවයක් නිසා අපහසුතාවයට පත් වූ කවුරැ කවුරැත් ඉවසාගෙන සිටියා. උත්සවයට පැමිණි අමුත්තන්ට ලැබුණ එක්තරා සංග්‍රහයක් තමයි මේකත්.

දැන් බලමු මොකද්ද මේ මගුල් කෑම කියලා. මේ කෑමත් ජීවිතේට කිසිම දවසක දැක නොතිබූ කෑමකි. ඇත්තටම නිකන් කෑමක් නෙමෙයි, ඇදගෙන කෑමකි.

ඔන්න චාරිත්රාමනුකූලව කෑමට ආරාධනා කරනු වස් වතුර වීදුරැව ඇල්ලුවාට පසු අපිත් කෑම පෝළිමට එකතු උනා. බෙදාගත් කෑම පිඟාන ද අතැතිව ශාලාව තුළ ඇති මේසයක් අසල ඉඳගෙන සප්පායම් වෙන්නට ගත්තා. ටිකක් වෙලා යනකොට හැන්දක් බිම වැටෙන ශබ්දයක් සමග මෙකද්දෝ මගේ කකුලේ වදිනවා වගේ දැනුනා. පස්ස හැරිල බැලින්නම් තමයි ‘සීන්’ එක දැක්කේ. පිටුපස මෙසේ ළඟ වාඩිවෙලා කකා හිටිය මනුස්සයෙක් බිම වැටිල දොයි. ඒ මිනිහගේ මූණ දැක්කම කන්නත් එපා උනා. කටේ පැත්තකින් කෙළ බේරෙනවා. කට්ට කළු, අලි බඩගෙඩියක් තියෙන මහත පොරක්. පස්සේ වේටර් කොල්ලෝ දෙන්නෙක් ඇවිත් උස්සන්න ‍ෆුල් ට්‍රයි එකක් දුන්නත් මිනිහව නෙවෙයි උස්සගන්න පුළුවන් උනේ. යන්තම් බිම වාඩි කරවලා පුටුවකට හේත්තු කරල ගියා. බැලින්නම් රතු කට්ට නෙමෙයි තියෙන කටු ඔක්කෝම පනින්න බීලා.... මිනිහගේ නියම තත්ත්වය දන්න නිසා අමුත්තෝ කවුරැත් උදව්වට ආවෙත් නෑ. ආ... මං කලින් කිව්වේ මොකද්ද මගේ කකුලෙත් වදිනවා දැනුන කියල. ඒ මිනිහගේ බත් පිඟානේ තිබුණ කුකුල් මස් කෑල්ලක්. මස් කෑලියි, අල කෑලියි බත් පිගානේන් බාගයක්මයි බිමයි, පුටු උඩයි. හතර වටේම වැනසිලා. විනාඩි දහයක් විතර ඒහෙම ඉන්න ඇරලා අයෙත් වේටර් ඉලන්දාරින් සහ තව කිහිප දෙනෙකුයි එකතුවෙලා මිනිහව අමාරැවෙන් උස්සගෙන එළියට ඇදගෙන ගියා. මං හිතුව කළු ග‍නඟේ ඔබලවත් ගන්න යනවද කියලා.

ඉහත සිදුවීම් දෙක එකිනෙකට වෙනස් සිද්ධීන් දෙකක් වුවද යම් සමානකමක් තිබේ. කුමක් ද ඒ? එනම් පැමිණ සිටි අමුත්තන් අපහසුතාවයට පත්වීම යි.

අපේ සමාජයේ මේ වගේ පව්කාරයෝ කොතෙක් නම් සිටියි ද? මුන් යන යන තැන ගඳ ගස්සනවා. සිහිය විකල් වෙනකම් බිව්වහම ඒ අයම දන්නෙ නැහැ මොනවද කරන්නෙ, මොනවද කියන්නෙ කියලා. අහළ පහළ මිනිස්සුනිගේ රැවුම් ගෙරවුම් - උසුළු විසුළු වලට ලක්වෙනව කියල හිතන්නේ නෑ. මට පොඩි කතාවක් මතක් උනා ඒකත් මේගමන්ම කියල ඉන්නම්කෝ.

