Friday, April 26, 2013


මොඩ් නයා

අපි දන්නවනේ ‘නයා දානවා‘ කියල කිව්වම මොකක් ගැනද කියන්නේ කියලා. මට මතකයි අපේ සිංහල පොතකත් මේ නයා ගැන කතාවක් තිබුණා. ඒ කතාව ඒ කාලෙට ඔබින කතාවක් නේ. දැන් මං කියන්න යන්නේ මේ කාලෙට ඔබින කතාවක්.

ඔන්න මේකේ ඉන්නවා චරිත හතරක්. ප්‍රධාන චරිතවන සතිෂ් සහ ෂෙරිල් මහත්තයයි නෝනයි. ඔන්න දවසක් එයාලගේ ගෙදරට සර්පයෙක් ඇවිල්ලා... ගෙදර එකම යුද්දයක්. මේ දෙන්නගේ ගාලගෝට්ටිය ඇහුණ අල්ලපු ගෙදර ඉන්න සිරිසේන මහත්තයයි එයාගේ නෝනා නිමලාවතියි දුවගෙන ආවා.

පළමු ජවනිකාව

සිරිසේන  :  සතිෂ් මහත්තයා... සතිෂ් මහත්තයා....

මේ විදිහට කීප සැරයක් සතිෂ්ලගේ ගේ දොරකොඩ ඉඳන් කතා කරාට පස්සේ සතිෂුයි එයාගේ නෝනා ෂෙරිලුයි ඉහින් කනින් දාඩිය දාගෙන ඉස්සරහට ආවා.

සිරිසේන  :  ගෙදර කලබලයක් ඇහුන නිසා මොකද කියලා බලන්න ආවේ.

නිමලාවතී  : අනේ ඔව්. එහාටත් සද්දෙ ඇහුනා.

අහල පහල කාට හරි කරදරයක් උනොත් ඒ ගැන සොයා බැලීම ලාංකික අපේ පුරැද්දනේ. ඉතිං සිරිසේනටයි නිමලාවතීටයි කරැණු කාරණා පැහැදිලි කරල දෙන්න සතිෂ් සහ ෂෙරිල් ඉදිරිපත් උනා.

දෙවෙනි ජවනිකාව

ෂෙරිල්  :  හරි වැඩේනේ මිසිස් නිමලා... අපේ ගෙදෙට්ට නයෙක් ආවනේ.... Oh…. God…. අපි හොඳටම බය උනා.

නිමලාවතී  :  (දෑස් විශාල කරගෙන) ගේ ඇතුලටම ආවද?

ෂෙරිල්  :  ඇතුලටත් ආවද අහනවා. අම්මෝ ඒ scene එක මතක්වෙන කොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.

තුන්වෙනි ජවනිකාව

සිරිසේන  :  ලොකු එකෙක්ද මහත්තයා.?

සතිෂ්  :  ලොකු ද කියලත් අහනවා. ඉන්න මං කතාව තියන්න. ඔන්න මම wifi එක දාලා  ලැප් එක ඕන් කරා..... උදේන්ම share market එක බලන්න කියලා. ඒක desktop screen එකට එනකම්, හොංකොංවල ඉඳල ඇවිත් මේ දවස්වල kingsbury hotel එකේ නැවතිලා ඉන්න මගේ client ට කතා කරන්න හිතාගෙන black berry එක අතට ගත්ත විත-ර-යි.... මිස්ටර් සිරි.... ෂෙරිල් විලාප දෙන්න ගත්තෙ නැද්ද, මෙන්න නයේක්, මෙන්න නයේක් කියලා....

හතරවෙනි ජවනිකාව

ෂෙරිල්    :  අනේ ඔව්.... අපේ daughter යි son-in-law යි ඒයාලගේ friends ල කට්ටියක් ඒක්කලා ඊයේ හවස cinnamon grand එකේ  high-tea එකට ගිහින් ආවනේ. ඉතිං දුව ඒයාගේ over coat ඒක කාර් එකේ දාල, ගන්න අමතක උනා කියල මට කිව්ව ගන්න කියලා. මං කාර් ඒක ගාවට ගියා. ඒකෙ ටයර් ඒක ළඟ මෙන්න කළුපාට ලණුවක් කලබලෙන් ඇදිලා ගියා. මාත් ගියා මොකද්ද කියල බලන්න. ඌ ඒ පාර සන්ගේ ලැම්බොගිනි ඒක යටට රිංගුවා. මං දැනගත්තා නයෙක් කියලා කෑ ගැහැව්වා. ඌ තවත් බය වෙලා ගෙ ඇතුලට රිංග ගත්තානේ...

නිමලාවතී  :  මගෙ අම්මෝ... කෝ දැන් නයා...

ෂෙරිල්  :  මං කෑගහනකොට ඌ නැග්ගනේ අපි අලුතෙන්ම ගත්ත අඟල් පනස්පහේ 3D  ටී වී එක උඩට. නයා ඒකේ උඩ එහාට මෙහාට යනවා හැංගෙන්න තැනක් හොය හොයා. අපි හොඳටම බය වෙලා හිටියේ ටී වී එක බිම දාවිද කියලා. අපේ son-in-law ගිය වීක් එකේ එබ්‍රෝඩ් ඉඳල එද්දි duty free එකෙන් ඔය ටී වී එක අරං තියෙන්නේ.

නිමලාවතී  :  ඉතිං නයා බිමට බැස්සෙ නැද්ද?

ෂෙරිල්  :  බැස්ස බැස්ස අපේ කෑ ගැහිල්ලට බය වෙලා. ඊට බස්සේ ඌ ඇදිල ගියානේ අපේ double door fridge එක යටට.

සතිෂ්  :  නයා තාමත් fridge එක යට මිස්ටර් සිරිසේන.

සිරිසේන :  මහත්තයා, මට කොස්සක් දෙනවද?

ෂෙරිල් විගසින් මුළුතැන්ගෙට ගොස් කොස්සක් ගෙනාවා.

ෂෙරිල්  :  මෙන්න මිස්ටර් සිරිසේන.

කොස්ස අතට ගත්,

සිරිසේන  :  කට්ටිය පොඩ්ඩක් ඈතට උනානම්....

දෙකට නැවුන සිරිසේන කොස්ස ශීතකරණය යටට දමන්නට විය. ටික වෙලාවක් හතර වටේට වනද්දී ෂෙරිල් එකපාරට  “මේන්න නයා මෙතන.....!“  කියලා කෑ ගහන්නට විය. කොස්සත් මානගෙන එතැනට ගිය,

සිරිසේන   :  අයියෝ... නෝනා මේ ගැරඬියෙක්නේ..... ඌ හරිම අහිංසක සතෙක්. ඉන්න මං එළියට යවන්නම් කවුරැත් කෑනොගහ කලබල නොකර ඉන්න.


 (ජයාරෑප ගූගල්  වෙතින්)


 

ඔබේ හිතටත් අදහසක් ආවනම් තියල යන්න අමතක කරන්න එපා.

 

 

16 comments:

  1. ඔන්න මට ආපු අදහස තමයි නයා ඇරිල්ල ගැරඬියාගෙනුත් කරන්න පුළුවන් කියන එක.

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන...

      Delete
  2. නයි නේ??

    ReplyDelete
    Replies
    1. කාලයේ තාලෙට නයත් මාරැවෙනවාලු.

      Delete
  3. Replies
    1. නෑ නෑ දැන් කියන්න වෙන්නේ rattle snake bites කියලා.

      Delete
  4. නයා ඇවිද්දෙව්වා මදි, තව ඇවිද්දවන්න තිබ්බ නේද

    ReplyDelete
    Replies
    1. මේ පැත්තටත් ආව එකට අයියට මුලින්ම ස්තූති කරනවා. කිව්වත් වගේ දැන්නම් හිතෙනවා පෝස්ට් එක තව දික්කරානම් හොඳයි කියලා.

      Delete
  5. පෝස්ට් එකට ටයිටල් එකක් දැම්මා නම් වටිනවා සහෝ.
    මේ කතාව මම අහලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට නමක් දාලනේ මල්ලි තියෙන්නේ ‘මොඩ් නයා‘ කියලා. ඔයා මේකේ old version එක වෙන්නැති කලින් කියවන්න ඇත්තේ.

      Delete
  6. කලින් වර්ශන් එකට වඩා මේක පට්ටනේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පූමෝ...

      Delete
  7. Anonymous28/4/13

    මරු ඈ... :)

    ReplyDelete
    Replies
    1. චන්දනටත් ගොඩක් ස්තූතියි...!

      Delete
  8. මෙන්න නයා... මෙන්න පෙනේ............

    ReplyDelete
  9. දැන් ඉන්න නයින්ගේ පෙනේ නොපෙනේ. මොකද උන්ට පෙනේ වෙනුවට පිහිටලා තියෙන්නේ කකුල්. ස්තූතියි මලයෝ ඇවිත් ගියාට.

    ReplyDelete