“බීමට ප්‍රිය රසක් නැති, සමහරැ බොන්නෙ මූණු ඇඹුල් කරගෙන. සිරැරට අහිත කර මේ ජරාව මිනිස්සු මොකට බොනවද කියල නම් හිතාගන්න බෑ.” දවසක් අපේ පන්සලේ නායක හාමුදුරැවෝ ඔය කතාව කියල කියනවා.... අපේ පිරිමි හිතනවා... පිරිමිකම පේන්නෙ බිව්වහම කියල. පිරිමියෙක් උනහම පොඩි ඩ්රිින්ක් එකක් දාන්නෙ නැත්නම් ඌ පිරිමියෙක් නෙමෙයි කියලා හිතනවා. දැන් ඒ ඇත්තෝ බොන්න අවස්ථා නිර්මාණය කරගන්නවා. උත්සවයකදි එහෙම නැතිනම් විනෝද චාරිකාවකදී බොනවා සතුටට කියලා, මළ ගේකදී බොනවා දුකට කියලා. සිකුරාදට සෙට් වෙනවලු friendship එක තියාගන්න කියලා. ඔය විදිහට මේ මිනිස්සුන්ට වැසිකිළියට ගිහින් ඒ කටයුත්ත කරන්නත් ෂොට් එකක් ගහන්න වෙයි කියලා. වෙන මොකුත් නෙමෙයි පෞර්ෂ්්‍ය දුර්වලකම. බොන්නෙ නැති මිනිහෙකුට බේබද්දෝ දාහක් මැද්දෙ උනත් නොබී ඉන්න පුළුවන් කියලා ආත්ම ශකිතායක් හොඳ පෞර්ෂ්‍යක් තියෙනවා. ආ...න් නියම පිරිමි, කියල නියම දේශනයක් දුන්නා. ඒක අහපු බොන කෙනෙක් නම් ආයි බොනව බොරැ. හැබැයි අවාසනාවක මහත ඒ බණ අහන්න හිටිය වැඩි දෙනෙක් ගෑනු. ඒකටත් හාමුදුරැවෝ හොඳ දේශනාවක් කරා. ඒක පසුව ලියන්නම්.

මේ ගැන ඔබේ සිතට නැගෙන අදහසත් කියල යන්න අමතක කරන්න එපා.

6 comments:

  1. Anonymous23/5/13

    අපූරැවට නෙවෙයි අපූරුවට, චෛත්ය නෙවෙයි චෛත්‍යය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඩුව පෙන්නලා දුන්නට. මට තවම හොයාගන්න බැරි උනා 'ru' ලියන හැටි. සමහර වෙලාවට හිත මිතුරැ බ්ලොග් එකකින් copy - paste කරනවා. චෛත්‍යයට උනෙත් ඒ හා සමාන අකරතැබ්බයක්.

      Delete
  2. Anonymous23/5/13

    දැක්කත් අප්‍රසන්නයි ඔහොම මිනිස්සු නම්.

    ReplyDelete
    Replies
    1. එයාල බිව්වහම හැසිරෙන පහත් තත්ත්වය ගැන නොදැකීම මහත් ඛේදවාචකයක්.

      Delete
  3. ඔය වගේ නරුමයින් නම් තැනකට වැද්ද ගන්න ඕනම නැහැ .

    ReplyDelete
    Replies
    1. අහ්... කාලෙකින් මේ පැත්තටත් ඇවිත් තියෙන්නෙ. ඒක නම් ඇත්ත බින්දි. එයාලා බිව්වහම හැසිරෙන විදිහ වීඩියෝ කරල පෙන්නුවත් ලැජ්ජාවට නම් පත්වෙන්නේ නැතිවෙයි.

      Delete